දිමුත්, ධනංජය ගොඩ නැගූ ඉනිම රොෂේන් සතුටින් අවසන් කරයි

1513

එංගලන්ත පන්දු යවන්නන්ගේ තේජස හමුවේ අසරණ වෙමින් සිටි ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ ගැලවුම්කරු වූ රොෂේන් සිල්වා පසුපෙළ පිතිකරුවන් ද ඔසවා ගෙන යමින් ශ්‍රී ලංකාව, එංගලන්ත පළමු ඉනිමට රැස් කළ ලකුණු ප්‍රමාණයට වඩා ඉහළින් තැබීමට අද (15) සමත් විය. ඉනිමේ ආරම්භක කඩුලුවල දී දිමුත් කරුණාරත්න සහ ධනංජය ද සිල්වා ද අර්ධ ශතක ලබා ගනිමින් මෙම සත්කාරයට දායක විය.

ශ්‍රී ලංකාව හමුවේ අඩපණ වූ එංගලන්ත ඉනිමට සෑම් පණ පොවයි

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ආරම්භය සනිටුහන් කරමින් සුරංග ලක්මාල් සහ ජෝ රූට් එක්ව අද (14) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය මැද…

තරගයේ තේ විවේකයෙන් අනතුරුව පෙර ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත ඉනිමට ප්‍රසාද ලකුණු 5ක් පරිත්‍යාග කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ නිර්ලෝභී වීම සුවිශේෂී විය. ඒ රොෂේන් සිල්වා හිතාමතාම පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා ගැනීම වෙනුවෙන් පන්දු යවන අන්තයේ සීමා ඉර ස්පර්ශ නොකර දෙවැනි ලකුණකට පැමිණි නිසා ය. ඒ අනුව එතෙක් ලකුණු 285ක්ව තිබූ එංගලන්ත ඉනිම ලකුණු 290ක් දක්වා ඉහළ ගියේය. කෙසේ වෙතත් රොෂේන් සිල්වා ගේම දක්ෂතා හේතුවෙන් ශ්‍රී ලංකාව තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 336ක් ලබා ගත්හ.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට රැස්ව සිටි වැඩි හරියක් වූ එංගලන්ත ප්‍රේක්ෂකයන්ගේ අපේක්ෂාවන් බිඳ දැමූ රොෂේන් සිල්වා පන්දු 173කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 85ක් ලබා ගත්තේ ය. එය ඔහුගේ ටෙස්ට් තරග දිවියේ සිව්වැනි අර්ධ ශතකයයි.

පෙර දිනයේ තරගය නතර කරන විට ශ්‍රී ලංකාව කඩුල්ලක් දැවී ලකුණු 26ක් වූ අතර ඒ වෙද්දී පිටියේ නොදැවී රැඳී සිටියේ දිමුත් කරුණාරත්න (19*) සහ මාලින්ද පුෂ්පකුමාර (01*) ය. ඔවුන් දෙදෙනා අතරින් දිනයේ පළමුවෙන්ම කඩුල්ල පූජා කළේ සැදෑ ආරක්ෂකයා ලෙසින් පෙර දිනයේ පිටියට පිවිසි මාලින්ද පුෂ්පකුමාර ය. ඔහු ලකුණු 4ක් ලබා සිටිය දී මොයීන් අලිගේ පන්දුවකට රෝරි බර්න්ස් අතට උඩ පන්දුවක් දෙමින් දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව 31ක් නතර වී තිබුණි.

ශෂිකලා වීරයා වෙමින් බංගලි ක්‍රීඩිකාවන් අසරණ කරයි

ICC ලෝක කුසලාන විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරගාවලියේ අද (15) සාන්ත ලුසියා හී ඩැරන් සමී ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වූ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර A කාණ්ඩයේ තරගයෙන්…

ඉන් අනතුරුව ශ්‍රී ලංකා ඉනිම මදක් හිස ඔසවන ආකාරයක් දක්නට ලැබුණි. ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න සහ ධනංජය ද සිල්වාගේ එක්වීම එංගලන්ත පන්දු යවන්නන්ට මහත් හිසරදයක් විය. ඔවුන් දෙදෙනාගේ කඩුලු සබඳතාව බිඳ හෙළීම සඳහා එංගලන්ත නායකයා පන්දු යවන්නෝ 5 දෙනෙක් වරින්වර උපයෝගී කර ගත්හ. එහෙත් ඒ කිසිවෙක්ට හසු නොවුණ ඔවුන්ගේ කඩුල්ල දුවද්දී දැවී යෑමකට බාර දීමට දිමුත් කරුණාරත්න පරිත්‍යාගශීලි විය.

ධනංජය විසින් එල්ල කර පහරකට ඉක්මන් ලකුණකට පැති මාරු කර ගැනීමට ගත් දිමුත්ගේ උත්සාහයේ දී යාර 30 සීමාව ආසන්නයේ පන්දු රකිමින් සිටි බෙන් ස්ටොක්ස් විසින් කෙළින්ම කඩුල්ලට පන්දුව යොමු කරමින් එතෙක් සාර්ථකව තිබූ ශ්‍රී ලංකා ඉනිමේ කඩුල්ල දවා ගත්තේ ය.

