කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව “ගෙවුණු දවස”.
ශ්‍රී ලංකාව ඉන්දියාව 2-1ක් ලෙස පරාජය කරයි

කොළඹ BRC පිටියේ පැවති මේ තරගාවලියේ පළමු තරග දෙකම ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළ අතර තරගාවලියේ පළමු තරගයේ දී ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක දිනේෂ් මතුගම කඩුලු ත්‍රිත්වයේ අවස්ථාවක් ලබාගත් අතර එය ලෝක දෘශ්‍යාබාධිත ක්‍රිකට් ඉතිහාසයේ දවා ගත් පළමු කඩුලු ත්‍රිත්වයේ අවස්ථාව බව වාර්තා වේ.
සම්පූර්ණ වාර්තාව: ලෝක වාර්තාවක් සමඟින් ශ්‍රී ලංකාව තරගාවලිය ජය ගනී
ලකුණු දෙකකින් මඟ හැරුණු ජයග්‍රහණය

ඒ අනුව තරග තුනකින් සමන්විත නිල නොලත් එක්දින ක්‍රිකට් තරගාවලිය 1-0ක් සේ පෙරමුණ ගැනීමට සත්කාරක බංග්ලාදේශ ක්‍රීඩකයෝ සමත් විය.
සම්පූර්ණ වාර්තාව: දසුන් ශානකගේ සටන්කාමී ඉනිම අපතේ යයි
පළමු දිනය අවසානයේ වැඩි වාසිය ඉන්දීය පොඩ්ඩන්ට

NCC පිටියේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ නායක නිපුන් ධනංජය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර කමිල් මිශාර හා නිශාන් මධුෂ්කට පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවීමට හැකි වූයේ ලකුණු 20ක සබඳතාවයක් පමණි.
සම්පූර්ණ වාර්තාව: ශ්‍රී ලංකාවට එරෙහි වූ ඉන්දියාව එකට එක කරයි






















