‘Liverpool’ ක්‍රීඩා සමාජය විසින් ‘AS Roma’ ක්‍රීඩා සමාජය නියෝජනය කළ බ්‍රසීල කණ්ඩායමේ ප්‍රධාන ගෝල රකින ක්‍රීඩක ඇලිසන් බෙකර් අත්සන් කරමින් ගෝල රකින ක්‍රීඩකයෙක් මිල දී ගැනීම සඳහා වන ඉහළම මුදලට අදාළ වාර්තාව බිඳ දමන්නට වූ අතර ඒ අනුව පාපන්දු ක්‍රීඩාවේ ගෝල රකින ක්‍රීඩකයින් මිල දී ගැනීම සඳහා ගෙවන ලද ඉහළම මුදලට අනුව මේ වන විට සිටින මිල අධිකම ගෝල රකින ක්‍රීඩකයින් පිළිබඳව සොයා බැලීමට ThePapare.com අපි තීරණය කළෙමු.
නේමාර් බිම පෙරලෙන්නේ ඇයි?
රග්බි සහ ක්‍රිකට් ක්‍රීඩාවේ දී වේදනාව සඟවා ගැනීම ශ්‍රේෂ්ඨ ය. මන්දයත්, වේදනාව පෙන්වීමෙන් ලද හැකි යමක් නැති බැවිනි. එහෙත් පාපන්දු ක්‍රීඩාවේ දී වේදනාව අතිශයෝක්තියෙන්…
ප්‍රිමියර් ලීගය (Premier League) ද ඇතුළුව යුරෝපයේ ඇති අනෙකුත් පාපන්දු ක්‍රීඩා සමාජ අතර ගනුදෙනුවල දී භාවිතා වන මුදල් ඒකකය යූරෝ (Euro) වන බැවින් එය පදනම් කර ගනිමින් අප මෙම ක්‍රීඩක ලැයිස්තුව සකසා ඇති අතර ඔවුන් මිල දී ගැනීමේ දී ගෙවන ලද මුදල් මිලියන ගණනින් වේ.
1. ඇලිසන් බෙකර් – යූරෝ මිලියන 73 (AS Roma ක්‍රීඩා සමාජයේ සිට Liverpool ක්‍රීඩා සමාජයට, 2018)

කෙසේ නමුත් මේ වන විට ක්‍රියාත්මකව පවතින ක්‍රීඩකයින් මිල දී ගැනීමේ කාල සීමාවේ දී ‘Liverpool’ක්‍රීඩා සමාජය විසින් ඔහුව මිල දී ගනු ලැබුවේ ගෝල රකින ක්‍රීඩකයෙක් මි ලදී ගැනීමේ දී ගෙවන ලද ඉහළම මුදලට අදාළව ගියැන්ලුයිගි බුෆෝන්ට හිමිව තිබූ වසර 16ක් පැරණි වාර්තාව බිඳ දමමිනි.
පසුගිය දා අවසන් වූ FIFA පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ දී බ්‍රසීල කණ්ඩායමේ ප්‍රධාන ගෝල රකින ක්‍රීඩකයා ලෙස ද කටයුතු කළ ඇලිසන් ‘AS Roma’ ක්‍රීඩා සමාජය සමඟින් කිසිදු කුසලානයක් ජයග්‍රහණය කිරීමට අපොහොසත් වුවත් ඔහු එහි දී කණ්ඩායම වෙනුවෙන් දක්වා ඇති දක්‍ෂතා පිළිබඳව සලකා බැලූ කළ සිය නවතම ක්‍රීඩකයා පිළිබඳව ‘Liverpool’ ක්‍රීඩාලෝලීන් හට සතුටට පත්විය හැක.
2017/18 තරග වාරයේ දී යුරෝපයේ ප්‍රධාන පාපන්දු ලීග 5 තුළ දෙවන හොඳම ගෝල රැක ගැනීමේ අනුපාතයක් තිබෙන්නේ ඔහුට ය. ඒ අනුව 80.1%ක ගෝල රැක ගැනීමේ අනුපාතයකට හිමිකම් කියන ඔහු දෙවැනි වන්නේ ‘Atletico Madrid’ කණ්ඩායමේ යෑන් ඔබ්ලැක් හට පමණි. එමෙන්ම ඔහු ඉතාලියේ ‘Serie A’ ලීගය තුළ පසුගිය තරග වාරයේ දී ප්‍රතිවාදී කණ්ඩායම් වලට කිසිදු ගෝලයක් වාර්තා කර ගැනීමට අවස්ථාවක් ලබා නොදුන් තරග සංඛ්‍යාවට (Clean sheets) අනුව ද දෙවැනි ස්ථානයේ පසුවන අතර ඒ අනුව ඔහු තරග 17ක දී ප්‍රතිවාදීන් හට කිසිදු ගෝලයක් වාර්තා කර ගැනීමට අවස්ථාවක් ලබා දී නොමැත.
එමෙන්ම ‘Champions League’ තරගාවලියේ දී ඔහු ‘AS Roma’ කණ්ඩායම වෙනුවෙන් ගෝල රැක ගැනීම් 47ක් වාර්තා කර ගන්නට සමත් වූ අතර එය ගෝල රකින ක්‍රීඩකයෙක් පසුගිය තරග වාරයේ එම තරගාවලියේ දී වාර්තා කර ගත් ඉහළම ගෝල රැක ගැනීම් සංඛ්‍යාව ද වේ. ඒ අනුව ‘AS Roma’ කණ්ඩායම තරගාවලියේ අවසන් පූර්ව වටය කරා රැගෙන යාමට ඔහුගේ දක්‍ෂතා බෙහෙවින් ඉවහල් වූ අතර එහි දී ඔහු දැක්වූ එම දක්‍ෂතා හේතුවෙන් තරගාවලිය අවසානයේ ප්‍රකාශයට පත්කරන ලද ‘UEFA Champions League’ සංචිතයට ද ඔහුව තෝරාගන්නා ලදි.
තවදුරටත් බ්‍රසීලය වෙනුවෙන් තරග 30කට ක්‍රීඩා කර ඇති ඔහු ඉන් තරග 20ක දී ප්‍රතිවාදීන් හට කිසිදු ගෝලයක් වාර්තා කර ගැනීමට අවස්ථාවක් ලබා නොදෙමින් විශිෂ්ට දස්කම් දක්වන්නට සමත්ව ඇත.
2. ගියැන්ලුයිගි බුෆෝන් – යූරෝ මිලියන 52.8 (Parma ක්‍රීඩා සමාජයේ සිය Juventus ක්‍රීඩා සමාජයට, 2001)

