නාලන්දාවට සාන්ත ජෝන් විදුහලෙන් දැවැන්ත ප්‍රහාරයක්

468

2019 මයිලෝ සභාපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ අවසන් මහා තරගය අද (19) කොළඹ රාජකීය ක්‍රීඩා සංකීර්ණයේ දී නිමාවට පත්වූයේ කොළඹ නාලන්දා විදුහල ලකුණු 41-10ක් ලෙස පහසුවෙන් පරාජය කළ නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලය සභාපති කුසලානය ජයග්‍රහණය කරමිනි.

නුවරින් ආ අමුත්තන් කොළඹ දී පරාජය වේ!

2019 මයිලෝ ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ තෙවැනි අවසන් පූර්ව තරගය වෙස්ලි…

මීට සති තුනකට පමණ ඉහත දී ආරම්භ වූ 2019 මයිලෝ සභාපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ අවසන් මහා තරගය සඳහා නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලය හා කොළඹ නාලන්දා විද්‍යාලය සුදුසුකම් ලබා ගත්තේ පිළිවෙළින් මාතලේ සාන්ත තෝමස් විද්‍යාලය හා පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය පරාජයට පත් කරමිනි. 

තරගයේ ආරම්භක පා පහර නාලන්දා විද්‍යාලයට හිමි වූ අතර තරගයේ 4 වැනි මිනිත්තුවේ දී ම උත්සාහක දිනුමක් සාර්ථක කරගැනීමට සාන්ත ජෝන් විද්‍යාලයේ අමින්ද ප්‍රබෝද සමත් වූ නමුත් එහි ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට ඔහුට නොහැකි. (සාන්ත ජෝන් 05 – 00 නාලන්දා)

ඉන් මිනිත්තු කිහිපයකට පසුව සාන්ත ජෝන් විද්‍යාලයේ දෙවැනි උත්සාහක දිනුම වාර්තා කිරීමට වරුණ ෆොන්සේකා සමත් විය. එහි ප්‍රවර්තනයත් අසාර්ථකයි. (සාන්ත ජෝන් 10 – 00 නාලන්දා)

තරගයේ 14 වැනි මිනිත්තුවේ දී ජනුත් දයාරත්න සාන්ත ජෝන් විද්‍යාලය තවදුරටත් ඉදිරියෙන් තබමින් තවත් උත්සාහක දිනුමක් සාර්ථක කරගත්තේ නාලන්දා ක්‍රීඩකයින්ට දැඩි පීඩනයක් එල්ල කරමිනි. කෙසේ නමුත් එහි ප්‍රවර්තනය ද සාර්ථක කරගැනීමට නායක ප්‍රබෝද හට නොහැකි වූ අතර පිටිය සිසාරා හමා ගිය සුළඟෙන් ද ඇතිවූ බාධාව ද ඊට හේතුවක් විය. (සාන්ත ජෝන් 15 – 00 නාලන්දා)

සාන්ත ජෝන් ප්‍රහාරයෙන් සාන්ත තෝමස් තරගාවලියෙන් ඉවතට

මයිලෝ සභාපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ අවසන් පූර්ව වටයේ පළමු තරගය…

ඉන්පසුව ගෙවී ගිය මිනිත්තු කිහිපය තුල කණ්ඩායම් දෙකම උත්සාහක දිනුමක් වාර්තා කර ගැනීමට පැහැදිලි අවස්ථාවක් නිර්මාණය කර ගන්නට අසමත් වූ අතර ලැබුණු තියුණු අවස්ථාවන් ද උත්සාහක දිනුම් බවට පරිවර්තනය කර ගන්නට ඔවුන් සමත් වූයේ නැත. 

කෙසේ නමුත් නාලන්දා විද්‍යාලයේ නිපුන් තිලිණ නාලන්දා විදුහලට එල්ල වී තිබූ පීඩනය තරමක් අවම කරමින් ලකුණු සටහන ක්‍රියාත්මක කළේ 18 වැනි මිනිත්තුවේ දී උත්සාහක දිනුමක් වාර්තා කරමිනි. එහි ප්‍රවර්තනය අසාර්ථකයි. (සාන්ත ජෝන් 15 – 05 නාලන්දා)

නාලන්දා විද්‍යාලයේ පසුපෙළ ක්‍රීඩකයින්ගේ පන්දු හුවමාරු කර ගැනීමේ දුර්වලතාවයක් වහා ඇස ගැටුණු සාන්ත ජෝන් විද්‍යාලයේ කෙවින් සන්තුෂ්, කිසිදු නාලන්දා ක්‍රීඩකයෙක් හට ඔහුගේ පසුපස හඹා එන්නට ඉඩක් නොදී දක්ෂ ලෙස ධවල රේඛාව තරණය කරන්නට සමත් විය. ඒ තරගයේ මිනිත්තු 22 වැනි මිනිත්තුවේ දී ය. තරගයේ සාර්ථක වූ පළමු ප්‍රවර්තනය සාර්ථක කර ගත් නිමන්ත පෙරේරා සාන්ත ජෝන් විද්‍යාලයට අතිරේක ලකුණු එකතු කරන්නට සමත් විය. (සාන්ත ජෝන් 22 – 05 නාලන්දා)

