ක්‍රීඩකයින් ක්‍රීඩා පිටියට වී ජයග්‍රහණයක් ඉහළින් සමරද්දී නිශ්ශබ්දව ජයග්‍රහණය සමරන තවත් පුද්ගලයින් කිහිප දෙනෙක් ඕනෑම කණ්ඩායමක් තුළ සිටී. ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව තුළ ද එවන් ඇගයීමට පාත්‍ර නොවූ පුද්ගලයින් කිහිප දෙනෙක්ම හඳුනා ගත හැක. ඔවුන් නොවන්නට ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ ජයග්‍රාහී ගමන්මග තවත් එක් සිහිනයක් වන්නට ඉඩ තිබුණි.
දුටු සිහින යථාර්ථයක් කර ගත් ලහිරු හේරත්
සෑම වසරකම පාහේ නැඟී එන රග්බි ක්‍රීඩකයින් සඳහා මනා තෝතැන්නක් වන්නේ පාසල් රග්බි ලීග් තරගාවලිය යි…
ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායමේ කළමනාකාර ධූරය දරන ඔහු කණ්ඩායම ජයග්‍රහණය කරන අවස්ථාවල දී මෙන්ම කණ්ඩායම පරාජය වන අවස්ථාවල දීත් කණ්ඩායම පසුපස සිටිමින් ක්‍රීඩකයින් දිරිමත් කරන්නේය. ‘නානා’ යන අන්වර්ථ නාමයෙන් කාගේත් ආදරයට පාත්‍ර වී සිටින ඔහු නමින් රොහාන් චින්තක ය. ඔහු කුඩා අවදියේ සිටම රග්බි ක්‍රීඩාවට ඇල්මක් දැක්වූවෙකි.
රොහාන් පවසන ආකාරයට ඔහුට රග්බි ක්‍රීඩාව සම්බන්ධයෙන් ඇල්මක් ඇතිවී ඇත්තේ ඔහුගේ පාසැල් අවදියේ දීය. ඒ අනුව ඔහු රග්බි දිවියට පා තබන්නේ වයස අවුරුදු 13 දීය.

පසුව 2001 වසරේ දී සනත් මාර්ටිස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරද්දී තරග කිහිපයක් ක්‍රීඩා කිරීම සඳහා මම නැවතත් කණ්ඩායමට එක්වුනා. නමුත් මට ඇතිවෙච්ච ආබාධ නිසා 2002 වසරේ දී මට නැවතත් ඉවත් වෙන්න සිදු වුනා. ඊට පස්සේ 2003 වසරේ දී කළමනාකාර වගකීම් බාර ගනිමින් මම CR & FC ක්‍රීඩා සමාජයේ කළමනාකරු ලෙස පත්වුණා.
අනතුරුව අපි ඔහු 2003 වසරේ දී කළමනාකාර දිවියට පිවිසීම සම්බන්ධයෙන් විමසා සිටියෙමු.

ක්‍රීඩා සමාජයක කළමනාකාරිත්වය බාර ගනිමින් ආරම්භ වූ ඒ ගමන වසර කිහිපයකින් ජාතික කණ්ඩායමේ කළමනාකාරිත්වය දැරීම දක්වා අද වන විට පැමිණ ඇත. ඔහු පවසන අන්දමට ක්‍රීඩා සමාජයක කළමනාකාරිත්වය දැරීම සහ ජාතික කණ්ඩායමේ කළමනාකාරිත්වය දැරීම හාත්පසින්ම වෙනස් කාර්යයන් දෙකකි.
“කණ්ඩායමක් කළමනාකරණය කරන්න ක්‍රීඩකයින් සමඟ හොඳ බැඳීමක් තියෙන්න ඕනේ. ජාතික කණ්ඩායම් ගැන බලද්දී සත් සාමාජික වගේම සාමාන්‍ය කණ්ඩායම යන කණ්ඩායම් දෙකම තියෙනවා. මට නම් සත් සාමාජික කණ්ඩායම කළමනාකරණය කරන එක ලේසියි. ඒ සත් සාමාජික ක්‍රීඩකයෝ ඔවුන්ගේ අර්ධ වෘත්තීය ක්‍රීඩා දිවියේ ඉහළම තලයේ සිටින නිසා. මොකද ඔවුන්ට තමන්ව කළමනාකරණය කර ගත යුතු ආකාරය පිළිබඳ හොඳ අවබෝධයක් තියෙනවා.”
පළමුපෙළ ක්‍රීඩා කරන්න සිහින දකින 18න් පහළ වීරයා
“මම රග්බි ක්‍රීඩකයෙක් වෙන්නෙ මගේම උවමනාවටම කියලයි මට හිතෙන්නේ. මට අද දක්වාම කවුරුත් කියල නැහැ රග්බි…
“සාමාන්‍ය කණ්ඩායමක ක්‍රීඩකයින් 15 දෙනෙක් සිටිනවා. ඒක ලොකු සංඛ්‍යාවක්. සංඛ්‍යාව වැඩි වුනාට කළමනාකරණ මූලධර්මය ඒකමයි. අපි බුද්ධිමත් නම් අපිට තේරුම් ගන්න පුළුවන් ක්‍රීඩකයින්ව හොඳින් කළමනාකරණය කරන්නේ කොහොමද කියන එක.”

