කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.
කුලසේකර සහ ලහිරු සංචිතයට

සංචිතය සඳහා තවත් වේගපන්දු යවන ක්‍රීඩකයින් දෙදෙනෙක් ඇතුළත් කිරීමට සිදු වී ඇත්තේ, සුරංග ලක්මාල් වෛරස් උණකට ගොදුරු වී ඇති නිසාවෙනි. වේගපන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් අවසන් තරග තුන සඳහා ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් කළ ද, ඔහුට දැන් එම අවස්ථාව මඟ හැරෙනු ඇත.
සම්පූර්ණ වාර්තාව: කුලසේකර හා ලහිරු කුමාර එක්දින සංචිතයට
ඉන්දීය කාන්තාවන්ට ජය

ඉන්දීය කාන්තා කණ්ඩායම – කඩුලු 8ක් දැවී ලකුණු 232 (පන්දුවාර 50): දීප්ති ශර්මා 78, මිතාලි රාජ් 53, වේදා ක්‍රිශ්නමූර්ති 29, හර්මන්ප්‍රීත් කවුර් 20, ශ්‍රීපාලි වීරක්කොඩි 3/28, ඉනෝකා රණවීර 2/55.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම – කඩුලු 7ක් දැවී ලකුණු 216 (පන්දුවාර 50): ඩිලානි මනෝදරා 61, ශසිකලා සිරිවර්ධන , නිපුනි හංසිකා 29, චමරි අතපත්තු 25, පූනම් යදෙව් 2/23, ජුල්නා ගෝස්වාමි 2/26
සම්පූර්ණ වාර්තාව: දියාරු පන්දු රැකීම නිසා ඉන්දියාවට ජය
හෙන්ඩර්සන්ගෙන් වාර්තාවක්

200 බාලිකා ඉසව්වේ සදීපා හෙන්ඩර්සන් විසින් තරගාවලි වාර්තාවක් අලුත් කිරීමත් කැපී පෙනෙන සිදුවීම් බවට පත්විය.
සම්පූර්ණ වාර්තාව: රිටි පැනීමේ ඉසව්වේ දී තෙවන ස්ථාන 4ක්






