අනතුරුව නැවතත් තරගයට අවතීර්ණ වූ නාලන්දා ක්‍රීඩකයින් තවත් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් විය. නාලන්දා ක්‍රීඩක දේශාන් අලහකෝන් 27 වැනි මිනිත්තුවේ දී ඔහු වෙත ලැබුණු පන්දුව සාර්ථකව උත්සාහක දිනුම් රේඛාවෙන් එපිටට රැගෙන යන්නට සමත් විය. මෙහි ප්‍රවර්තනය ද අසාර්ථකයි. (සාන්ත ජෝන් 22 – 10 නාලන්දා)

තරගයේ පළමු අර්ධය අවසන් වීමට මිනිත්තු කිහිපයක් ඉතිරිව තිබිය දී (33 වැනි මිනිත්තුවේ දී) සිය ඉදිරිපෙළ යොදා ගනිමින් ඉදිරියට ඇදුණු සාන්ත ජෝන් විද්‍යාලයේ පසිඳු ලක්ෂිත උත්සාහක දිනුමක් වාර්තා කළේය. එහි ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට නිමන්ත පෙරේරා සමත් විය. (සාන්ත ජෝන් 29 – 10 නාලන්දා)

පළමු අර්ධය: නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලය 29 – 10 නාලන්දා විද්‍යාලය

දෙවන අර්ධය ආරම්භ වී මිනිත්තු 15ක් පමණ යනතුරු දෙපිලටම ලකුණක් හෝ වාර්තා කිරීමට හැකි වූයේ නැත. තරගයේ 51 වැනි මිනිත්තුවේ දී නාලන්දා විද්‍යාලයේ ප්‍රේක්ෂකාගාරය නිහඬ කරමින් නාලන්දා පසුපෙළ ක්‍රීඩකයින්ගේ හිදැසක් අතරින් කෙවින් සන්තුෂ් වේගයෙන් දිවයන්නට වූයේ සාන්ත ජෝන් කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩකයින්ගේ උත්සාහයට වටිනාකමක් එකතු කරමිනි. එහි දී ලැබුණු කෙටි දුර ප්‍රවර්තනය පහසුවෙන්ම සාර්ථක කර ගැනීමට නිමන්ත පෙරේරා සමත් විය. (සාන්ත ජෝන් 36 – 10 නාලන්දා)

තර්ස්ටන් ලුම්බිණි අවසන් තරගයට උසාවි නියෝගයක්!

2019 මයිලෝ ප්‍රිමියර් කුසලාන තරගාවලියේ අද (19) පැවැත්වීමට නියමිතව තිබූ තර්ස්ටන් විදුහල හා …

සාන්ත ජෝන් ක්‍රීඩකයින් නාලන්දා ක්‍රීඩකයින්ව දැඩි වෙහෙසකට ලක් කරමින් තරගයේ 55 වැනි මිනිත්තුවේ දී තවත් උත්සාහක දිනුමක් සිය ලකුණු සටහනට එකතු කරගැනීමට සමත් විය. එහි දී තරිඳු නිරෝෂණ සිය නායකයාගෙන් ලද පන්දුව පහසුවෙන්ම ධවල රේඛාවෙන් එපිටට රැගෙන යන්නට සමත් විය එහි දී ලැබුණු කෙටි දුර ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට නිමන්ත පෙරේරාට නොහැකි විය. (සාන්ත ජෝන් 41 – 10 නාලන්දා)

තරගයේ ප්‍රධාන විනිසුරු තරගය නිමා කිරීමේ සංඥාව නිකුත් කරන විට 41-10ක් ලෙස සාන්ත ජෝන් ක්‍රීඩකයින් පෙරමුණේ පසු වූ අතර ඒ සමඟින් 2019 මයිලෝ සභාපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ පාසල් රග්බි ශූරතාව සිය පාසලට රැගෙන යන්නට නුගේගොඩ සාන්ත ජෝන් ක්‍රීඩකයෝ සමත් වූහ.

අවසන් ලකුණු තත්වය: සාන්ත ජෝන් විද්‍යාලය 41 (7T, 3C) – 10  (2T) නාලන්දා විද්‍යාලය 

ThePapare.com තරගයේ වීරයා – වරුණ සමරකෝන් (සාන්ත ජෝන් විද්‍යාලය)

ලකුණු රැස්කළ ක්‍රීඩකයින්:

  • සාන්ත ජෝන් විද්‍යාලය: වරුණ ෆොන්සේකා 2T, ජනුත් දයාරත්න 1T, නිමන්ත පෙරේරා 3C, කෙවින් සන්තුෂ් 2T, පසිඳු ලක්ෂිත 1T, තරිඳු නිරෝෂන් 1T
  • නාලන්දා විද්‍යාලය: නිපුන් තිලිණ 1T, දේශාන් අලහකෝන් 1T

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<