සඳරුගේ දඟ කැවීමෙන් ධර්මපාල විද්‍යාලය අතරමං වෙයි

276

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ දෙදින පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් උණුසුම්කාරී තරග තුනක් අද (15) දින ක්‍රියාත්මක වූ අතර ඒ අතුරින් පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය හා කොළඹ තර්ස්ටන් විද්‍යාලය අතර පැවැත් වූ තරගයේ දී කඩුලු 5කින් ධර්මපාල විද්‍යාලය පරාජය කිරීමට තර්ස්ටන් ක්‍රීඩකයින් සමත් වුනා.

ධර්මපාල දඟයෝ තර්ස්ටන් මට්ටු කරයි ද?

සිංගර් ශ්‍රී ලංකා ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට්….

කොළඹ තර්ස්ටන් විද්‍යාලය හා පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය

තරගයේ ඊයේ (14) දිනය අවසන් වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි තර්ස්ටන් විද්‍යාලය කඩුලු 7ක් දැවී ලකුණු 85ක් ලබාගෙන සිටියේ ධර්මපාල විද්‍යාලයේ පළමු ඉනිමට වඩා ලකුණු 72ක් පසුපසින් සිටිමින් ඉතාමත් අසීරු තත්වයකට මුහුණ දෙමිනි. කෙසේ නමුත් එක් හයේ පහරක් සහ හතරේ පහර 4ක් සමඟින් ලකුණු 48ක් ලබා ගැනීමට රනේෂ් සිල්වා සමත් වූයේ ලකුණු 182ක් දක්වා තම විද්‍යාලයීය පළමු ඉනිම ඔසවා තබමිනි. ඊට අමතරව අයෙෂ් හර්ෂණ හා සඳරු ඩයස් පිළිවෙළින් ලකුණු 40ක් හා ලකුණු 35 බැඟින් රැස්කරගත්තේය.

ලකුණු 25ක පළමු ඉනිමේ අවාසියක් සහිතව පිටියට පැමිණි ධර්මපාල විද්‍යාලයීය කණ්ඩායමේ දුලාජ් එගොඩගේ හා තරිඳු සඳරුවන් විසින් ලකුණු 22 බැඟින් රැස්කර ලකුණු 131ක් දක්වා සිය දෙවන ඉනිම ගොඩනගා තර්ස්ටන් විද්‍යාලයට ඔවුන්ගේ ජයග්‍රහණය සඳහා ලකුණු 106ක ඉලක්කයක් ලබාදුන් අතර ඉතාමත් දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් තරගය පුරාවට ධර්මපාල පිළේ කඩුලු 11ක් දවාගැනීමට වමතින් දඟපන්දු යවන සඳරු ඩයස් සමත් විය.

අවසානයේ වමත් පිතිකරු සනුත් නන්දිනු ලබාගත් වේගවත් ලකුණු 49 සවියෙන් පන්දුවාර 19කුත් පන්දු 3ක් අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී සිය නියමිත ඉලක්කය සම්පුර්ණ කරගනිමින් ධර්මපාල විද්‍යාලය පරාජයට පත්කිරීමට තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රීඩකයින්ට හැකි විය.

ධර්මපාල විද්‍යාල පළමු ඉනිම: 157 (51) – මලිත් සඳකැලුම් 54, විහඟ ගුණරත්න 21, ලක්ෂිත පූරසිංහ 21, සඳරු ඩයස් 6/43.

තර්ස්ටන් විද්‍යාල පළමු ඉනිම: 182 (73.4) – රනේෂ් සිල්වා 48, අයෙෂ් හර්ෂණ 40, සඳරු ඩයස් 35, ඩිල්ශාන් ද සිල්වා 4/40.

ධර්මපාල විද්‍යාල දෙවන ඉනිම: 131 (42) – දුලාජ් එගොඩගේ 22, තරිඳු සඳරුවන් 22, සඳරු ඩයස් 5/34, ශාලක බණ්ඩාර 2/22.

තර්ස්ටන් විද්‍යාල දෙවන ඉනිම: 107/5 (19.3) – සනුත් නන්දිනු 49.

බංග්ලාදේශ – සිම්බාබ්වේ සංග්‍රාමයේ ක්‍රීඩකයෝ එකට එක කරති

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර ඩකාහි ශ්රේ බංග්ලා ක්‍රීඩාංගණයේ දී අද (15) නිමා වූ දෙවැනි ටෙස්ට්…


කෑගල්ල සාන්ත මරියා විද්‍යාලය හා කොළඹ මහානාම විද්‍යාලය

රත්මලාන ඉරිගේෂන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද (15) දින ආරම්භ වූ මෙම C කාණ්ඩයේ තරගයේ දී අසීරු දිනයක් නිමා කිරීමට සංචාරක කෑගලු ක්‍රීඩකයන්ට සිදු විය.

