කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව “ගෙවුණු දවස”.
පුහුණු තරගය ජය පරාජයෙන් තොරයි

කෙසේ වෙතත් තරගය පුරාවට සාපේක්ෂව වැඩි දක්ෂතා දැකගන්නට ලැබුණේ සත්කාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායමෙන් බව තරගය නැරඹූ ඕනෑම කෙනෙකු පිළිගන්නා සත්‍යයකි. ඕස්ට්‍රේලියානු සංචාරයේ මුල් ජාත්‍යන්තර තරගය දිවා රාත්‍රී ටෙස්ට් තරගයක් ලෙස පැවැත්වෙන බැවින් මෙම පුහුණු තරගය ද ක්‍රියාත්මක වූයේ රෝස පැහැ පන්දුව යොදාගෙන බෙලරිව් ඕවල් ක්‍රීඩාංගණයේ ඇති ආලෝක ධාරා මධ්‍යයේයි.
සම්පූර්ණ වාර්තාව: ශ්‍රී ලංකා පිතිපෙළ හොලන්ඩ්ගේ දඟපන්දුවට බිලිවෙයි; තිරිමාන්න බේරෙයි
අයර්ලන්තය හමුවේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට

කාසියේ වාසිය දිනූ අයර්ලන්ත නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තම ඉනිමට ලකුණු 365ක් එක් කර ගත්තේ කඩුලු 5ක් පමණක් දැවී යමින්. ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි සංචාරක ක්‍රීඩකයන්ට සියලුම දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 305ක් පමණි.
සම්පූර්ණ වාර්තාව: අවිශ්ක සහ මිලින්දගේ ශතක ශ්‍රී ලංකාවට වාසියක් වේ
සචිත්‍රගෙන් ද්විත්ව ශතකයක්

මේ අතර මෙම තරගාවලියේ ඊයේ දිනයේ පමණක් ශතක 3ක් වාර්තා වීම කැපී පෙණුනි. එහි දී මේරියන්ස් ක්‍රිකට් සමාජයේ යසෝද ලංකා, ටැමිල් යූනියන් කණ්ඩායමේ රමිත් රඹුක්වැල්ල සහ එන්. සී. සී. කණ්ඩායමේ මාලිංග අමරසිංහ ශතකලාභීන් වූහ.
පන්දු යැවීමේ දී සැරසන්ස් කණ්ඩායමේ හරීන් වීරසිංහ සුවිශේෂී දක්ෂතා දැක්වීමට සමත් විය.
සම්පූර්ණ වාර්තාව: සචිත්‍ර සේරසිංහත් ද්විත්ව ශතක ලැයිස්තුවට
මහනුවර, හැව්ලොක්, යුද හමුදාව ජයග්‍රාහීව ඉදිරියට

ප්‍රබල CR&FC කණ්ඩායම සහ හැව්ලොක් අතර තරගය ඊයේ හැව්ලොක් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු අතර 31-24ක් ලෙස හැව්ලොක් කණ්ඩායම ජයග්‍රහණය කළේ CR ක්‍රීඩකයෝ තවතවත් අසරණ කරමිනි.
ඊයේ පැවති අවසන් තරගය වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණේ යුද හමුදාව සහ නාවික හමුදාව අතරයි. තියුණු තරගයකින් පසුව ලකුණු දෙකක තියුණු ජයක් වාර්තා කරන්නට යුද හමුදා ක්‍රීඩකයින් සමත් විය.






















