බංග්ලාදේශයට තද වැසි; A තරගය පළමු දිනයට අත්හිටුවයි

187

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ A ක්‍රිකට් කණ්ඩායම අතර චිතගොං හි ෂෙයික් කමාල් ඇකඩමි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන දෙවැනි නිල නොලත් සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය වූ අද (03) කිසිදු පන්දුවක් නොයවමින් නිමා වූ දිනයක් ලෙසින් අවසන් විය.

දකුණු අප්‍රිකානු ටෙස්ට් තරගාවලියේ නායකත්වයත් ලක්මාල්ට?

එළඹෙන 12 වැනිදා ගාල්ලේ දී ආරම්භ වන තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා දකුණු අප්‍රිකානු …

බංග්ලාදේශයට මේ දිනවල පවතින වර්ෂාව ඉදිරි දින දෙකේ දී ද පවතින බැව් බංග්ලාදේශ කාලගුණ වාර්තාවන් පවසයි. ඔවුන්ට අනුව තරගය සම්පූර්ණයෙන් පවත්වා ගෙන යෑමට සුදුසු තරමින් හිරු එළිය සහිත කාලගුණ තත්ත්වයක් පවතින්නේ තරගයේ අවසන් දිනය වන ජූලි මස 06 වැනිදා ය.

කෙසේ වෙතත් අද වරින්වර ඇද වැටුණ වර්ෂාව තරගයේ කාලය සම්පූර්ණ විනාශ කරද්දී පිටියේ විනිසුරුවන් වූ ගාසි සොහේල් සහ අනිසුර් රහමන්ගේ තීරණය වූයේ තරගය පළමු දිනයට අතහැර දැමීම ය. තරග තීරක නියමුර් රෂීඩ් ද එම තීරණය අනුමත කරමින් තරගය අවසන් වීමේ හෝරාවටත් කලින් නතර කෙරුණි.

තරගය දෙවැනි දිනය හෙට (04) ක්‍රියාත්මක වේ.

අද ක්‍රීඩා කිරීමට අපේක්ෂිතව සිටි ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම

දිමුත් කරුණාරත්න (නායක) සධීර සමරවික්‍රම (කඩුලු රකින්නා) ලහිරු මිලන්ත, ලහිරු තිරිමාන්න, අශාන් ප්‍රියංජන්, චරිත් අසලංක, සම්මු අශාන්, නිසල තාරක, ෂෙහාන් මධුශංක, ප්‍රභාත් ජයසූරිය, ලක්ෂාන් සඳකැන්

අතිරේක ක්‍රීඩකයන්; මනෝජ් සරත්චන්ද්‍ර, නිශාන් පීරිස්, දිලේෂ් ගුණරත්න, විශ්ව ප්‍රනාන්දු, චතුරංග ද සිල්වා, ලසිත් ඇඹුල්දෙණිය

අද ක්‍රීඩා කිරීමට අපේක්ෂිතව සිටි බංග්ලාදේශ A ක්‍රිකට් කණ්ඩායම

මොසඩැක් හුසේන් (නායක) සකීර් හසන් (කඩුලු රකින්නා) ෂද්මන් ඉස්ලාම්, සෞම්‍ය සර්කර්, තුෂාර් ඉම්රාන්, සබීර් රාහ්මන්, මොහොමඩ් සයිෆුඩීන්, අබු හයිඩර් රොනි, නයීම් හසන්, නස්මුල් ඉස්ලාම්, නයීම් හසන්

අතිරේක ක්‍රීඩකයන්; කාලීඩ් අහමඩ්, අෆිෆ් හුසේන්, සායිෆ් හසන්, මිසනුර් රාහ්මන්, ෂොරිෆුල් ඉස්ලාම්, රෂාඩ් හුසේන්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<