කලකට පෙර සමස්ත ලෝකයම පුදුම කළ වික්‍රමාන්විත ජයග්‍රහණ සහ වාර්තා රැසකට හිමිකම් කියූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව මේ වන විට නැවත ගොඩගත නොහැකි ආකාරයේ දරුණු අගාධයකට ඇද වැටී තිබේ. අද (13) දෙවැනි දිනයට ක්‍රියාත්මක වූ ඉන්දු – ශ්‍රී ලංකා තෙවැනි ටෙස්ට් තරගය ද තවදුරටත් කියාපෑවේ මෙම සරල සත්‍යයයි.

ධවාන්ගේ ගිනිකෙළි මැද මාලින්දගෙන් සුබ පෙරනිමිති!

ඉන්දීය කණ්ඩායමට මෙවර ටෙස්ට් තරගාවලියේ ජය හිමිවීමෙන් අනතුරුව පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද (12) මහනුවර..

ඊයේ දිනයේ ආරම්භක කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගුණු ලකුණු 188ක යෝධ සබඳතාවයෙන් අනතුරුව දඟපන්දු යවන්නන් දැක්වූ සාර්ථකත්වය නිසා දිනය නිමා වන විට ලකුණු 329ට ඉන්දීය කඩුලු 6ක් බිඳ දමන්නට ශ්‍රී ලංකා පිළට අවස්ථාව උදා විය. ඒ අනුව ඔවුන්ට අද ඉතිරිව තිබුණේ හාර්දික් පාණ්ඩ්‍යා හෝ ව්‍රිදිමන් සහා දවා ගනිමින් ඉන්දියානු පසුපෙළ විවර කර ගැනීමයි. අද දිනයේ දෙවැනි පන්දුවාරයේ දී ම මෙම පළමු මෙහෙයුම සාර්ථකව නිමා කිරීමට විශ්ව ප්‍රනාන්දුට හැකියාව ලැබුණි. ඒ ලකුණු 16ක් ලබා සිටි ව්‍රිදිමන් සහාව දවා ගැනීමත් සමඟයි.

ඒ වන විට කඩුලු 7ක් දැවී ලකුණු 339ක් පමණක් ලබා සිටි ඉන්දීය කණ්ඩායමට ලකුණු 487ක් දක්වා යාමට පිහිට වූයේ ඉලක්කයක් නොමැති ශ්‍රී ලංකා පන්දු යවන්නන් සහ අරමුණක් නැති නායකත්වයයි. කොයි මොහොතේ හෝ එල්ල වන දැවැන්ත පහරක් පිළිබඳ බලාපොරොත්තුවෙන් පිටියේ පන්දු රකින්නන් රැඳවීමේ ප්‍රතිඵලය බවට පත්වූයේ ඉන්දීය අවසන් පෙළ පිතිකරුවන්ට පහසුවෙන් ලකුණු රැස් කිරීමට අවස්ථාව උදාවීමයි. පන්දුව පතිත වන ස්ථානය නිරන්තරයෙන්ම වෙනස් කරන ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් ද ඔවුන්ට කිසිදු තර්ජනයක් එල්ල නොවීය.

මෙහි අවසන් ප්‍රතිඵලය බවට පත්වූයේ අද දිනය අරඹන විට එක් ලකුණක් පමණක් ලබා සිටි හාර්දික් පාණ්ඩ්‍යාට අද දිවා විවේකයටත් පෙර තම මංගල ටෙස්ට් ශතකය වාර්තා කිරීමට ඉඩහසර විවර වීමයි. ඔහුගේ මෙම ක්ෂණික ශතකයට හතරේ පහර 8ක් සහ දැවැන්ත හයේ පහර 7ක් ඇතුළත් විය. නවක ක්‍රීඩක කුල්දීප් යාදෙව් ලකුණු 26ක් රැස්කර ගනිමින් තම සගයාගේ ශතක සිහිනය සැබෑ කිරීමට වැඩි වෙහෙසක් ගත්තේය. කිසිවෙකු අපේක්ෂා නොකළ පරිදි ඉන්දීය අවසන් පෙළ පිතිකරුවන් දැක්වූ දක්ෂතාව නිසා අද දිවා විවේකය නිමාවී තවත් පන්දුවාර කිහිපයක් ගෙවී යනතුරුම පන්දුවට පහර දෙන්නට ඉන්දියාවට අවස්ථාව උදා විය.

