කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.
දුවිඳු තිලකරත්න ලකුණු 30කට කඩුලු 6යි
සිංගර් ශ්‍රී ලංකා ආයතනයේ සාඩම්බර අනුග්‍රහය යටතේ පැවැත්වෙන 25 වැනි වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ දෙවැනි දිනය ඊයේ (10) ක්‍රීඩාංගණ 3ක් පදනම් කර ගනිමින් ක්‍රියාත්මක විය.
එහි දී කොමර්ෂල් ක්‍රෙඩිට්, ජෝන් කීල්ස් සහ MAS යුනිචෙලා කණ්ඩායම් ජයග්‍රහණ හිමි කර ගත් අතර ඩිල්ශාන් මුණවීර, දිමුත් කරුණාරත්න, දුවිඳු තිලකරත්න සහ රමිත් රඹුක්වැල්ල වැනි ක්‍රීඩකයින් රැසක් එම ජයග්‍රහණවල කොටස්කරුවන් බවට පත්වූහ.
කොමර්ෂල් ක්‍රෙඩිට් (A කණ්ඩායම) – සියල්ලන්ම දැවී ලකුණු 182 (පන්දුවාර 33.2): ඩිල්ශාන් මුණවීර 85, වනිඳු හසරංග 27, තරිඳු කෞෂාල් 3/23, ප්‍රභාත් ජයසූරිය 3/26, කසුන් රාජිත 2/66.
සම්පත් බැංකුව – සියල්ලන්ම දැවී ලකුණු 121 (පන්දුවාර 29.3): සමීන් කඳනාරච්චි 25, ලහිරු ගමගේ 2/16. අසිත ප්‍රනාන්දු 3/22, ඉමේශ් උමයංග 2/01, සචිත් පතිරණ 2/19.
කැන්රිච් ෆිනෑන්ස් (A කණ්ඩායම) – සියල්ලන්ම දැවී ලකුණු 126 (පන්දුවාර 38.2): පැතුම් නිස්සංක 27, දුවිඳු තිලකරත්න 6/30, දිල්රුවන් පෙරේරා 2/11.
MAS යුනිචෙලා – කඩුලු 2ක් දැවී ලකුණු 129 (පන්දුවාර 17): රමිත් රඹුක්වැල්ල 68*, ටී. එම්. සම්පත් 45.
සම්පූර්ණ ලකුණු වාර්තාව: දුවිඳුගේ දඟපන්දුව නිසා MAS යුනිචෙලාට සුපිරි ජයක්!
ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථම ජය වාර්තා කරයි

කොළඹ කෝල්ට්ස් පිටියේ දී පැවැත්වූ මෙම තරගයේ දී කාසියේ වාසිය ජයග්‍රහණය කළ බංග්ලාදේශ කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කරන ලදි.
ගේශාන් විමලධර්ම හා හශාන් දුමිඳු ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පළමුව පිටියට පිවිසි අතර, ඔවුන්ට පළමු කඩුල්ල සඳහා ගොඩනැංවීමට හැකි වූයේ ලකුණු 8ක සබඳතාවයක් පමණි. ලකුණු 25කට කඩුලු 2ක් දැවී තිබූ අවස්ථාවේ දී පිටියට අවතීර්ණ වූ මනෝජ් සරත්චන්ද්‍ර සමඟින් එක්වූ දුමිඳු, ලකුණු 25ක සබඳතාවයක් ගොඩනංවන ලදි.
ශ්‍රී ලංකාව – 188/7 (20): ජනිත් ලියනගේ 40, චාමික කරුණාරත්න 28*,කේ. ජයවික්‍රම 18*, හශාන් දුමිඳු 17, අරිෆුර් රහමාන් 2/18, අන්ජුම් අහමඩ් 2/28.
බංග්ලාදේශය – 141/7 (20): ජසිම් උඩ්ඩින් 32, නහිදුල් ඉස්ලාම් 24, අන්ජුම් අහමඩ් 23*, අමිල අපෝන්සු 3/13, චාමික කරුණාරත්න 2/26.
සම්පූර්ණ වාර්තාව: ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක ආරම්භයක්
සහය දිවීමේ සැණකෙළිය සාර්ථකව නිමා වෙයි
දෙවන වරටත් සාර්ථකව පවත්වන ලද සමස්ත ලංකා පාසල් සහය දිවීමේ සැණකෙළිය සැප්තැම්බර් මස 8 වන දා සිට 10 වන දා දක්වා උතුරු පළාතේ ප්‍රධාන ක්‍රීඩාංගණයක් වන යාපනය දුරේයප්පා ක්‍රීඩාංගණයේ දී නිමාවට පත්විය.
මෙවර තරගාවලිය අවසානයේ බාලක ශූරතාවය සාන්ත බෙනඩික්ට් විද්‍යාලය විසින් ජයග්‍රහණය කළ අතර බාලිකා ශූරතාවය වලල ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලය සතු කර ගන්නා ලදි.
ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යාංශයේ පූර්ණ අනුදැනුම යටතේ, ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය විසින් මෙවර සහය දිවීමේ සැණකෙළිය සංවිධානය කරන ලදි.
සම්පූර්ණ වාර්තාව: සාන්ත බෙනඩික්ට්, වලල ඒ. රත්නායක විදුහල් ශූරතා දිනයි
























