ස්මිත් – මාශ් සබඳතාවය නිසා ජය කැන්ගරුවන්ට

184
Ashes

තවත් ටෙස්ට් තරග දෙකක් ඉතිරිව තිබිය දී ම ඕස්ට්‍රේලියානු කණ්ඩායමට අළු බඳුන ක්‍රිකට් තරගාවලිය ජය ගැනීමට හැකි වූයේ අද (18) අවසන් වූ තෙවන ටෙස්ට් තරගය ද ඉනිමකින් හා ලකුණු 41කින් ජයග්‍රහණය කිරීමත් සමඟිනි.

ඉන්දීය ක්‍රීඩකයෝ තරගාවලිය ජය ගනිති

ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ඉන්දියාවට එරෙහිව ඉන්දියාවේ දී එක්දින තරගාවලියක ජයග්‍රහණයක් ලබා ගැනීමේ ආසන්නතම…

පසුගිය 14 වැනිදා පර්ත් නුවර වැකා පිටියේ දී කාසියේ වාසිය දිනාගත් එංගලන්ත නායක ජෝ රෑට් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. එංගලන්ත පළමු කඩුලු 4 ලකුණු 131ක් වන විට බිඳ දැමීමට මිචෙල් මාශ් ඇතුළු ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන්නන් සමත් විය.

එංගලන්තයේ පස්වන කඩුල්ල සඳහා සාර්ථක සබඳතාවයක් ගොඩනැංවූ ඩේවිඩ් මාලන් හා ජොනී බෙයාර්ස්ටොව් ලකුණු 237ක සබඳතාවයක් පස්වන කඩුල්ල සඳහා ගොඩනැංවූයේ එංගලන්ත ප්‍රේක්ෂකයින්ගේ බලාපොරොත්තු ඉහළ නංවාලමිනි. 4 පහර 19ක් හා එක් 6 පහරක් සමඟින් වර්ණවත් පිතිකරණයක නිරත වූ මාලන් ලකුණු 140ක් ලබාගෙන සිටිය දී අවාසනාවන්ත ලෙස නේතන් ලයන්ගේ පන්දුවකට දැවී ගියේය.

අනෙක් පසින් ඔහුට සවියත් වූ ප්‍රහාරත්මක පිතිකරු බෙයාර්ස්ටොව් ද ලකුණු 119ක් ලබාගෙන සිටිය දී ස්ටාර්ක් එවූ සුපිරි පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම නිසාවෙන් දැවී යන විට එංගලන්ත ලකුණු පුවරුව 389/8ක් ලෙස දිස්විය. අවසානයේ එංගලන්ත පළමු ඉනිම ලකුණු 403කට සීමා විය.

හතරේ පහර 11යි, හයේ පහර 5යි; කුසල්ගෙන් දැවැන්ත ශතකයක්

දේශීය ක්‍රිකට් පිටිය අසිරිමත් සිදුවීම් රැසකින් පිරී ගිය අද (17) දිනයේ ප්‍රිමියර් ලීග් තරගාවලියේ A කාණ්ඩය යටතේ තරග…

ඉන්පසුව පිටිය පිවිසි ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවන් යුගල වන කැමරන් බ්‍රැන්කොෆ්ට් හා ඩේවිඩ් වෝනර් පිළිවෙළින් ලකුණු 25කට හා ලකුණු 22කට දැවී ගියේය. අනතුරුව පිටියට පිවිසි උස්මාන් කවාජා ලකුණු 50යි. නායක ස්ටීව් ස්මිත් හා එක්වූ මිචෙල් මාශ් පස්වන කඩුල්ල සඳහා ලකුණු 301ක දැවැන්ත සබඳතාවයක් ගොඩනැංවූයේ ජේම්ස් ඇන්ඩර්සන් ඇතුළු එංගලන්ත පන්දු යවන්නන් වෙහෙසට පත්කරමිනි. නායක ස්මිත් 4 පහර 30ක් හා එක් 6 පහරක් සමඟින් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ දෙවන ද්විත්ව ශතකය ලබා ගත්තේය. ඔහුට සහය වූ මිචෙල් මාශ් ද 4 පහර 29ක් සමඟින් ලකුණු 181ක් ලබාගෙන සිටිය දී ජේම්ස් ඇන්ඩර්සන්ගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව අවාසනාවන්ත ලෙස දැවී ගියේ සිය ද්විත්ව ශතකය මඟ හරවා ගනිමිනි.

