රසල් ආර්නල්ඩ්ට අලුත් තනතුරක්

533

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ලද සුපිරි ක්‍රීඩකයෙක් වන රසල් ආර්නල්ඩ් මේ වසරේ පැවැත්වෙන “ලංකන් ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තරගාවලි අධ්‍යක්ෂක ලෙස පත්කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (7) දැනුම් දෙන ලදි.

වසර මැද දී ලංකන් ප්‍රිමියර් ලීග් තරගාවලියක්

මේ වසරේ අගෝස්තු 18 වැනිදා සිට සැප්තැම්බර් 10 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ප්‍රමුඛතම ක්‍රිකට් තරගාවලියක් වන ලංකන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු අදියර ක්‍රියාත්මක කිරීමට දැනට කටයුතු සූදානම් කර ඇත.

මේ තරගාවලිය සඳහා දේශීය ක්‍රිකට් තරග බිමේ දක්ෂයින් හා ජාත්‍යන්තර ක්‍රිකට් බිමේ දක්ෂ ක්‍රීඩකයින් පැමිණෙනු ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සමුදුන් පසුව ජාත්‍යන්තර ක්‍රිකට් තරග විස්තර විචාරකයෙක් ලෙස සිය ගමන් මඟ ආරම්භ කර රසල් ආර්නල්ඩ් මේ වන විට ලොව සිටින කීර්තිමත් හා අත්දැකීම් බහුල ජාත්‍යන්තර ක්‍රිකට් තරග විස්තර විචාරකයෙක් වේ.

අපි ආඩම්බර වෙනවා තිසරගේ හැසිරීම ගැන – තිලංග

“ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරගාවලි අධ්‍යක්ෂක ලෙස එක් අයෙකු තෝරා පත්කරා ගැනීමේ දී අප එම පුද්ගලයා සතුව ඇති සංවිධාන හැකියාව, දේශීය හා විදේශීය තරගාවලි අත්දැකීම් බහුල පුද්ගලයෙක්ව තෝරා ගන්න අපට අවශ්‍ය වුනා. ඒ නිසා අප මෙවන් වූ ජාත්‍යන්තර මට්ටමේ තරගාවලියක් සංවිධානය කිරීමට ක්‍රිකට් පිළිබඳ විශාල දැනුමක් ඇති රසල් ආර්නල්ඩ්ව තරගාවලි අධ්‍යක්ෂක ලෙස තෝරා ගනු ලැබුවා.” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා පවසා ඇත.

සුපිරි පළාත් තරගාවලියෙන් ක්‍රීඩකයින්ට ජාතික වරම්

“මම ඉතාමත්ම කැමැත්තෙන් හා සතුටෙන් ලංකන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අධ්‍යක්ෂක තනතුරේ වගකීම භාර ගන්නවා. මෙමඟින් ඉතාමත් උණුසුම් හා තරගකාරී විස්සයි විස්ස තරග අත්දැකීමක් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයට එක් කිරීමට හැකි ලෙස තරගාවලිය සංවිධානය කිරීමට මා බලාපොරොත්තු වෙනවා. මෙම තරගාවලිය තුළ දී දේශීය ක්‍රිකට් ක්‍රීඩකයින්ට ජාත්‍යන්තර ක්‍රීඩකයින් සමඟ කරට කර තරග වැදීමට හැකියාව ලැබෙන නිසා එම දේශීය ක්‍රීඩකයින්ට මේ අවස්ථාව ඉතාමත් වැදගත් වනු ඇත.” යැයි රසල් ආර්නල්ඩ් මහතා පවසා තිබේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<