ජයග්‍රහණය LB ෆිනෑන්ස්ට හා අමානා බැංකුවට

771

වෙළඳසේවා ලීග් පාපන්දු තරගාවලියේ “D” කාණ්ඩයේ තරග ද්විත්වයක් අදත් (18) සිටි ලීග් පාපන්දු සංකීර්ණයේ දී පැවැත්විය. එම තරග වලින් LB ෆිනෑන්ස් කණ්ඩායම හා අමානා බැංකු කණ්ඩායම ජයග්‍රහණ වාර්තා කරන ලදි.

යූනියන් බැංකුව හා WNS Global ජයග්‍රාහකයින් අතරට

වෙළඳසේවා ලීග් පාපන්දු තරගාවලියේ 4 වන සතියට අදාළව පැවති “E” කාණ්ඩයේ තරග ද්විත්වයක් ඊයේ (17) කොළඹ සිටි ලීග් පාපන්දු සංකීර්ණයේ…

LB ෆිනෑන්ස් සහ ඩයලොග් ආසිආටා

මෙම තරගයෙන් ගෝල 3 – 1ක් ලෙස ජයග්‍රහණය වාර්තා කළේ LB ෆිනෑන්ස් කණ්ඩායමයි.

තරගය ආරම්භ වී පළමු මිනිත්තුවේදීම ප්‍රථම ගෝලය වාර්තා කරන්නට LB ෆිනෑන්ස් කණ්ඩායම සමත්වූ අතර ජේ. ඒ. ලක්ෂාන් (11) එම ගෝලයේ හිමිකරුවා විය.

ඩයලොග් කණ්ඩායමේ ශාන් හසීම් (10) පන්දුව ලබා ගෙන ගෝලයක් වාර්තා කිරීමේ බලාපොරොත්තුව ඇතිව දිව ගියත්, ප්‍රතිවාදී ගෝල රකින්නා විසින් ඔහුව සාර්ථකව වළක්වන ලදි. ඊට සුළු මොහොතකට පසු නැවතත් ඔවුන්ගේ කණ්ඩායමේ මනාස් වසීර් (4) විසින් යොමු කළ පන්දුව ලලිත් සමරකෝන් ලබා ගත්ත ද එය ද ගෝලයක් බවට පරිවර්තනය වූයේ නැත.

ඉන්පසුව 18 වැනි මිනිත්තුවේ දී රිෆාඩ් පහිල් (14) විසින් ගෝලයක් වාර්තා කළේ මෙතෙක් ලකුණු ලබා නොසිටි ඩයලොග් කණ්ඩායමේ ලකුණු පුවරුව ක්‍රියාත්මක කරමිනි.

පළමු අර්ධය අවසන් වීමට මොහොතකට පෙර LB ෆිනෑන්ස් කණ්ඩායම වෙත පැති පහර අවස්ථාවක් හිමි වුවද එය අසාර්ථක විය.

පළමු අර්ධය: LB ෆිනෑන්ස් 01 – 01 ඩයලොග් ආසිආටා

දෙවන අර්ධය ආරම්භයේදීම ඩයලොග් කණ්ඩයම වෙත පැති පහර අවස්ථාවක් හිමි වුවත් එය සාර්ථක නොවීය.

ඩයලොග් කණ්ඩායම වෙනුවෙන් ක්‍රියාත්මක වූ තාරික් මර්සූක් පිටියේ මැද සිට දිව ගොස් හරි මැදින් එල්ල කළ පහරක්, සාර්ථකව රැක ගන්නට ගෝල රකින්නා සමත් විය. ඒත් සමඟම ඔවුන්ට හිමි වූ පැති පහර අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ලබා ගැනීමටත් ඔවුන්ට නොහැකි විය.

නැවතත් ක්‍රියාත්මක වූ LB ක්‍රීඩකයින් තරගයේ 52 වන මිනිත්තුවේ දී තවත් ගෝලයක් වාර්තා කරමින් ලකුණු පරතරය 2කින් ඉහළ දමා ගැනීමට සමත් වූ අතර ‍ එච්. ඒ. අහමඩ් (8) විසින් එම ගෝලය සාර්ථක කර ගත්තේය.

ඩයලොග් කණ්ඩායමේ ඒ. තුලක්ෂණ (17) ගෝලයක් වාර්තා කිරීමේ පහසු අවස්ථාවක් මඟ හරවා ගන්නා ලදි. තරගයේ 60 වන මිනිත්තුවේ දී ජේ. ඒ. ලක්ෂාන් (11) තවත් ගෝලයක් වාර්තා කරන්නේ තරගයේ ජය තම කණ්ඩායම ඉදිරියේ සටහන් කරමිනි.