පැට් කමින්ග්ස් හා ටිම් පෙයින් ඕස්ට්‍රේලියානු පසුපෙළ සවිමත් කරමින් තණතීරුව මත දක්ෂ ලෙස පන්දුවට පහර දුන්නේ ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව 600 සීමාවෙන් එහා ලකුණු පුවරුවක් වෙත ගෙන යමිනි. අවසානයේ ඔවුන් කඩුලු 9ක් දැවී ලකුණු 662ක් ලබාගෙන සිටිය දී සිය ඉනිම අත්හිටුවන ලදි. පන්දු යැවීමේ දී ජේම්ස් ඇන්ඩර්සන් කඩුලු 4යි.

ලකුණු 265ක පළමු ඉනිමේ අවාසියක් සහිතව සිය දෙවන ඉනිම ආරම්භ කළ එංගලන්ත දෙවන ඉනිමේ පළමු කඩුලු 3 ලකුණු 60ක් තුල දවා ගැනීමට හෙසෙල්වූඩ් හා ලයන් සමත් වූයේ සිය කණ්ඩායමට ඉනිමක ජයග්‍රහණයක් සඳහා අවශ්‍ය මූලික පදනම සකස් කරමිනි. දකුණතින් පිත්ත හසුරුවන ජේම්ස් වින්ස් හා ඩේවිඩ් මාලන් පමණක් එංගලන්තය දෙවන ඉනිම වෙනුවෙන් ගෞවරවාන්විත පිතිකරණයක නිරත වූයේ අර්ධ ශතක රැස්කර ගනිමිනි.

එහි දී වින්ස් 4 පහර 12ක් සිය පෞද්ගලික ගිණුමට එක් කර ගන්නා විට මාලන් 4 පහර 8ක් තම නම ඉදිරියෙන් සටහන් කර ගන්නා ලදි. ඔවුන් දෙදෙනා දැවී යාමට පසුව තවදුරටත් ක්‍රියාත්මක වූ හෙසෙල්වූඩ් එංගලන්ත දෙවන ඉනිම සුනුවිසුනු කළේ ඔවුන්ගේ ඉනිම ලකුණු 218කට සීමා කරමිනි. අවසානයේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ඉනිමක හා ලකුණු 41ක ජයක් හිමි විය.

එංගලන්ත පළමු ඉනිම – 403/10 (115.1): ඩේවිඩ් මාලන් 140, ජොනී බෙයාර්ස්ටොව් 119, මාර්ක් ස්ටෝන්මන් 56, මිචෙල් ස්ටාර්ක් 4/91, ජෝශ් හෙසෙල්වූඩ් 3/92.

ඕස්ට්‍රේලියානු පළමු ඉනිම – 662/9 d (179.3): ස්ටීවන් ස්මිත් 239, මිචෙල් මාශ් 181, උස්මාන් කවාජා 50, ටිම් පෙයින් 49*, ජේම්ස් ඇන්ඩර්සන් 4/116.

එංගලන්ත දෙවන ඉනිම – 218/10 (72.5): ජේම්ස් වින්ස් 55, ඩේවිඩ් මාලන් 54, ජෝශ් හෙසෙල්වූඩ් 5/48.

තරගයේ වීරයා – ස්ටීවන් ස්මිත් (ඕස්ට්‍රේලියාව)

දෙරට අතර පැවැත්වෙන සිව්වන ටෙස්ට් තරගය ලබන 26 වැනිදා මෙල්බර්න් ක්‍රිකට් පිටියේ දී ආරම්භ වෙනු ඇත.

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න