පන්දු යැවීමේ දී ඊයේ දිනයේ කඩුලු 2ක් බිඳ හෙලා තිබුණු ලක්ෂාන් සඳකැන් අද තවත් කඩුලු 3ක් බිඳ හෙලමින් ඉනිමක කඩුලු 5ක් බිඳ හෙලූ අවස්ථාවක් සටහන් කළ අතර ඊයේ දිනයේ කඩුලු 3ක් දවාගෙන සිටි මාලින්ද පුෂ්පකුමාරට අද කිසිදු කඩුල්ලක් හිමි නොවීය. මීට අමතරව විටින් විට ඉන්දියානු පිතිකරුවන්ට තර්ජනයක් එල්ල කළ වමත් වේගපන්දු යවන ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දු කඩුලු 2ක් දවා ගත්තේය. ඒ අනුව ලකුණු 487ක දැවැන්ත ඉලක්කයක් හිමි වූ ශ්‍රී ලංකා පිතිකරුවන්ට භාර වී තිබුණේ සුළුපටු අභියෝගයක් නොවේ.

නමුත් එම අභියෝගය පමණක් නොව සමස්ත ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවම විහිළුවක් බවට පත්කළ පිතිකරුවන් සියලු දෙනාම ලකුණු 135ක් තුල දී අලි ඇතුන් නොමැති පෙරහැරක් මෙන් එකපෙළට ක්‍රීඩාගාරයට හැරී ගියේය. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූයේ ලකුණු 48ක් පමණක් රැස් කර ගත් ශ්‍රී ලංකා නායකයායි.

බොහෝ අවස්ථාවන්වල දී ප්‍රථම ඉනිම අසාර්ථක කර ගන්නා දිමුත් කරුණාරත්න අදත් එය එලෙසම ඉටු කරමින් ලකුණු 4කට දැවී ගියේය. ඔහුගේ සහායක ආරම්භක පිතිකරුවා ලෙස කටයුතු කළ උපුල් තරංග අද ලකුණු 4ක් ලබා සිටිය දී දැවී ගියේ තම කඩුල්ල පමණක් නොව DRS අවස්ථාවක් ද නිකරුණේ පූජා කර දමමිනි. මොහොමඩ් ශමීගේ පන්දුවකට කඩුලු රකින්නා අතට උඩපන්දුවක් ලබා දී දැවී ගිය ඔහු විනිසුරු තීරණය අභියෝගය ලක් කිරීම සැබවින්ම හාස්‍යජනක අවස්ථාවක් බවට පත්විය. මෙම තරගාවලිය පුරාවටම එකම අර්ධ ශතකයක් පමණක් රැස් කර ගත් උපුල් තරංග අනෙක් සියලුම අවස්ථාවන්වල දී ලකුණු 10 පසු කිරීමට අපොහොසත් විය.

ඒ හැරුණු කොට ඇන්ජෙලෝ මැතිව්ස් සහ දිල්රුවන් පෙරේරා අද ලකුණු නොලබාම දැවී ගිය අතර නිරෝෂන් දික්වැල්ල සහ කුසල් මෙන්ඩිස් අද සාර්ථක ආරම්භයක් ලබා ගත්ත ද දැවැන්ත ඉනිමක් ගොඩ නැගීමට තරම් වාසනාවන්ත නොවූහ. පන්දු යැවීමේ දී වයස 22ක යොවුන් චයිනමන් පන්දු යවන්නෙකු වන කුල්දීප් යාදෙව් පළපුරුදු ශ්‍රී ලංකා පිතිකරුවන් අන්ත අසරණ කරමින් ලකුණු 40ට කඩුලු 4ක් දවාලීය. මීට අමතරව මොහොමඩ් ශමී සහ රවිචන්ද්‍රන් අශ්වින් කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.

ඒ අනුව ඉන්දියාවට වඩා ලකුණු 352ක් පිටුපසින් සිටි ශ්‍රී ලංකාවට අද සන්ධ්‍යා කාලයේ දී නැවත වරක් පිතිකරණයේ යෙදීමේ අවමානයට මුහුණ පෑමට ද සිදු විය. එහි දී පන්දුවාර 13කට මුහුණ දී තම කඩුල්ල රැක ගැනීමට අසමත් වූ උපුල් තරංග අද දිනය තුල දී දෙවැනි වතාවටත් දැවී ගියේ ලකුණු 7ක් පමණක් ලබා සිටිය දී යි. ඒ උමේෂ් යාදෙව් එවූ පන්දුවක් අපරීක්ෂාකාරී පහරක් මඟින් කඩුල්ල තුලට ඇද දමා ගනිමිනි. මේ වන විට නොදැවී පන්දුවට පහර දෙන දිමුත් කරුණාරත්න ලකුණු 12ක් ලබාගෙන සිටියි. ඒ අනුව දෙවැනි දිනය අවසානයේ ශ්‍රී ලංකා දෙවැනි ඉනිම දැක්වෙන්නේ ලකුණු 19ට එක් කඩුල්ලක් ලෙසයි.

