කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
ඩී. එස්. ක්‍රීඩකයින්ට මහනුවර දී පරාජය

වැසිබර කාලගුණයත් සමඟින් ප.ව. 4.05ට ඩී. එස්. පා පහරින් තරගය ආරම්භ විය. තරගය ආරම්භයේ පටන් දෙපිලම ආරක්ෂාකාරී තරග රටාවක නිරත වෙනු දක්නට ලැබුණි.
සම්පූර්ණ වාර්තාව: දෙවැනි අර්ධයේ මෙහෙයුමෙන් ජය විද්‍යාර්ථයට
චමෝද්ගේ දස්කම් අන්තෝනියට ජය ගෙනේ

අවසන් ලකුණු තත්වය: සාන්ත අන්තෝනි විද්‍යාලය 43 (6T, 5C, 1P) – 36 (5T, 4C, 1P) මලියදේව විද්‍යාලය
ThePapare.com තරගයේ වීරයා: චමෝද් වනසිංහ (සාන්ත අන්තෝනි)
සම්පූර්ණ වාර්තාව: කුරුණෑගල උත්සාහය අපතේ යවමින් ජය මහනුවරට
විද්‍යා ක්‍රීඩකයෝ තවත් ඉදිරියට

අවසාන ලකුණු තත්වය: විද්‍යා විද්‍යාලය 39 (7T,2C) – 10(2T) ධර්මරාජ විද්‍යාලය
ලකුණු රැස්කළ ක්‍රීඩකයෝ
විද්‍යා විද්‍යාලය: හෂාන් මධුමාධව (1T), තරුෂ සිල්වා (1T), ඉමේත් රවින් (1T), එච්. එස්. සාමරත්න (1T), සී. එස්. එස්. ෆොන්සේකා (1T), පී. එස්. අයි. ප්‍රියදර්ශන (1T), ආර්. ඒ මදුසංක (2C)
ධර්මරාජ විද්‍යාලය: මනුක හියාරපිටිය (1T), බවන්ත උඩන්ගමුව (1T)
සම්පූර්ණ වාර්තාව: විද්‍යා විද්‍යාලයේ වේගයෙන් ධර්මරාජ ක්‍රීඩකයෝ පසුබසී
ලුම්බිණි ක්‍රීඩකයින්ට ගල්කිස්සේ දී පරාජයක්

අවසන් ලකුණු තත්වය: සාන්ත තෝමස් විද්‍යාලය 40 (6T,5C ) – 10 ලුම්බිණි විද්‍යාලය
ThePapare.com තරගයේ වීරයා: ක්‍රිස්ටියන් ඩී ලයිල් (සාන්ත තෝමස්)
සම්පූර්ණ වාර්තාව: තෝමසුවන් හමුවේ ලුම්බිණි ක්‍රීඩකයින්ට දැවැන්ත පරාජයක්






















