කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
අසලංකගෙන් දැවැන්ත ශතකයක්

හම්බන්තොට දී පැවැත්වෙන මේ තරගය ඊයේ (2) දිනයේ දී ආරම්භ වූ මේ තරගයේ දී දකුණු අප්‍රිකානු පළමු ඉනිම ලකුණු 216කට සීමා විය. ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම දියත් කිරීම වෙනුවෙන් ඊයේ දෙවන දිනයටත් පිටියට පැමිණෙන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 3ක් දැවී ලකුණු 69ක් ලබාගෙන සිටි අතර නොදැවී ක්‍රීඩා කරමින් කඩුල්ලේ රැඳී සිටි පැතුම් නිස්සංක ලකුණු 4*ක් ලබාගෙන සිටියේය.
සම්පූර්ණ වාර්තාව: චරිත් අසලංක ශතකයකට පියනගයි
11, 13 සහ 15න් පහළ ශූරතා අම්පාරට

මේ තරගාවලියේ අම්පාර උහන තිස්සපුර කණ්ඩායම දිනාගත් තෙවන ශූරතාවය මෙය වන අතර ඊයේ උදෑසන වයස අවුරුදු 11න් පහළ, වයස අවුරුදු 13න් පහළ යන බාලිකා ශූරතා ද්විත්වයන්ද ඔවුන් දිනා ගත්තා.
2018 DSI සුපර් ස්පෝර්ට්ස් පාසල් වොලිබෝල් ශූරතාවලියේ වයස අවුරුදු 15න් පහළ බාලිකා ශූරතාවය දිනා ගැනීමට අම්පාර උහන තිස්සපුර විද්‍යාලය සමත් විය. වට පහක් පුරා දිගහැරුණු තියුණු සටනකින් පසු බාලක ශූරතාවය දිනා ගැනීමට වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලය සමත් විය.
සම්පූර්ණ වාර්තාව: ජෝසප් වාස් ක්‍රීඩකයින් සහ උහන ක්‍රීඩිකාවන් 15න් පහළ ශූරතා ඩැහැගනී






