මේ දක්වා තරගය ගලා ගිය අයුරු සැලකිල්ලට ගැනීමේ දී ශ්‍රී ලංකාවට මෙම තරගයත් ආරක්ෂා කර ගැනීම ඉතාමත් අපහසු වාතාවරණයක් ඇතිවී තිබෙන බැවින් ඉන්දියානුවන්ට ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ දී පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක් හිමිවීමට වැඩි ඉඩකඩක් ඇත. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව 2014 වසර නිමාවීමෙන් පසු මේ යන ගමනේ වෙනසක් සිදු නොවුනහොත් ශ්‍රී ලංකාව තවදුරටත් අපකීර්තියට පත් කරමින් විදෙස් රටවල් තවත් මේ ආකාරයේම පහසු ජයග්‍රහණය ලබා ගන්නා අයුරු ප්‍රේක්ෂකයින්ට කලකිරීමෙන් යුතුව බලා සිටීමට සිදු වනු ඇත.

India - BattingToss: India
Shikhar Dhawanc Chandimal b Pushpakumara119 (123)
KL Rahulc Karunarathne b Pushpakumara85 (135)
Chesteshwar Pujarac Mathews b Sandakan8 (33)
Virat Kohlic Karunarathne b Sandakan42 (84)
Ajinkya Rahaneb Pushpakumara17 (48)
Ravinchandran Ashwinc Dickwella b Fernando31 (75)
Wriddhiman Sahac Perera b Fernando16 (43)
Hardik Pandyac Perera b Sandakan108 (96)
Kuldeep Yadavc Dickwella b Sandakan26 (73)
Mohammed Shamic & b Sandakan8 (130
Umesh YadavNot Out3 (14)
TotalExtras (24)487 (122.3 overs)
Sri Lanka - BowlingOMRW
Vishwa Fernando263872
Lahiru Kumara2311040
Dimuth Karunaratne70300
Dilruwan Perera81360
Lakshan Sandakan35.341325
Malinda Pushpakumara232823
Sri Lanka - BattingToss: India
Dimuth Karunarathnec Saha b Shami4 (15)
Upul Tharangac Saha b Shami5 (5)
Kusal MendisRun Out (Ashwin/Kuldeep)18 (19)
Dinesh Chandimalc Rahul b Ashwin48 (87)
Angelo MathewsLBW b Pandya0 (3)
Niroshan Dickwellast Saha b Kuldeep29 (31)
Dilruwan Pererac Pandya b Kuldeep0 (4)
Malinda Pushpakumarab Kuldeep10 (27)
Lakshan Sandakanc Dhawan b Ashwin10 (24)
Vishwa Fernandob Kuldeep0 (10)
Lahiru KumaraNot Out0 (1)
TotalExtras (11)135 (37.4 overs)
India - BowlingOMRW
Mohammed Shami6.51172
Umesh Yadav3.10230
Hardik Pandya61281
Kuldeep Yadav132404
Ravichandran Ashwin8.42222
Sri Lanka - BattingToss: India
Dimuth Karunarathnec Rahane b Ashwin16 (48)
Upul Tharangab Umesh Yadav 07 (31)
Malinda Pushpakumarac Saha b Shami01 (32)
Kusal MendisLBW b Shami12 (21)
Dinesh Chandimalc Pujara b Kuldeep Yadav36 (89)
Angelo MathewsLBW b Ashwin 35 (96)
Niroshan Dickwellac Rahane b Umesh Yadav41 (52)
Dilruwan Pererac Pandya b Ashwin8 (23)
Lakshan Sandakanc Saha b Shami8 (24)
Vishwa FernandoNot Out4 (17)
Lahiru Kumarab Ashwin10 (15)
TotalExtras (3)181 (F/O) (74.3 overs)
India - BowlingOMRW
Mohammed Shami156323
Ravichandran Ashwin28.36684
Umesh Yadav135212
Kuldeep Yadav174561
Hardik Pandya1020

 >>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට<<