තිලිණ සසංක, ශ්‍රී ලංකාවෙන් බිහිවූ නවතම කායවර්ධන තරුවයි. ශ්‍රී ලංකාවේ ඉපිද,මූලික අධ්‍යාපනය ලැබූ ඔහු මේ වනවිට ජීවත්වන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරය. ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙන ප්‍රාන්ත කායවර්ධන තරඟවලදී පිට පිටම ජයග්‍රහණ හතක් වාර්තා කරමින් විදේශිකයන් පවා මවිත කළ ඔහු මේ වන විටත් ලොව දකුණු අර්ධ ගෝලයේ Men’s fitness අංශයේ නැගී එන තරුව බවට පත්වී අවසන්. ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට ThePapare.com සමඟින් විශේෂ කතාබහකට ඔහුව සම්බන්ධ කරගැනීමට අපට හැකිවිනි.
කායවර්ධන ක්‍රීඩාව ගැන ලංකාවේ බොහොමයක් දන්නේ මතුපිටින් පමණයි. ඔබ කායවර්ධන ක්‍රීඩාව හඳුන්වන්නේ කොහොමද?

ඔබ කායවර්ධන ක්‍රීඩාවට යොමුවුණේ කොහොමද?
මම පාසල් ගියේ කොළඹ රාජකීය විද්‍යාලයට. ඒ කාලයේ මම දීර්ඝ වශයෙන් ක්‍රීඩාවකට සම්බන්ධ වෙලා නැහැ. නමුත් මට අවශ්‍ය වුණා යම් ක්‍රීඩාවක 100%ක්ම යෙදිලා හරියාකාරවම කරන්න. 2007 උසස් පෙල හැදෑරුවාට පස්සේ මම හිතුවා අළුත් දෙයක් කරන්න ඕන කියලා. ඒ කාලයේ මට තිබුණේ කෙට්ටු සිරුරක්. බර කිලෝ 45ක් විතර ඇති. 2009 වසරේ මම වැඩිදුර අධ්‍යාපනය සඳහා ඕස්ට්‍රේලියාවට ආවා. ඕස්ට්‍රේලියාවෙදිත් මම දිගටම කායවර්ධන ක්‍රීඩාව කරගෙන ගියා. ඉගෙන ගන්නා අතරම පුහුණුවීම් වලට 60-70%ක් පමණ යෙදවුවා. කෙසේවුණත් මම නිවැරදි විදිහට කායවර්ධනය මුලදී කළා කියලා මම හිතන්නේ නැහැ. වැරදීම් ගොඩක් සිදුවුණ බව දැන ගත්තා. කෙසේනමුත් මගේ සංවර්ධනය, වැරදි කළා කියලා පස්සට ගියේ නැහැ. 2015නොවැම්බර් මාසයේදී මට මගේ පුහුණුකරු මුණගැසුනා. මගේ දෙමව්පියන් මට කිව්වේ, යම් අතපසුවීමක් මා අතින් සිදුවුණොත්, “පුතා, වැරදි වුණාට පස්ස ගහන්න එපා, ඊලඟ පාර හරියට කරන්න. හැම දෙයක්ම වෙන්නේ හොඳටයි කියල හිතාගන්න” කියලා. ක්‍රීඩාව හොඳින් සාර්ථකව කරගන්න ලැබුණේ එම වැරදි ගැන හොඳ අවබෝධයක් ලැබුණු නිසයි.
කායවර්ධන ක්‍රීඩාවේ තාක්ෂණික පසුබිම ගැන ශ්‍රී ලංකාවේ බොහෝදෙනෙකුට ඇත්තේ අඩු දැනුමක්. ඒ පසුබිම සහ නීති රීති ගැන කෙටි හැදින්වීමක් කලොත්?

තවත් සමහරු supplements ගැන පමණක් කතා කරනවා. මම දකින විදිහට මූලිකවම අවශ්‍ය වන්නේ ආහාර ගැන සැලකිලිමත් වීම. කායවර්ධන ක්‍රීඩකයකු, ක්‍රීඩාවෙන් උපරිම ස්ථානයකට පැමිණීමෙන් පසු පමණක් අවශ්‍යනම් supplements ගැන කතා කළ හැකියි. Supplements කියන දේ මූලික දෙයක් වන්නේ නැහැ. එසේ නම් හිතන්න, අපි ආහාර නොගෙන ඒ වෙනුවට supplements පමණක් ගත්තොත් හරිද කියලා. අවශ්‍ය වුණොත් ඉදිරියට යන්න extra push එකක් පමණයි එයින් ලබා ගත හැක්කේ. සමහර අය කෑම අඩු කරාම ඇඟ බහිනවා කියලා සිතනවා. ඒ මතයත් වැරදියි. එක එක්කෙනාගේ ශරීරය වෙනස්. බඩගින්නේ සිට බර අඩුකර ගැනීම මම අනුමත කරන්නේ නැහැ. එයින් ඕනෑම කෙනෙකුට භයානක අවස්ථාවලට මුහුණදීමට සිදුවෙන්න පුළුවන්.
