වසර 36ක ක්‍රිකට් ඉතිහාසයකට හිමිකම් කියනු ලබන ශ්‍රී ලංකා – එංගලන්ත එක්දින ක්‍රිකට් ඉතිහාසය තුල පැවැත්වෙන තවත් සුවිශේෂී හා වැදගත් තරග සංචාරයක් මේ මස 10 වැනිදා දඹුල්ලේ දී ආරම්භ වන අතර මේ තරගාවලිය එක්දින ක්‍රිකට් තරග 5කින්, එක් විස්සයි විස්ස තරගයකින් හා ටෙස්ට් ක්‍රිකට් තරග 3කින් සමන්විත වේ. ශ්‍රී ලංකාව හා එංගලන්තය දඹුලු ක්‍රිකට් ක්‍රීඩාංගණයේ එකිනෙකා මුණගැසෙන්නේ වසර 11කට පසුවයි.
මේ තරගාවලිය අපිට ලේසියට ගන්න බැහැ – දිනේෂ් චන්දිමාල්
සංචාරක එංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දීර්ඝ ක්‍රිකට්…
ශ්‍රී ලංකා – එංගලන්ත එක්දින ක්‍රිකට් ඉතිහාසය
1982 සිට ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා – එංගලන්ත එක්දින ක්‍රිකට් තරග ඉතිහාසය තුල මෙතෙක් තරග 74ක් පවත්වා ඇත. ඒ අතරින් එංගලන්ත කණ්ඩායම තරග 33ක් ජයග්‍රහණය කර ඇති අතර ශ්‍රී ලංකාව තරග 34ක් ජයග්‍රහණය කර ඇත. එසේම එක් තරගයක් ජය පරාජයෙන් තොරව වෙද්දී තවත් තරග දෙකක් ප්‍රතිඵලයක් රහිතව අවසන් වී ඇත. තවද එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණි සංචාරවල පැවැත්වූ එක්දින තරගාවලි අතරින් 2007 පැවති තරගාවලිය හැර අනෙක් තරගාවලි පහම සාර්ථකව අවසන් කිරීමට ශ්‍රී ලංකාව සමත් වී තිබේ.
අවධානය දිනා ගන්නා ක්‍රීඩකයින්
උපුල් තරංග හා ජෝස් බට්ලර්

තරංග එංගලන්තය සමඟ එක්දින ක්‍රිකට් තරග 16කට ක්‍රීඩා කරමින් ලකුණු 674ක් ලබාගෙන ඇත්තේ ශතක හා අර්ධ ශතක 3 බැගින් ලබා ගනිමිනි. බට්ලර් 48.72ක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙන ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු රැස්කරගෙන ඇත. ඔහු තරග 19ක දී ඉනිම 16කට සහභාගි වෙමින් ලකුණු 536ක් රැස්කරගෙන ඇත්තේ එක් ශතකයක් හා අර්ධ ශතක තුනක් සිය ලකුණු ගොන්නේ සටහන් කරගෙනයි.
දිනේෂ් චන්දිමාල් හා ජෝ රූට්

දකුණතින් පිතිකරණයේ නිරත වන චන්දිමාල් ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම හා එකතු වන්නේ මාස 8ක පමණ විවේකයට පසුවයි. එංගලන්තය සමඟ තරග 16ක දී ඉනිම 14කට පිතිකරණයෙන් දායක වෙමින් එක් ශතකයක් හා අර්ධ ශතක හයක් සමඟ දස්කම් දක්වා ඇත්තේ 45.75ක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙනයි.
රූට් ශ්‍රී ලංකාවට එරෙහිව මෙතෙක් පවත්වා ඇති එක්දින තරග අතරින් තරග 19ක දී ඉනිම 17කට ක්‍රීඩා කරමින් ශතක දෙකක් හා අර්ධ ශතක දෙකක් ලබා ගෙන ඇත්තේ ලකුණු 825ක් සිය නමට ඉදිරියෙන් සටහන් කරගනිමිනි. ශ්‍රී ලංකාවට එරෙහිව ලබා ගත් ලකුණු 121 සිය වැඩිම පුද්ගලික ලකුණු ප්‍රමාණය ලෙස සටහන් කරගෙන තිබෙන රූට් ශ්‍රී ලංකාවට එරෙහිව 58.92ක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් පවත්වා ගෙන ඇත.
මෙන්ඩිස් සහ මධුශංකට ‘බෝනස්’ චාන්ස් එකක්
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වෙන තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය…
ලසිත් මාලිංග හා ක්‍රිස් වෝක්ස්