එම යුගයේ දී ගෝල රකින ක්‍රීඩකයෙක් සඳහා එතරම් මුදලක් වැය කිරීම පුදුමයට කරුණක් වූ අතර වෙනත් ඉහළ පෙළේ ක්‍රීඩකයෙක් මිල දී ගැනීම සඳහා ද එවන් මුදලක් වැය කළේ නම් ඒ ඉතාමත් කලාතුරකිනි.
කෙසේ නමුත් ඔහුගේ නම ඉදිරියේ සටහන් වූ එම මුදලට සාධාරණයක් ඉටු කළ බුෆෝන් වසර 17ක දීර්ඝ කාලයක් ‘Juventus’ ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කරමින් ‘Serie A’ ලීග් ශූරතාවය 10 වරක්, ‘Coppa Italia’ ශූරතාවය 5 වරක්, ‘Super Cup’ ශූරතාවය 6 වරක් සහ ‘UEFA Champions League’ තරගාවලියේ අනුශූරතාවය 3 වරක් ජයග්‍රහණය කරමින් පාපන්දු පිටියේ එදා මෙදා තුර පහළ වූ විශිෂ්ටතම ගෝල රකින ක්‍රීඩකයින් අතරින් කෙනෙක් ලෙස සිය ස්ථානය ස්ථාපිත කරගන්නට සමත් විය.
ඉතාලිය ලෝක කුසලානය ජයග්‍රහණය කළ 2006 වසරේ දී ‘Juventus’ ක්‍රීඩා සමාජය මුදලට තරග පාවාදීමේ වරදකට හසුවී ‘Serie B’ ලීගය දක්වා පහත දැමුණු අතර ඒ අවස්ථාවේ දී එම ක්‍රීඩා සමාජය නියෝජනය කළ ඉහළ පෙළේ ක්‍රීඩකයින් රැසක් කණ්ඩායම අත්හැර වෙනත් ක්‍රීඩා සමාජ සමඟ එක්වුවත් බුෆෝන් තවදුරටත් ‘Juventus’ ක්‍රීඩා සමාජය සමඟම රැඳී සිටීමට තීරණය කළේය. ඒ අනුව ඊළඟ තරග වාරයේ දීම ‘Serie B’ ලීගයේ ශූරතාවය ජයග්‍රහණය කරමින් ඔවුන් ‘Serie A’ලීගය දක්වා නැවතත් උසස් වීමක් ලබා ගන්නට සමත් විය.
ඒ අනුව කණ්ඩායම පහත වැටුණු අවස්ථාවේ දී පවා ඒ සමඟ රැඳී සිටීම හේතුවෙන් ඔහු ක්‍රීඩාලෝලීන්ගේ දැඩි පැසසුමට ලක්වූ අතර ‘Juventus’ ක්‍රීඩා සමාජ ඉතිහාසයේ ඉහළම ගෞරවාදරයට පත් ක්‍රීඩකයින් අතරින් අදටත් බුෆෝන් හට හිමිවී ඇත්තේ සුවිශේෂී ස්ථානයකි.
3. එඩර්සන් මොරායෙස් – යූරෝ මිලියන 40 (Benfica ක්‍රීඩා සමාජයේ සිට Manchester City ක්‍රීඩා සමාජයට, 2017)