Supplements ගැන පමණක් හිතන අයට කායවර්ධන ක්‍රීඩාව වැඩි දුර කරගන යන්න අපහසුයි. Supplements නොමැතිව මෙම ක්‍රීඩාව අපහසුවකින් තොරව කර ගෙන යා හැකියි.
මේ දක්වා ඔබට කායවර්ධන ක්‍රීඩා ජයග්‍රහණ කිහිපයක්ම හිමිවුණා. ඒ ගැන සඳහන් කළොත්?

මේ මා ලබාගෙන ඇති ජයග්‍රහණයන්:
- ANB Men’s Fitness Novice 1st Place 2016 April
- ANB Men’s Fitness Theme wear 1st Place 2016 May
- ANB Men’s Fitness Under-30 1st Place 2016 May
- INBA Mornington Peninsula Titles Men’s Fitness Novice 1st Place 2016 June
- INBA Mornington Peninsula Titles Men’s Fitness Overall 1st Place 2016 June
- INBA Victoria Titles Men’s Fitness Novice 1st Place 2016 September
- INBA Victoria Titles Men’s Fitness Overall 1st Place 2016 September
අප දන්නා පරිදි කායවර්ධන ක්‍රීඩකයකු නියමිත පෝෂණ මට්ටම පවත්වා ගෙනයාම සම්බන්ධව ඉතා සැලකිලිමත් විය යුතුයි. එයට ලොකු මහන්සියකුත් දැරිය යුතු වෙන බවයි ප්‍රමුඛ මතය. ඔබ එය කළමණාකරණය කර ගන්නේ කොහොමද ?
ඇත්තවශයෙන්ම කායවර්ධන ක්‍රීඩකයකු නිවැරදි ආකාරයට පෝෂණ මට්ටම පවත්වා ගැනීම සම්බන්ධව සැලකිලිමත් විය යුතුයි. මම කියන්නේ නැහැ ඒක ලෙහෙසියි කියලා. නමුත් එයට හුරුවුණාම ඉබේම එය සාමාන්‍ය දෙයක් වෙනවා .හැමෝම කාර්ය බහුලයි. එහෙත් අවශ්‍යතාවය ඇත්නම් එය සමබර කරගත හැකියි කියලා මගේ අත්දැකීම් වලින් මට තේරෙනවා.
බොහෝ තරුණයන් දේහය පෘෂ්ටිමත් කර ගැනීම සඳහා පෝෂණ අතිරේකයන් සහ ස්ටෙරොයිඩ් වර්ග ලබා ගැනීමට පෙළඹෙනවා. එය සුදුසුද ?
මම Men’s fitness අංශයෙන් ක්‍රීඩා කරන නිසා දේහය පෘෂ්ටිමත් කර ගැනීමට වඩා දේහය ශක්තිමත් කර ගැනීමයි ප්‍රධාන වන්නේ. ඒ වගේම නොයෙකුත් දෙනා නොයෙකුත් මත සහ ක්‍රමවේදයන් අනුගමනය කරන්න පුළුවන්. නමුත් මම ඉන්න මතය නම් ස්ටෙරොයිඩ් වර්ග කිසිම ආකාරයකින් ලබා නොගෙන මෙම ක්‍රීඩාව කළහැකි කියන මතයේ. එහෙත් ස්ටෙරොයිඩ් නුසුදුසුද යන්න තීරණය කළයුතු වන්නේ එයට සම්බන්ධ වන ක්‍රීඩකයන්මයි. මම ස්ටෙරොයිඩ් නොගන්නා ක්‍රීඩකයකු හැටියට මට එය සුදුසුයි කියල කියන්න බැහැ. නමුත් සමහර ක්‍රීඩකයන් ස්ටෙරොයිඩ් පාවිච්චි කිරීම ඔවුන්ට සුදුසුයි කියන මතයේ ඇති.
තහනම් උත්තේජක නොමැතිව කාය වර්ධන ක්‍රීඩාවෙන් ඉදිරියට යාම අපහසු බවට මතයක් පවතිනවා. ඒ ගැන ඔබගේ මතය කුමක්ද ?
මේ මතයට කොහෙත්ම මම එකඟ වන්නේ නැහැ. ඒකට හොඳම උදාහරණය, මා ගැන මා හොඳින් දන්නා නිසයි. මම කිසිම ජයග්‍රහණයක් ලබාගැනීම සඳහා හෝ මෙම ක්‍රීඩාව කර ගෙන යාම සඳහා හෝ කිසිම තහනම් උත්තේජකයක් භාවිතා නොකළ ක්‍රීඩකයෙක්.