සම්පූර්ණ ලකුණු: LB ෆිනෑන්ස් 03 – 01 ඩයලොග් ආසිආටා

ගෝල ලාභීන්

  • LB ෆිනෑන්ස් – ජේ. ඒ. ලක්ෂාන් 01’, එච්. ඒ. අහමඩ් 52’, ජේ. ඒ. ලක්ෂාන් 60’
  • ඩයලොග් – රිෆාඩ් පහිල් 18’

අමානා බැංකුව සහ සිංගර්

අමානා කණ්ඩායමේ එම්. තන්සීල් ජිෆ්රිගේ (8) පා පහරින් ආරම්භ වූ මෙම තරගයේ පළමු මිනිත්තුවේදීම ගෝලයක් වාර්තා කිරීමට අමානා බැංකු කණ්ඩායමට හැකි වූයේ, ඒ. එස්. එම්. ෆාහිම් (14) වම් අන්තයෙන් යොමු කළ පන්දුවට එම් .ඒ. නූර්ඩීන් (15) හිසෙන් එල්ල කළ පහරක් නිසා පන්දුව කෙළින්ම ගෝල රාමුව තුළට ගමන් කිරීම නිසාවෙනි.

ඊට පසු 5 වන මිනිත්තුවේ දී එම්. එච්. එම්. සජිඩ් (27) විසින් තවත් ගෝලයක් වාර්තා කරමින් අමානා බැංකු කණ්ඩායමේ ලකුණු තත්වය 2ක් දක්වා වැඩි කළේය.

තරගය ක්‍රම-ක්‍රමයෙන් ඉදිරියට ඇදෙද්දී 20 වන මිනිත්තුවේ දී නැවතත් ක්‍රියාත්මක වූ අමානා බැංකු ක්‍රීඩකයින් තවත් ගෝලයක් වාර්තා කිරීමට සමත් විය. ඒ. එස්. එම්. ෆාහිම් (14) එල්ල කළ පන්දුව ගෝල රාමුවේ වැදී පිටිය මැදට විසිවූ විට ඉක්මනින් ක්‍රියාත්මක වූ එම් .ඒ. නූර්ඩීන් (15) එය නැවතත් ගෝල රාමු තුළට යොමු කළේ සියල්ලන් මවිත කරමිනි.

දිගු වේලාවකට පසු සිංගර් ක්‍රීඩක ආර්. ඒ. ජේ. පෙරේරා වම් අන්තයෙන් මීටර් 15ක් පමණ දුර සිට ගෝල සීමාවට එල්ල කළ පන්දුව ප්‍රතිවාදී ගෝල රකින්නා විසිින් දක්ෂ ලෙස වැළැක්වීය.

ඒ අනුව පළමු අර්ධයේ වැඩි වේලාවක් සිංගර් සීමාවේ පන්දුව හුවමාරු කරමින් අමානා ක්‍රීඩකයින් ලකුණු ලබා ගැනීමට සමත් විය.

පළමු අර්ධය: අමානා බැංකුව 03 – 00 සිංගර් 00

දෙවන අර්ධයේ දී අමානා බැංකු කණ්ඩායමේ එස්. එම්. ශිහාන් එල්ල කළ පහරක් හේතුවෙන් පන්දුව ගෝල රාමුවේ පිටත වැදී ඉවතට විසිවී ගියේය. එත් සමඟම හිමි වූ පැති පහර අවස්ථාව ද සාර්ථක කර ගැනීමට ඔවුන්ට නොහැකි විය.

මෙම අර්ධයේ දී වැඩි වේලාවක් පන්දුව දෙපිල අතර හුවමාරු වෙමින් තිබූ අතර ගෝල සීමාවට පන්දුව රැගෙන ගිය ද එ්වා ගෝල බවට පරිවර්තනය කර ගැනීමට දෙපිලටම නොහැකි විය.

තරගයේ 45 වන මිනිත්තුවේ දී අමානා බැංකු ක්‍රීඩක එම්. එච්. එම්. සජිඩ් (27) දිගු වේලාවකට පසු ක්‍රියාත්මක වෙමින් ගෝලයක් වාර්තා කිරීමට සමත් වූයේ තම කණ්ඩායමේ ලකුණු තත්වය 4ක් දක්වා ඉහළ දමමිනි.

ඒ අනුව සිංගර් කණ්ඩායමට ‍තරගය අවසාන වන විට කිසිඳු ලකුණක් වාර්තා කිරීමට නොහැකි විය.

සම්පූර්ණ ලකුණු: අමානා බැංකුව 04 – 00 සිංගර්

ගෝල ලාභීන්

  • අමානා බැංකුව – එම්. ඒ. නූර්ඩීන් 01’, 20’, එම්. එච්. එම්. සජිඩ් 5’, 45’

 තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න  පාපන්දු ක්‍රීඩා පිටුවට