නාවිකයන්ගේ තියුණු ජයග්‍රහණයට නැවතත් වාසනාව හරස් වෙයි

98
Dialog Rugby

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ 12 වැනි සතියේ තරග අද (21) ආරම්භ විය. එහි දී පළමු තරගය ලෙස හැව්ලොක් ක්‍රීඩා සමාජය හා නාවික හමුදා ක්‍රීඩා සමාජය හැව්ලොක් පාක් ක්‍රීඩාංගණයේ දී තරග වැදුණු අතර තියුණු තරගයකින් අනතුරුව එම තරගය ජයග්‍රහණය කිරීමට හැව්ලොක් ක්‍රීඩා සමාජය සමත්වූයේ ලකුණු 25-18ක් ලෙසිනි. 

ක්‍රීඩකයින් තිදෙනෙක්ට තරග තහනමක්!

2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ 11 වැනි සතියෙන් පසු CR&FC ක්‍රීඩක ෂාරෝ ප්‍රනාන්දු, මහනුවර ක්‍රීඩා සමාජයේ

හැව්ලොක් ක්‍රීඩා සමාජය මෙම තරගයට පෙර ඔවුන් මුහුණ දුන් තරග 11න් 7ක් ජයග්‍රහණය කිරීමට සමත්ව සිටියහ. ඔවුන් ලකුණු සටහනේ සිව්වැනි ස්ථානය ලබාගෙන සිටියේ ලකුණු 41ක් ලබා ගනිමිනි. පසුගිය සතියේ දී ඔවුන් CH&FC සමඟින් තරග වැදුණු අතර එම තරගය ඔවුන් ජයග්‍රහණය කළේ ලකුණු 40-37ක් ලෙසිනි. 

නාවික හමුදා ක්‍රීඩා සමාජය මෙවර තරගාවලියේ හයවැනි ස්ථානය දිනාගෙන සිටියේ ඔවුන් මුහුණ දුන් තරග 11න් 3ක් ජයග්‍රහණය කරමිනි. පසුගිය සතියේ දී මහනුවර ක්‍රීඩා සමාජය හමුවේ ලකුණු 39-28ක් ලෙස පරාජය වීමට ඔවුන්ට සිදු විය. 

මෙවර තරගාවලියේ පළමු වටයේ දී හැව්ලොක් ක්‍රීඩා සමාජය ප්‍රබල තරගයකින් අනතුරුව නාවික ක්‍රීඩා සමාජය පරාජය කලේ ලකුණු 35-03ක් ලෙසිනි. 

තරගයේ 3 වැනි මිනිත්තුවේ දී ම නාවික ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීමට ඉසුරු කෝන්ගහවත්ත සමත්වූයේ හැව්ලොක් ක්‍රීඩා සමාජය ලබා දුන් දඬුවම් පහරක් උපයෝගී කරගනිමිනි. (නාවික 3 – 0 හැව්ලොක්)

ඉන් නොනැවතුනු ඔහු තරගයේ 8 වන මිනිත්තුවේ දී නාවික ලකුණු පුවරුවට තවත් ලකුණු 3ක් එක් කළේ දඬුවම් පහරක් මඟිනි. (නාවික 06 – 00 හැව්ලොක්)

හැව්ලොක් ක්‍රීඩා සමාජය වෙනුවෙන් පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට උමේශ් මධුශංක සමත් විය. ඒ තරගයේ 17 වැනි මිනිත්තුවේ දී ය. එහි ප්‍රවර්තනය සාර්ථක නොවූ අතර තරගයේ පෙරමුණ නාවික කණ්ඩායම සතු විය. (නාවික 06 – 05 හැව්ලොක්)

තරගයේ මීළඟ මිනිත්තු කීපය තියුණු මුහුණුවරක් ගත් අතර කණ්ඩායම් දෙකම ලකුණු ලබා ගැනීම සඳහා ගත් උත්සාහයන් කීපයක් ව්‍යර්ථ වී ගියේය. 

ෂාරෝගේ රතු කාඩ්පත මැද CR අමාරුවෙන් ජයග්‍රහණයට

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ CR&FC හා යුධ හමුදා ක්‍රීඩා සමාජය අතර දෙවන වටයේ

කෙසේ වෙතත් පළමු වරට හැව්ලොක් කණ්ඩායමට තරගයේ පෙරමුණ ගෙන දීමට ශව්කට් ලාහීර් සමත්වූයේ උත්සාහක දිනුමක් වාර්තා කරමිනි. එහි ප්‍රවර්තනය ද සාර්ථක නොවූ නිසා හැව්ලොක් කණ්ඩායමට ලකුණු 5කින් සෑහීමකට පත්වීමට සිදු විය. (නාවික 06 – 10 හැව්ලොක්)

තරගයේ 38 වැනි මිනිත්තුවේ දී හැව්ලොක් ක්‍රීඩක මලීශ මධුමෙවන් හට කහ කාඩ්පතක් නිකුත් කළ අතර හැව්ලොක් කණ්ඩායම ක්‍රීඩකයන් 14ක් දක්වා අඩු විය. 