සමහරුන්ගේ මතයක් තිබෙනවා කාර්ය බහුල ජීවිතයක් තුළ ශාරීරික යෝග්‍යතාවය පවත්වා ගෙන යාමට ලැබෙන කාලය මදි බවට. ඔබ ඒ සඳහා කාලය වෙන් කර ගන්නේ කෙසේද?
ඕනෑම කෙනෙකුට තමන්ගේ මතිමතාන්තර වල ජීවත් විය හැකියි. බොහෝ දෙනෙක් ඒ නිසාම එම මත සාධාරණීකරණය කිරීමට නොයෙකුත් තර්ක විතර්ක ගෙන එනවා. මට වෙලාවක් නැහැ, රස්සාවට යන්න තිබෙනවා, කෑම හදා ගන්න තිබෙනවා ආදී නොයෙකුත් ප්‍රශ්ණ ගෙන එනවා. එහෙත් ඔවුන්ගේ ඇතුලාන්තය ඒ සඳහා කිසියම් කාලයක් වෙන් කර ගැනීමට කම්මැලි කමක් හෝ අකමැත්තක් දක්වනවා කියන එකයි මගේ අදහස. විශේෂයෙන්ම මම මෙම රටට අධ්‍යාපනය සඳහා පැමිණි කාලයේ උයන්න, රෙදි හෝදා ගන්න ආදී නොයෙකුත් වැඩ සාමාන්‍ය ජීවිතයේ ගෙදරක එදිනෙදා වැඩ කටයුතු සිදුකර ගැනීමට දැනගෙන හිටියේ නැහැ. ඒකට හේතුව මම අපේ පවුලේ එකම දරුවා සහ සියළු වැඩ කටයුතු අම්මා විසින් සිදුකර දුන් නිසා. එහෙත් මම පුරුදු පුහුණු කරගත්තා අධ්‍යාපනය, රැකියාව සහ මෙම ක්‍රීඩාවට කාලය වෙන් කර ගන්න.
එහි ප්‍රතිඵලයක් වශයෙන් අද මම Bachelor of Finance උපාධිය සහ Master of Professional Accounting උපාධිය යන උපාධි දෙකම ලබාගෙන රැකියාවකත් නිරතවන අතරතුරයි කාය වර්ධන ක්‍රීඩාවෙන් මේ ජයග්‍රහණ රැසම ලබා ගත්තේ. හොඳ කායවර්ධන පුහුණුකරුවකු වන්නටත් මගේ සිහිනයක් තිබෙනවා. ඒ සඳහා මම මගේ ඉගෙනීම් කටයුතු කරගන යනවා. දැනට සුළු පිරිසකට පුහුණුවීම් කටයුතු සිදුකරනවා. එමගින් මම ඉතා විශාල සතුටක් ලබනවා. තවත් ආකාරයකින් මෙය විස්තර කරනවා නම්, සතියකට පැය 168ක් තිබෙනවා, එයින් දවසකට පැය එක හමාරක් හෝ දෙකක් වෙන්කර ගත හැකි නම් සතියකට වෙන් කර ගත යුත්තේ පැය 10-12 ක් පමණයි. ඉතින් මෙය සුළු කාලයක් නේද?
ඔබ මේ වන විට ජීවත් වන්නේ ඔබේ දෙමව්පියන් සමඟ නොවෙයි. ඔවුන්ගෙන් ඔබට ලැබෙන සහයෝගය ගැනත් කිව්වොත්?
මෙම ප්‍රශ්ණය මම ආසා කරන ප්‍රශ්ණයක්. දැනට මම ජීවත්වන්නේ දෙමව්පියන් සමඟ නොවුණත් ඔවුන්ගෙන් ඈත්ව සිටිනවා කියා බොහෝ අවස්ථාවල දී මට දැනෙන්නේ නැහැ. මොකද අන්තර්ජාලය මගින් දිනපතාම පාහේ අපි සම්බන්ධ වන නිසා. මගේ තාත්තා රජයේ ඉහල නිලයක් දරන කෙනෙක්. ඒ වගේම මගේ මව පෞද්ගලික අංශයේ ඉහල රැකියාවක් කළ කෙනෙක්. ඔවුන් දෙදෙනාම මෙරට සහ විදේශ විශ්ව විද්‍යාල වලින් උපාධි කිහිපයක් ලබාගත් අය. මම මේ ගැන විශේෂයෙන් සඳහන් කරන්නේ වෙනදෙයක් නිසා නොවෙයි. ඔවුන් අදටත් මට මගේ ක්‍රීඩාව කර ගෙන යාමට දෙන අතහිත සම්බන්ධවයි. ඔවුන් මට කිසිම දිනක මෙම ක්‍රීඩාව නවත්වන්න බල කර නැහැ. ඒ වෙනුවට මට ලැබෙන්නේ පුදුම දිරියක්. මගේ මව විශේෂයෙන්ම මේ සම්බන්ධව විශාල කැපවීමක් දක්වන කෙනෙක්. මම ශ්‍රී ලංකාවට එන සෑම අවස්ථාවකදීම මට අවශ්‍ය ආකාරයට ආහාර පාන සපයාදෙන්න කිසිදු පැකිලීමකින් තොරව උනන්දු වෙනවා. මම ඔවුන් දෙදෙනාව මේ අවස්ථාවේදී ඉතා ආදරයෙන් සහ ගෞරවයෙන් මතක් කරනවා. මගේ දෙමව්පියන් මගේ දියුණුව ගැන සිතන පරාර්ථකාමී දෙමව්පියන් වශයෙන් ආදරයෙන් මතක් කරන්න ඕන. අද මම කිසියම් තැනක සිටීද ඒ මගේ දෙමව්පියන් නිසයි.