නමුත් ඒ අතරින් දකුණතින් මද වේගපන්දු යවන ක්‍රිස් වෝක්ස් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 76කට සහභාගී වෙමින් කඩුලු 109ක් දවාගෙන ඇති අතර ඒ අතර ශ්‍රී ලංකාවට එරෙහිව දවා ගත් කඩුලු 19ක් තිබේ. ඒ සඳහා ඔහු ක්‍රීඩා කර ඇත්තේ එක්දින ක්‍රිකට් තරග 13ක් පමණි. මාලිංග එංගලන්තය සමඟ පැවති එක්දින තරග 25කට ක්‍රීඩා කරමින් කඩුලු 29ක් දවාගෙන ඇත්තේ 28.35ක කඩුලු දවා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙනයි.
පළමු එක්දින තරගයට අපේක්ෂිත කණ්ඩායම්
ශ්‍රී ලංකා කණ්ඩායම: නිරෝෂන් දික්වැල්ල, උපුල් තරංග, කුසල් ජනිත් පෙරේරා, දිනේෂ් චන්දිමාල් (නායක), ධනංජය ද සිල්වා, තිසර පෙරේරා, දසුන් ශානක, අකිල ධනංජය, දුෂ්මන්ත චමීර, ලසිත් මාලිංග, ලක්ෂාන් සඳකැන්.
එංගලන්ත කණ්ඩායම: ජේසන් රෝයි, ජොනී බෙයාර්ස්ටෝව්, ඇලෙක්ස් හේල්ස්, ජෝ රූට්, ජෝස් බට්ලර්, ඉයන් මෝර්ගන් (නායක), මොයින් අලී, බෙන් ස්ටෝක්ස්, මාර්ක් වුඩ්, ක්‍රිස් වෝක්ස්, ඔලී ස්ටෝන්
>> පළමු පුහුණු තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<
දඹුල්ලේ ශ්‍රී ලංකා – එංගලන්ත එක්දින මතකයන්
ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පවත්වා ඇති එක්දින ක්‍රිකට් තරග ඉතිහාසය පිරික්සා බලද්දී 2001, 2003 හා 2007 වර්ෂවල දී රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී එක්දින තරග 5කට සහභාගී වී ඇති අතර ඉන් තරග 3ක් ශ්‍රී ලංකාව ජය ගන්නා විට සංචාරක එංගලන්තය ජයගෙන ඇත්තේ තරග දෙකක් පමණි.
දඹුල්ල තණතීරුව හා කාසියේ වාසියේ වැදගත්කම හා කාලගුණික තත්වය

අවසන් නිගමනය
ශ්‍රී ලංකා – එංගලන්ත තරග ඉතිහාසය බැලූ විට ශ්‍රී ලංකාවට ද, ශ්‍රේණිගත කිරීම්වලින් බැලූ කළ එංගලන්තයට වැඩි වාසි හිමි වේ. ලෝක කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල දී ශ්‍රී ලංකා කණ්ඩායම 8 වන ස්ථානයේ පසුවන අතර එංගලන්ත කණ්ඩායම එම ශ්‍රේණිගත කිරීමේ පළමුවැනි තැන පසුවෙයි. නමුත් ඒ කිසිවක් මේ තරගය සඳහා අදාළ වන්නේ නැත. අදාළ වන්නේ තරගය පැවැත්වෙන දිනයේ දී අඩුපාඩුකම් අවම කරගෙන ක්‍රීඩා කිරීමයි.
ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගය හෙට (10) ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 2.00ට රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වේ.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















