ශ්‍රී ලංකා නවසීලන්ත තුන්වැනි විස්සයි විස්ස තරගය ඊයේ (6) නිමා වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය හිමිකර දෙමිනි.
ශ්‍රී ලංකාවේ ප්‍රබලතම වේගපන්දු යවන්නා වන ලසිත් මාලිංග තම ප්‍රබලම දස්කම් දැක්වීමට සමත් වූයේ ලකුණු 6කට කඩුලු 5ක් දවා ගනිමිනි. එයට පිට පිට දවා ගත් කඩුලු 4ක් ඇතුළත් වූ අතර විස්සයි විස්ස තරග ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභියා බවට පත්වීමට ද ඔහු සමත් විය.
මෙම කඩුලු ත්‍රිත්වය මාලිංග විස්සයි විස්ස තරගයක් තුල දවා ගත් දෙවන කඩුලු ත්‍රිත්වය වන අතර double hat-trick හෙවත් ද්විත්ව කඩුලු ත්‍රිත්වයන් දෙකක් ලබා ගත් ලොව එකම පන්දු යවන්නා වීමට ද මාලිංග සමත් විය. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්ත තරග සංචාරය 2-1ක් ලෙස පරාජය විය.
මාලිංගගේ ගිනිකෙළි අස්සෙන් ජයග්‍රහණයට පාර වැටේ
වචනයෙන් පමණක් නොව ක්‍රියාවෙන් ද යමක් කර පෙන්වන ක්‍රීඩකයෙක් වන ලසිත් මාලිංග අද (6) නැවත…
ලසිත්ගේ මෙම දක්ෂතා සමාජ මාධ්‍ය තුල විශාල අවධානයක් දිනා ගැනීමට සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ දී ලකුණු 125ක් පමණක් ලබා ගත් නිසාවෙන් තරගය පිළිබඳව ජාත්‍යන්තර අවධානය ගිලිහී ගිය අතර මේ දිනවල පැවැත්වෙන අළුබඳුන තරගාවලිය සඳහා වැඩි අවධානයක් යොමුව තිබුණි. නමුත් මාලිංගගේ සුවිශේෂී පන්දු යැවීම තරගයට ප්‍රබල අවධානයක් ලබා ගැනීමට සමත් විය.
මාලිංග දවා ගත් කොලින් මුන්රෝගේ කඩුල්ල ඔහුගේ 100 වැනි විස්සයි විස්ස කඩුල්ල වන අතර එම දස්කම දැක්වූ ලොව පළමු ක්‍රීඩකයා බවට පත්වීමට ද මාලිංග සමත් විය. ඒ සමඟින් ජාත්‍යන්තර මාධ්‍ය අවධානය තරගය කරා යොමු විය.
Sri Lanka skipper Lasith Malinga becomes the first man to reach ? wickets in T20I cricket! #LEGEND#LasithMalinga ??? pic.twitter.com/k3u0rxcKDD
— Sri Lanka Cricket ?? (@OfficialSLC) 6 September 2019
#SLvNZ: Our very own talented bowler and national Twenty20 captain Lasith Malinga has become the first bowler in Twenty20 internationals to claim 100 wickets.#DFCCBankCup | #NCCKollek pic.twitter.com/99xKtaU5Vg
— Nondescripts C.C. (@NondescriptsCC) 7 September 2019
මාලිංග එම වාර්තාව පිහිටුවා වැඩි කාලයක් ගත වීමටත් පෙර තම 101 වැනි කඩුල්ල දවා ගත් අතර 102 වැනි හා 103 වැනි කඩුලු ද එක පිට එක බිඳ වැටෙන්නට විය. මාලිංගගේ මේ වික්‍රමයන් ලොව පුරා ක්‍රීඩාලෝලීන්ගේ ප්‍රබල අවධානයට යොමු විය. එහි සුවිශේෂී අවස්ථාවන් කීපයක් පහත දැක්වේ.
ඒ අතරින් නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නිල ට්විටර් පණිවිඩයකින් උදව් ඉල්ලා තිබීම බොහෝදෙනාගේ අවධානයට යොමුව තිබුණි.
SEND HELP!
Lasith Malinga has claimed FOUR wickets in FOUR balls! Fast and full swinging yorkers! Game on in Kandy – https://t.co/psprTfyg0T #SLvNZ pic.twitter.com/2TOVewPk8v— BLACKCAPS (@BLACKCAPS) 6 September 2019
තවත් ට්වීටර් පණිවිඩ කීපයක් පහත දැක්වේ
Munro ✅
Rutherford ✅
de Grandhomme ✅
Taylor ✅Four wickets in four balls ??
L4SITH MALINGA, you absolute beauty ????#OneFamily#CricketMeriJaan#SLvNZ
— Mumbai Indians (@mipaltan) 6 September 2019
History maker #Malinga. Simply amazing ⭐⭐⭐⭐⭐
— Jasprit Bumrah (@Jaspritbumrah93) 6 September 2019
The great #LasithMalinga. Still has it. 4 in 4 again! May he just keep playing…..
— Harsha Bhogle (@bhogleharsha) 6 September 2019
..WWWW! Another 4 in 4 for the legend, Lasith Malinga! What a bowler! #Legend#KingOfYokers@Lasith99Malinga@ICC@OfficialSLC
— Namal Rajapaksa (@RajapaksaNamal) 6 September 2019
Saw something very special today in Pallekele #Slvnz Lasith Malinga .. what a champion !!! 4 in 4 again
— Russel Arnold (@RusselArnold69) 6 September 2019
Shall never forget the spell of commentary I did describing Lasith Malinga’s 4 in 4. It was a truly special moment in a commentators life.
— Roshan Abeysinghe (@RoshanCricket) 6 September 2019
Just keeps getting better and better! Well done champ?? #slingamalinga#SLvNZpic.twitter.com/lS8ZaGNgqW
— Farveez Maharoof (@farveezmaharoof) 6 September 2019
Players in the caliber of @Lasith99Malinga are a rarity in the game of cricket. Congratulations Lasith, you’re a game changer. #SLvNZpic.twitter.com/mAavBiW912
— President of SLC (@SLCPresident) 6 September 2019
What a magnificent performance by @OfficialSLC and hats off Mali aiya on brilliant performance! @Lasith99Malinga
Congratulations team on the win! #LionsRoar#SLvNZ— Lasith Embuldeniya (@LEmbuldeniya) 6 September 2019
What performance by @Lasith99Malinga and @OfficialSLC fantastic effort guys. Congratulations.????
— Kaushal (@SilvaKaushal) 6 September 2019
අවසානයේ මාලිංග ද මෙසේ ට්විටර් පණිවිඩයක් තබා තිබුණි.
Thanks to everyone for wonderful messages nd support it will not possible without support of u fans n family love u all
— Lasith Malinga (@Lasith99Malinga) 7 September 2019
ශ්‍රී ලංකාව බිහි කළ ලොව විශිෂ්ටම වේගපන්දු යවන්නාගේ මෙම දක්ෂතා පිළිබඳව ThePapare.com අප ද උණුසුම් සුබ පැතුම් එක්කරන්නෙමු.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<