කාය වර්ධන ක්ෂේස්ත්‍රයට ලාබාල තරුණයන්ගේ ලොකු ආකර්ෂණයක් තිබෙනවා .දක්ෂ කායවර්ධන ක්‍රීඩකයක් හැටියට ඔබ ඔවුන් හට ලබා දෙන අවවාදය කුමක් ද ?

මෙතෙක් දුර පැමිණීම සඳහා ඔබට සහය වුණු විශේෂ පුද්ගලයන් ගැන මතක් කළොත්?
මගේ දෙමව්පියන්ට මට මෙම ගමන ඒමට ලබා දුන් සහයෝගයට හිස නමා ආචාර කරනවා. ඒ වගේම මට මෙම ගමන එන්න සහය වුණු අය ගැන කතාකරනකොට මට පොඩි කතාන්දරයක් කියන්න සිදු වෙනවා. මේ ගමනේදී මගේ පාසැල් “ජිම් බඩීස්”ල මතක් කළ යුතුමයි. ඔවුන් සමඟයි බොහෝවිට ඕස්ට්‍රේලියාවේදී පුහුණු කටයුතු කළේ. ඒ තමයි රාජකීයයේ මගේ පාසල් මිතුරන් වන හිරාන් බදුල්ලගේ සහ සන්තික තේනුවර. අපි මෙහෙම පුහුණුවීම් කරන අවස්ථාවකදී හිරාන් තමයි මුලින්ම තරඟවලට සහභාගී වන ලෙස මට කිව්වේ. සන්තිකත් එය අනුමත කළා. පුහුණුවීම් සිදුකරගෙන යන අතරතුර හිරාන්ට පෝෂණය සම්බන්ධව ගැටළුවකට මුහුණදෙන්න සිදුවුණා. එම ගැටළුවට පිළියමක් සොයමින් අපි හොඳ පුහුණුකරුවකු මුණගැසෙන්නට ගියා. ඒ අවස්ථාවේදී තමයි මගේ පුහුණුකරු ගයාන් පෙරේරා ව මට මුලින්ම මුණ ගැහුනේ, ඒ 2015 වසරේදී. ඔහු ඉතා සතුටෙන් මගේ පුහුණුකරු වුනා.
ඉතින් එදා සිට අද දක්වා මෙම ක්‍රීඩාවෙන් ජයග්‍රහණ කරා මා ගෙන යෑමට මූලිකත්වය ලබාදුන්නේ මගේ පුහුණුකරු ගයාන් පෙරේරා. ඔහු ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික පුහුණුකරුවෙක්. 
ඔබේ මීලඟ අභියෝගය මොකද්ද සහ ඒ සඳහා වන සූදානම ගැන කතා කළොත්?
ලබන වසරේ අභියෝග රැසකට මුහුණදෙන්න මම බලා සිටිනවා. දැන් off-season විදිහට මේ වසරේ තවදුරටත් තරඟවලට මම සහභාගි වන්නේ නැහැ. සූදානම ගැන සඳහන් කරනවා නම් කායවර්ධන ක්‍රීඩාව මගේ ජීවිතයෙන් කොටසක් වී හමාරයි. මගේ පුහුණුවීම් එදිනෙදා කටයුත්තක් විදිහට මම කරගෙන යනවා. ලබන වසරේ මීටත් වඩා හොඳින් තරඟ කරන්න මම බලාපොරොත්තු වෙනවා.
ක්‍රීඩා ශක්තියෙන්ද, බුද්ධියෙන්ද එකලෙස සමන්විත තිලිණට උත්සාහයේත්, කැපවීමේත්, නිහතමානීත්වයේත් එකතුවෙන් ශ්‍රී ලංකාවට තවතවත් ජයග්‍රහණ ගෙන එන්නට හැකිවේවායි ThePapare.com අපේ පැතුම!
