කාසියේ වාසිය දිනූ මහානාම ක්‍රීඩකයින් පළමුවෙන් පන්දුවට පහර දීමට සංචාරක සාන්ත මරියා ක්‍රීඩකයින්ට ආරාධනා කළ අතර ඔවුන්ට රැස්කරගත හැකි වූයේ සියල්ලන්ම දැවී ලකුණු 103ක් පමණි. ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි සත්කාරක මහානාම කණ්ඩායම දිනය අවසන් වන විට කිසිවෙකුත් නොදැවී ලකුණු 169ක් ලබා ඉතා ප්‍රබල තැනක පසුවෙයි.

සාන්ත මරියා ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ පසන් වලිසිංහ සිය විද්‍යාලයේ පිතිකරුවන් අසරණ තත්වයකට මුහුණ පා සිටිය දී ලකුණු 35ක් ලබා ගනිමින් ඉතාමත් හොඳ පිතිකරණයක නිරත විය. පන්දු යැවීමේ දී මහානාම විද්‍යාලයේ දඟපන්දු යවන ක්‍රීඩක අසේල පෙරේරා ලකුණු 12ක් තුළ දී සාන්ත මරියා විද්‍යාලයේ පිත්කරුවන් තිදෙනෙක් දවා ගැනීමට සමත් විය.

පිළිතුරු ඉනිමේ දී මහානාම විද්‍යාලයේ ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පැමිණි පවන්ත වීරසිංහ ශතකයක් ද විනුක රූපසිංහ ලකුණු 53ක් ද ලබා ගනිමින් නොදැවී පිටියේ රැඳී සිටින අතර තරගයේ පළමු දිනය තුළම පළමු ඉනිමේ ජයක් ලබාගැනීමට මහානම විද්‍යාලය සමත් වීම කැපී පෙනුණි.

සාන්ත මරියා විද්‍යාල පළමු ඉනිම: 103 (39.5) – පසන් වලිසිංහ 35, අසේල පෙරේරා 3/12.

මහානාම විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ): 169/0 (53) – පවන්ත වීරසිංහ 100*, විනුක රූපසිංහ 53*.

දිමුත්, ධනංජය ගොඩ නැගූ ඉනිම රොෂේන් සතුටින් අවසන් කරයි

එංගලන්ත පන්දු යවන්නන්ගේ තේජස හමුවේ අසරණ වෙමින් සිටි ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ ගැලවුම්කරු වූ රොෂේන් සිල්වා පසුපෙළ…


මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය හා මහනුවර සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය

කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය පිටියේ දී පැවති මෙම තරගයේ පළමු දිනය අවසානයේ දී මාරිස් ස්ටෙල්ලා ක්‍රීඩකයින් පළමු ඉනිම වෙනුවෙන් රැස් කළ ලකුණු 172ට පිළිතුරු වශයෙන් සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලයීය පිළ කඩුලු 5ක් දැවී ලකුණු 55ක් ලබා සිටියේය.

කාසියේ වාසිය දිනා ගත් සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලයේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි මාරිස් ස්ටෙල්ලා කණ්ඩායමේ කෙවින් පෙරේරා ලකුණු 51ක් ලබා සිය අර්ධ ශතකය සම්පුර්ණ කරගනිමින් ඔවුන්ගේ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් විය. චතුර අනුරාධ සහ පසිඳු උෂෙට්ටි යන ක්‍රීඩකයින් දෙදෙනාම ලකුණු 25 බැඟින් ලබා ගනිමින් සිය ලකුණු පුවරුව ශක්තිමත් කළේය. මෙහි දී කෙවින්ගේ ඉනිමට හතරේ පහර 4ක් සමඟින් හයේ පහරක් ඇතුළත් විය.

සිය පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය තරගයේ පළමු දිනය වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට අපොහොසත් වූයේ මුල් පෙළ පිතිකරුවන්ගේ දියාරු පිතිකරණ රටාව නිසාවෙනි. මෙම තරගය A කාණ්ඩයේ තරගයක් ලෙස පැවැත්වෙයි.

මාරිස් ස්ටෙල්ලා විද්‍යාල පළමු ඉනිම: 172 (50.5) – කෙවින් පෙරේරා 51, චතුර අනුරාධ 25, පසිඳු උෂෙට්ටි 25*, නවීන් ප්‍රනාන්දු 24, පසන් හෙට්ටිආරච්චි 4/42.

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ): 55/5 (24)

මේ අතරින් පළමු දිනයට ක්‍රියාත්මක වූ තරග සියල්ලම හෙට (16) දෙවන දිනයටත් ක්‍රියාත්මක වෙනු ඇත.