‘Benfica’ ක්‍රීඩා සමාජය සමඟ ඔහු ක්‍රීඩා කළ අවසන් තරග වාරය වන 2016/17 තරග වාරයේ දී සිය කණ්ඩායම ලීග් කුසලානය සහ ශූරතා කුසලාන ද්විත්වය ජයග්‍රහණය කිරීමේ දී ඔහු ඒ වෙනුවෙන් විශාල දායකත්වයක් සැපයූ අතර ඒ හරහා ‘Manchester City’ කණ්ඩායමේ කළමනාකරු පෙප් ගාඩියෝලාගේ අවධානය දිනා ගන්නට ඔහු සමත් විය. ඒ අනුව යූරෝ මිලියන 40ක මුදලක් වැය කරමින් ‘Manchester City’ ක්‍රීඩා සමාජය එඩර්සන්ව මිලදී ගනු ලැබුවේ ඔහුව ඒ වන විට ප්‍රිමියර් ලීගයේ සිටි මිල අධිකම ගෝල රකින ක්‍රීඩකයා බවට පත්කරමිනි.
පන්දුව බෙදාහැරීමට දක්වන සුවිශේෂී හැකියාව හේතුවෙන් ඔහු අවුරුදු 24ක් තරම් ඉතා තරුණ වයසක දී ‘Manchester City’කණ්ඩායමේ ප්‍රධාන ගෝල රකින ක්‍රීඩකයා ලෙස සිය ස්ථානය තහවුරු කර ගැනීමට සමත්ව ඇත. ඔහු පන්දුව පාලනය කිරීමට දක්වන දක්ෂතාවය සහ විශ්වාසය හරහා ඉක්මණින් පන්දුව ලබාගනිමින් පසුපස සිට ‘counter-attacks’ දියත් කිරීමට ඔහුට සුවිශේෂී හැකියාවක් ඇත.
ඒ අනුව ඔහුගේ මෙම ක්‍රීඩා විලාශය ගාඩියෝලා අනුගමනය කරනු ලබන ක්‍රීඩා රටාවට හොඳින් ගැළපෙන අතර පසුගිය තරග වාරයේ දී ‘Manchester City’ කණ්ඩායම වාර්තාවන් රැසක් බිඳ දමමින් ප්‍රිමියර් ලීග් තරගාවලිය ඉතා පහසුවෙන් ජයග්‍රහණය කිරීමේ දී ඒ සඳහා එඩර්සන්ගෙන් ලැබුණු දායකත්වය අති විශාල ය.
4. ජෝදාන් පික්ෆර්ඩ් – යූරෝ මිලියන 34 (Sunderland ක්‍රීඩා සමාජයේ සිට Everton ක්‍රීඩා සමාජයට, 2017)

ඔහු ප්‍රදර්ශනය කළ ඉහළ දක්‍ෂතා හේතුවෙන් ‘Everton’ ක්‍රීඩා සමාජය යූරෝ මිලියන 34ක මුදලක් වැය කරමින් ඔහුව මිල දී ගනු ලැබුවත් බොහෝ දෙනා ඔහු සඳහා ගෙවන ලද එම මුදල පිළිබඳව දැඩි සැකයකින් පසු විය. කෙසේ නමුත් ‘Everton’ ක්‍රීඩා සමාජය වෙනුවෙනුත් විශිෂ්ට දක්‍ෂතා දැක්වූ පික්ෆර්ඩ් ඔහු සඳහා ගෙවන ලද මුදල සාධාරණ බව ඔප්පු කිරීමට සමත් විය.
ඔහුගේ එම දක්‍ෂතා හරහා පසුගිය පාපන්දු ලෝක කුසලාන කුසලාන තරගාවලිය සඳහා සහභාගී වූ එංගලන්ත කණ්ඩායමේ ප්‍රධාන ගෝල රකින ක්‍රීඩකයා ලෙස සිය ස්ථානය තහවුරු කරගන්නට ද ඔහු සමත් විය.
එම තෝරාගැනීම පිළිබඳව ද බොහෝ දෙනා සැක පළකළත් නැවතත් ඔවුන් වැරදි බව සනාථ කළ පික්ෆර්ඩ් ලෝක කුසලාන තරගාවලිය පුරාවට ඉතා ඉහළ දස්කම් ප්‍රදර්ශනය කරන්නට සමත් වූ අතර ඒ අනුව එංගලන්ත කණ්ඩායම තරගාවලියේ අවසන් පූර්ව වටය දක්වා පැමිණි ගමනේ දී ඊට ඔහුගෙන් ලැබුණේ සුවිශේෂී දායකත්වයකි.
5. මැනුවෙල් නොයර් – යූරෝ මිලියන 30 (FC Schalke 04 ක්‍රීඩා සමාජයේ සිට Bayern Munich ක්‍රීඩා සමාජයට, 2011)