ඒ වන විට දිමුත් සහ ධනංජය ගොඩ නගා තිබූ ලකුණු සබඳතාව 90කි. ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 3ක් දැවී ලකුණු 127ක් විය. දිමුත් අද තම ටෙස්ට් තරග දිවියේ 18 වැනි අර්ධ ශතකයක වාර්තා කිරීමට සමත් විය. පන්දු 125කට මුහුණ දුන් දිමුත් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 63ක් ලබා ගත්තේ ය.

දිමුත්ගේ දැවී යෑමෙන් අනතුරුව දිවා විවේකයට පෙර කුසල් මෙන්ඩිස් ද තම කඩුල්ල අහිමි කර ගත්තේ ය. ඔහුට ලබා ගත හැකි වූයේ ලකුණක් පමණි.

අනතුරුව දිවා විවේකයෙන් පසුව යැවුණ දෙවැනි පන්දු වාරයේ දී ධනංජය ද සිල්වාගේ සේවය ද ශ්‍රී ලංකාවට අහිමි විය. ධනංජය අද තම ටෙස්ට් තරග දිවියේ 4 වැනි අර්ධ ශතකය වාර්තා කරමින් පන්දු 98කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 59ක් ලබා ගත්තේ ය. ඇන්ජලෝ මැතිව්ස් පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 20ක් ලබා ගත්තේ ය.

7 වැනි කඩුල්ල වෙනුවෙන් රොෂේන් සිල්වා සහ නිරෝෂන් දික්වැල්ල එක් කළ ලකුණු සබඳතාව 46කි. දික්වැල්ල පන්දු 33කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 25ක් ලබා ගත්තේ ය.

BRC කඩුලු 6කින් ජය ගනිද්දී අනෙක් තරග නිමා වුනේ මෙහෙමයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major Emerging League ක්‍රිකට් තරගාවලියේ අද (14) අවසන් වූ තරග අතරින් කොළඹ B.R.C. කණ්ඩායම වයස අවුරුදු 19න්…

දිවා විවේකයත්, තේ විවේකයත් අතර කාලයේ දී ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 3ක් ලකුණු 105ක් තුළ දවා ගැනීමට එංගලන්ත පන්දු යවන්නෝ සමත් වූහ. තේ විවේකය වෙද්දී ශ්‍රී ලංකා ඉනිම කියැවුණේ කඩුලු 7ක් දැවී ලකුණු 244ක් ලෙසිනි. ඒ වෙද්දී රොෂේන් සිල්වා නොදැවී ලකුණු 48ක් ලබා සිටි අතර ඩිල්රුවන් පෙරේරා ලකුණු 11ක් ලබා සිටියේ ය.

තේ විවේකයෙන් පසුව යැවුණ 10 වැනි පන්දුවේ දී ඩිල්රුවන්ගේ ඉනිමට ද තිත වැටුණි. ඒ වෙද්දී ඔහු පන්දු 37කට මුහුණ දී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 15ක් ලබා සිටි අතර රොෂේන් සිල්වා එක්ව 8 වැනි කඩුල්ලට එක්කළ ලකුණු සබඳතාව 41ක් විය.

අනතුරුව අකිල ධනංජය සමඟ ද එක් වූ රොෂේන් සිල්වා ලකුණු 56ක සබඳතාවක් ගොඩ නගමින් එංගලන්ත ඉනිම අභිබවා යෑමට ද දායක විය. රොෂේන් සමඟ කරට කර සටනක නිරත වූ අකිල දනංජය පන්දු 40කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් ද සමඟින් ලකුණු 31ක් ලබා ගත්තේ ය.

නායක සුරංග ලක්මාල් සහ රොෂේන් සිල්වා අතර අවසන් කඩුල්ලේ සබඳතාව ලකුණු 28කි. ලක්මාල් පන්දු 30කට මුහුණ දී හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 15ක් ලබා සිටියේ ය.

කඩුලු ලබා ගැනීමේ දී ජැක් ලීච් සහ අදිල් රෂීඩ් කඩුලු 3 බැගින් දවා ගත් අතර මොයින් අලි කඩුලු 2ක් දවා ගත් හ.

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

ලකුණු 41ක් පිටුපස සිටිමින් දෙවැනි ඉනිමට පිටියට පිවිසි එංගලන්තය දිනය අවසන් වෙන විට කිසිවෙක් නොදැවී කිසිදු ලකුණක් ලබා නොසිටියේ ය.

තරගය හෙට (16) දිනයේත් ක්‍රියාත්මක වීමට නියමිත ය.

එංගලන්තය ; පළමු ඉනිම සියලුම දෙනා දැවී 285 (75.4): රෝරි බර්න්ස් 43, ජොස් බට්ලර් 63, සෑම් කුරන් 64, අදීල් රෂීඩ් 31, ඩිල්රුවන් පෙරේරා 4/61, මාලින්ද පුෂ්පකුමාර 3/89, අකිල දනංජය 2/80

ශ්‍රී ලංකාව ; පළමු ඉනිම සියලුම දෙනා දැවී 336 (103): දිමුත් කරුණාරත්න 63, ධනංජය ද සිල්වා 59, ඇන්ජලෝ මැතිව්ස් 20, රොෂේන් සිල්වා 85, නිරෝෂණ දික්වැල්ල 25, අකිල දනංජය 31, ජැක් ලීච් 3/70, මොයින් අලි 2/85, අදිල් රෂීඩ් 3/75

එංගලන්තය ; දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවී 00 (1)

ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ එසැණ පුවත්, ලකුණු සටහන්, විශේෂ වීඩියෝ, තරග වාර්තා හා ඡායාරූප ඔබ වෙතට ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<