අනතුරුව ජාතික කණ්ඩායමේ සිටින කරදරකාරයින් පිළිබඳව අපි රොෂාන්ගෙන් විමසා සිටියෙමු.
“සමහර ක්‍රීඩකයෝ කිසිම අකමැත්තක් නැතුව පුහුණුවීම්වලට එනවා. නමුත් සමහර ක්‍රීඩකයෝ පුහුණුවීම්වලට ගේන්න ගන්න මට ඔවුන්ව හොයාගෙන යන්න වෙනවා. හරියට ෂාරෝ ප්‍රනාන්දු වගේ ක්‍රීඩකයෝ. එක දෙයක් තමයි ඔවුන් තාම තරුණ වයසේ ක්‍රීඩකයෝ. නමුත් ඔවුන් සමඟ කටයුතු කරන එක මට හරිම විනෝදජනක කටයුත්තක්. මොකද මාත් ඒ වයස පසුකරගෙන ආවේ.”
“සමහර වෙලාවට මගේ ප්‍රතිචාරය බලන්න ඔවුන් මාව කේන්ති ගස්සනවා. ඔවුන් කියන්නේ දවසකට එක වතාවක් හරි මම බැන්නේ නැත්නම් ඔවුන්ට සතුටක් නැහැ කියලා.”
ශ්‍රී ලංකාව 3 වන ස්ථානය දිනාගත් 2013 වසරේ පැවති ආසියානු සත් සාමාජික තරගාවලිය රොහාන් කළමනාකාරිත්වය දැරූ අවධියේ සිදු වූ ඔහුගේ මතකයේ රැඳෙන සිදුවීමක් බව රොහාන් අපි සමඟ ආවර්ජනය කළේය.
“අපේ ක්‍රීඩකයෝ 3 වන ස්ථානය ජයග්‍රහණය කරනවා බලන්න ලැබීම මට ලොකු ආඩම්බරයක්. මම CR & FC ක්‍රීඩා සමාජයේ කළමනාකරු විදිහට කටයුතු කරපු කාලෙත් අපිට එතරම් ජයග්‍රහණ ලබාගන්න බැරි වුනා. ඒ කාලේ දී මහනුවර ක්‍රීඩා සමාජය ගොඩක් ප්‍රබල කණ්ඩායමක්ව සිටි නිසා අපිට ජයග්‍රහණය කරන්න පුළුවන් වුනේ ශූරතා දෙකක් පමණයි.”

ස්කොට්ලන්තයේ ග්ලාස්ගොව් හිදී පැවති 20 වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායම එහි දී ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ පැවති තරගයේ දී උත්සාහක දිනුමක් වාර්තා කර ගැනීමට සමත් විය. එම සුවිශේෂී අවස්ථාවේ දී ඔහුට දැනුණු හැඟීම පිළිබඳව ඔහු ඉමහත් සතුටකින් අදහස් දැක්වීය.
“සත් සාමාජික කණ්ඩායම පොදු රාජ්‍ය මණ්ඩලීය තරග සඳහා රැගෙන යන්න හැකි වීම ලොකු සතුටක්. අපි ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව උත්සාහක දිනුමක් වාර්තා කර ගත්ත අවස්ථාවේ මුළු ප්‍රේක්ෂකාගාරයම නැගිටලා අපි වෙනුවෙන් ඔල්වරසන් දීපු ආකාරය මට හොඳට මතකයි. ඒ වෙලාවෙදි මට දැනුණ හැඟීම මට වචන වලින් විස්තර කරන්න අමාරුයි. ඒ උත්සාහක දිනුම හැමදාමත් මගේ මතකයේ රැඳේවි.”
ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩකයින්ගේ ගමන ජයග්‍රාහී මාවතක ගමන් කරන බව විශ්වාස කරන රොහාන් ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාවේ අනාගතය දීප්තිමත් එකක් වනු ඇති බව විශ්වාස කරයි. මෙම වසරේ දී පැවැත්වෙන සත් සාමාජික තරගාවලියේ අවසන් අදියරට සත්කාරකත්වය දැරීමේ භාග්‍යය ශ්‍රී ලංකාවට හිමිවීම ද ඊට හේතුවකි.

මේක මගේ ජීවිතය වෙනස් කරපු අවස්ථාවක්. අපේ කණ්ඩායමේ කළමනාකාරිත්වය දරන්න මට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් මම අසංග සෙනෙවිරත්නට ස්තූතිවන්ත වෙනවා. මේ හැමදෙයක්ම කරන්න පුළුවන් වුනේ ඔහු නිසා. ඒ වගේම කළමනාකාරිත්වය සම්බන්ධ මට දැනුම ලබා දුන්නේ රොහාන් ගුණරත්න. ඔහු තමයි කණ්ඩායමක් කළමනාකරණය කරද්දී දැන ගන්න ඕනේ හැමදෙයක් ගැනම මට ඉගැන්නුවේ.
තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න





















