සුසිත කුසලානයේ වැඩි ගෞරව ත්‍රිවිධ හමුදාවට

312

ශ්‍රී ලංකා කඹ ඇදීමේ සම්මේලනයේ පූර්ණ අධීක්ෂණය සමඟ ගනේමුල්ල සුසිත ක්‍රීඩා සමාජය සංවිධානය කළ අන්තර් ක්‍රීඩා සමාජ කඹ ඇදීමේ තරගාවලිය 2019 මාර්තු 20 දින ගනේමුල්ල වාසනා ක්‍රීඩාංගණයේ දී සාර්ථකව අවසන් විය.

ශ්‍රී ලංකා කඹ අදින්නෝ පදක්කම් සියල්ල තමන්ගේ දෙසට ඇදගනී

13 වැනි ආසියානු හා 3 වැනි දකුණු ආසියානු කඹ ඇදීමේ ශූරතාවලීන් අද……

ත්‍රිවිධ හමුදා ක්‍රීඩා සමාජ ඇතුළු දිවයිනේ ප්‍රකට කඹ ඇදීමේ ක්‍රීඩා සමාජ රැසක්ම මෙම තරගාවලියට සහභාගී වීම විශේෂත්වයක්. විදුලි ආලෝක ධාරා මධ්‍යයේ පැවැත්වුණු මෙම තරගාවලියේ අවසන් මහා තරග වල වැඩි ගෞරව දිනා ගත්තේ ත්‍රිවිධ හමුදා ක්‍රීඩා සමාජයි.

ආරක්ෂක අංශ පිරිමි 640 බර කාණ්ඩයේ ඉසව්ව ඉතා උණුසම් වුණා. එහි සිව්වැනි ස්ථානය දිනා ගත්තේ නාවික හමුදා B කණ්ඩායමයි. තෙවැනි ස්ථානය යුධ හමුදා A කණ්ඩායම දිනා ගනිද්දී දෙවන ස්ථානය යුධ හමුදා B දිනා ගත්තා. සියලු ආරක්ෂක අංශ කණ්ඩායම් පරාජය කරමින් එම කාණ්ඩයේ ශූරතාව දිනා ගත්තේ නාවික හමුදා A කණ්ඩායමයි.

සිවිල් අංශයේ පිරිමි 640 ඉසව්වත් ආරක්ෂක අංශ කාණ්ඩ තරම්ම උණුසුම් වුනා. කොටහේන ලයන්ස් කණ්ඩායම සිව්වැනි ස්ථානය දිනා ගනිද්දී, තෙවන ස්ථානය දිනා ගත්තේ උඩුගම්පොල යුනයිටඩ් ක්‍රීඩා සමාජයයි. හිඩ්න් පවර් ක්‍රීඩා සමාජය දෙවන ස්ථානය දිනා ගත් අතර සියලු සිවිල් ක්‍රීඩා සමාජය අභිබවමින් පළමු ස්ථානය දිනා ගත්තේ ගනේමුල්ල සුසිත ක්‍රීඩා සමාජයයි.

කාන්තා  කිලෝග්‍රෑම් 540 කාණ්ඩයේත් සියලු ගෞරව ආරක්ෂක හමුදා කණ්ඩායම් දිනා ගත්තා. තෙවැනි ස්ථානය දිනා ගත්තේ රද්දොළුගම එකමුතු ක්‍රීඩා සමාජයයි. දෙවන ස්ථානය යුධ හමුදා B කණ්ඩායම දිනා ගනිද්දී, පළමු ස්ථානය දිනා ගත්තේ යුධ හමුදා A කණ්ඩායමයි.

කිලෝග්‍රෑම් 600 මිශ්‍ර ඉසව්ව තරගාවලියේ උණුසුම්ම ඉසව්වක් වුනා. එම ඉසව්ව ද ජය ගත්තේ නාවික හමුදා කණ්ඩායමයි. දෙවන ස්ථානය රද්දොළුගම එකමුතු ක්‍රීඩා සමාජය දිනා ගත් අතර තුන්වැනි ස්ථානය  හිඩ්න් පවර් ක්‍රීඩා සමාජය දිනා ගත්තා.

පිරිමි හෙවි වේට් කාණ්ඩය හා කාන්තා හෙවි වේට් කාණ්ඩය එක සේ උණුසුම් වුනා. වේයන්ගොඩ එක්සත් ක්‍රීඩා සමාජය පිරිමි කාණ්ඩයේ දෙවන ස්ථානය දිනා ගනිද්දී, පිරිමි හෙවි වේට් ශූරතාව දිනා ගත්තේ සත්කාරක සුසිත ක්‍රීඩා සමාජයයි. යුධ හමුදා ක්‍රීඩා සමාජයේ ක්‍රීඩිකාවෝ කාන්තා හෙවි වේට් කාණ්ඩයේ ශූරතාවය දිනා ගනිද්දී, දංකොටුව රන්තරු ක්‍රීඩා සමාජය එම කාණ්ඩයේ දෙවන ස්ථානය දිනා ගත්තා.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<