එමෙන්ම 2014 වසරේ දී පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කළ ජර්මානු කණ්ඩායමේ ප්‍රධාන ගෝල රකින ක්‍රීඩකයා ලෙස කටයුතු කරමින් කණ්ඩායමට සුවිශාල දායකත්වයක් සපයන්නට සමත් වූ ඔහු එහි දී දැක්වූ දක්‍ෂතා හේතුවෙන් තරගාවලියේ හොඳම ගෝල රකින ක්‍රීඩකයාට හිමි ‘Golden Glove’ කුසලානයෙන් ද සම්මානයට පාත්‍ර විය.
පහරවල් නවතාලීමට සහ කණ්ඩායමේ ක්‍රීඩකයින් මෙහෙයවීමට දක්වන හැකියාවට අමතරව ‘sweeper-keeper’ වරයෙක් ලෙස පිටියේ ඉටු කරන කාර්යභාරය සඳහා ඔහු ප්‍රසිද්ධියට පත්ව ඇති අතර අවශ්‍ය අවස්ථාවල දී නියමිත කලාපයෙන් පිටතට පැමිණෙමින් ක්‍රීඩා කිරීමට ඔහු දක්වන කුසලතාවය ද සුවිශේෂී එකකි.
6. ෆ්‍රැන්සෙස්කෝ ටොල්ඩෝ – යූරෝ මිලියන 26.5 (Fiorentina ක්‍රීඩා සමාජයේ සිට Inter Milan ක්‍රීඩා සමාජයට, 2001)

එහි දී ‘Inter Milan’ ක්‍රීඩා සමාජය වෙනුවෙන් ද විශිෂ්ට දක්‍ෂතා ප්‍රදර්ශනය කළ ඔහු ඔවුන් සමඟ වසර 9ක් ගත කරමින් 2010 වසරේ දී ‘UEFA Champions League’ ශූරතාවයත්, ‘Serie A’ ලීග් ශූරතාවය 5 වරක් සහ ‘Coppa Italia’ සහ ‘Supercoppa Italiana’ ශූරතා 3 බැගින් ද ජයග්‍රහණය කරමින් පාපන්දු ක්‍රීඩාවේ නිරත වූ හොඳම ගෝල රකින ක්‍රීඩකයින් අතරින් කෙනෙක් ලෙස ගෞරවාදරයට පාත්‍ර වන්නට විය.
2001 වසරේ දී ටොල්ඩෝ ‘Fiorentina’ ක්‍රීඩා සමාජය අත්හැර ‘Inter Milan’ ක්‍රීඩා සමාජය සමඟ එක්වුවත්, ‘Fiorentina’ ක්‍රීඩා සමාජය විසින් ඔහුව ඔවුන්ගේ ‘Hall of Fame’ සඳහා ඇතුළත් කරනු ලැබූ අතර තවදුරටත් ඔහුව ප්‍රකාශයට පත්කරන ලද ඔවුන්ගේ ක්‍රීඩා සමාජයේ එදා මෙදා තුර හොඳම පාපන්දු කණ්ඩායමට ද නම් කරනු ලැබීය.
7. ඩේවිඩ් ඩෙ හෙයා – යූරෝ මිලියන 25 (Atletico Madrid ක්‍රීඩා සමාජයේ සිට Manchester United ක්‍රීඩා සමාජයට, 2011)