ඉන් උපරිම ප්‍රයෝජනය ලබා ගත් නාවික කණ්ඩායම හැව්ලොක් සීමා ඉර ආක්‍රමණය කළේය. එහි දී තරගයේ පළමු අර්ධය නිමා වීමට පෙර නාවික කණ්ඩායමට උත්සාහක දිනුමක් ලබා දීමට රදීශ සෙනවිරත්න සමත් විය. එහි ප්‍රවර්තනය සාර්ථක නොවූවද තරගයේ පෙරමුණ ගැනීමට නාවික කණ්ඩායම සමත් විය. (නාවික 11 – 10 හැව්ලොක්)

පළමු අර්ධය: නාවික හමුදා ක්‍රීඩා සමාජය 11 – හැව්ලොක් ක්‍රීඩා සමාජය

දෙවන අර්ධය ආරම්භයේ දී ම හැව්ලොක් කණ්ඩායම වෙනුවෙන් තම දෙවන උත්සාහ දිනුම වාර්තා කිරීමට ශව්කට් ලාහීර් සමත් විය. ඒ තරගයේ 45 වැනි මිනිත්තුවේ දී ය. හැව්ලොක් කණ්ඩායම එම ප්‍රවර්තනය ද සාර්ථක කර ගත්තේ නැත. (නාවික 11 – 15 හැව්ලොක්)

තරගයේ 63 වැනි මිනිත්තුවේ දී හැව්ලොක් ක්‍රීඩකයෙකු වෙත තවත් කහ කාඩ්පතක් නිකුත් කිරීමට විනිසුරුවන් ක්‍රියා කළේය. ඒ රැන්ඩි සිල්වා වෙතයි.  

එම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ලබා ගත් නාවික ක්‍රීඩක ගයාන් වික්‍රමරත්න උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් විය. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගත් ඉසුරු කෝන්ගහවත්ත නාවික ලකුණු පුවරුව ලකුණු 18ක් දක්වා ඉහල දැමීමට සමත් විය. (නාවික 18 – 15 හැව්ලොක්)

66 වැනි මිනිත්තුවේ දී ගයාන් වික්‍රමරත්න වෙත කහ කාඩ්පතක් නිකුත් කළ අතර තීරණාත්මක අවසන් මිනිත්තු කීපය ක්‍රීඩකයන් 14 දෙනෙකුගෙන් ක්‍රීඩා කිරීමට නාවික කණ්ඩායමට සිදු විය. 

50 වැනි අවුරුද්ද කුසලානය එක්ක සමරන්නට එන ලේක්වීව් සිංහයෝ

අවසන් වරට B කාණ්ඩයේ සිට A කාණ්ඩයට පැමිණි වතාවේ මහනුවර ධර්මරාජ විද්‍යාලය A කාණ්ඩයේ අපරාජිත

හැව්ලොක් කණ්ඩායම ප්‍රබල සටනකින් අනතුරුව තවත් උත්සාහක දිනුමක් තරගයේ 69 වන මිනිත්තුවේ දී වාර්තා කළ අතර එයට හිමිකම් කීමට අස්මීර් ෆජුඩීන් සමත් විය. එහි ප්‍රවර්තනය සාර්ථක නොවූවද තරගයේ පෙරමුණ ගැනීමට හැව්ලොක් කණ්ඩායම සමත් විය. (නාවික 18 – 20 හැව්ලොක්)

තරගයේ අවසන් මිනිත්තු කීපය අතිශය තීරණාත්මක වූ අතර කණ්ඩායම් දෙකම තම උපරිම දක්ෂතා ‍යොදා ගනිමින් ලකුණු ලබා ගැනීමට උත්සාහ කළේය. කෙසේ වෙතත් තරගයේ 74 වැනි මිනිත්තුවේ දී නාවික කණ්ඩායමෙන් පන්දුව සොරා ගත් උමේශ් මධුශංක හැව්ලොක් කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් විය. එහි ප්‍රවර්තනය සාර්ථක නොවූවද හැව්ලොක් කණ්ඩායම ලකුණු 18-25ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් විය. (නාවික 28 – 25 හැව්ලොක්)

තරගය නිමා වූයේ ලකුණු 25-18ක් ලෙස තරගයේ ජයග්‍රහණය හැව්ලොක් කණ්ඩායමට හිමිකර දෙමිනි. 

අවසන් ලකුණු තත්ත්වය: නාවික හමුදා ක්‍රීඩා සමාජය 18 (2T, 1C, 2P) – 25 (5T) හැව්ලොක් ක්‍රීඩා සමාජය 

Dialog viu තරගයේ වීරයා: සංතුශ් අල්ගම (හැව්ලොක්). 

ලකුණු ලබාගත් ක්‍රීඩකයන්

  • නාවික හමුදාව: රදීශ සෙනවිරත්න (1T), ගයාන් වික්‍රමරත්න (1T), ඉසුරු කෝන්ගහවත්ත (1C, 2P)
  • හැව්ලොක්: උමේශ් මධුශංක (2T), ශව්කට් ලාහීර් (2T), අස්මීර් ෆජුඩීන් (1T)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<