කෙසේ නමුත් වසර කිහිපයක් ගත වන විට සර් ඇලෙක්ස් ෆර්ගසන් ඔහු පිළිබඳව තැබූ විශ්වාසයට සාධාරණයක් ඉටු කිරීමට සමත්ව ඇති ඩෙ හෙයා පසුගිය තරග වාර කිහිපයේ දීම ප්‍රිමියර් ලීගයේ හොඳම ගෝල රකින ක්‍රීඩකයා ලෙස ගෞරවයට පාත්‍ර විය. එමෙන්ම මේ වන විට ලෝකයේ සිටින හොඳම ගෝල රකින ක්‍රීඩකයා ලෙස මැනුවෙල් නොයර්ව අභිබවමින් ඔහු දක්‍ෂතා දක්වමින් සිටින බවට ද බොහෝ දෙනා මත පළකර ඇත.
‘Manchester United’ කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරමින් මේ දක්වා ඔහු ප්‍රිමියර් ලීගය, FA කුසලානය සහ ‘League Cup’ කුසලානය එක් වර බැගින් ජයග්‍රහණය කිරීමට සමත්ව ඇති අතර තවදුරටත් 2016/17 තරග වාරයේ දී ‘Europa League’ කුසලානය ද ජයග්‍රහණය කිරීමට ඔහු සමත් විය.
8. බර්න්ඩ් ලෙනෝ – යූරෝ මිලියන 25 (Bayer Leverkusen ක්‍රීඩා සමාජයේ සිට Arsenal ක්‍රීඩා සමාජයට, 2018)

‘Bayer Leverkusen’ කණ්ඩායම වෙනුවෙන් වසර 7ක් පුරාවට තරග 233කට ක්‍රීඩා කර ඇති ඔහු ‘Arsenal’ කණ්ඩායමේ ගෝල රකින ක්‍රීඩක පීටර් කෙච් ගෙන් ප්‍රධාන ගෝල රකින්නාගේ ස්ථානය ලබාගනු ඇතැයි අපේක්‍ෂා කෙරෙන අතර ඒ අනුව ‘Arsenal’ ක්‍රීඩාලෝලීන් ඔහුගෙන් ඉතා ඉහළ දක්‍ෂතා බලාපොරොත්තු වනු ඇත.
ලෙනෝ 2017 වසරේ දී FIFA කන්ෆෙඩරේෂන්ස් කුසලානය ජයග්‍රහණය කළ ජර්මානු කණ්ඩායම ද නියෝජනය කරනු ලැබීය.
9. ඇලෙක්ස් මේරෙට් – යූරෝ මිලියන 22 (Udinese ක්‍රීඩා සමාජයේ සිට Napoli ක්‍රීඩා සමාජයට, 2018)

නමුත් මේ වන විට ක්‍රියාත්මකව පවතින ක්‍රීඩකයින් මිල දී ගැනීමේ කාල සීමාවේ දී ‘Napoli’ කණ්ඩායමේ ප්‍රධාන ගෝල රකින ක්‍රීඩකයා ලෙස කටයුතු කළ පෙපේ රෙයිනා ‘AC Milan’ කණ්ඩායම විසින් මිල දී ගැනීමත් සමඟ එම ස්ථානය සඳහා ඔවුන් මෙරේට්ව මිලදී ගන්නා ලදි.
කෙසේ නමුත් එහි දී ඔහු සහභාගී වූ පළමු පුහුණු සැසි වාරය තුළ ඔහුගේ අත කැඩීමකට ලක්වීම හේතුවෙන් ‘Napoli’ ක්‍රීඩාලෝලීන් හට ඔහුගේ දක්‍ෂතා නැරඹීමට තව කාලයක් බලා සිටීමට සිදු වනු ඇත.
10. සෙබස්තියන් ෆ්‍රෙයි – යූරෝ මිලියන 21 (Inter Milan ක්‍රීඩා සමාජයේ සිට Parma ක්‍රීඩා සමාජයට, 2001)

කෙසේ නමුත් ‘Parma’ කණ්ඩායමේ ප්‍රධාන ගෝල රකින ක්‍රීඩකයා ලෙස කටයුතු කළ බුෆෝන් ‘Juventus’ ක්‍රීඩා සමාජය විසින් මිල දී ගැනීමත් සමඟ කණ්ඩායමේ ඇතිවූ හිඩැස පිරවීම සඳහා ඔවුන් ෆ්‍රෙයිව මිල දී ගන්නා ලදි.
ඒ අනුව ‘Parma’ කණ්ඩායම වෙනුවෙන් වසර 5ක කාලයක් ක්‍රීඩා කරමින් ඉහළ දක්‍ෂතා දැක්වූ ඔහු ඔවුන් සමඟ පළමු තරග වාරයේ දී ‘Coppa Italia’ ශූරතාවය ජයග්‍රහණය කිරීමට සමත් විය.
>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<






















