ගෙවුනු දවස ජුලි 09 – ජාතික ක්‍රීඩිකාව නිමාලිට දෙවැනි තැන

430
Sri Lanka Sports News last day summary july 09

ගෙවුනු දවස ලිපි මාලාවත් සමඟ එකතු වන ඔබට බොහොම ස්තුතියි! ගෙවුනු දවස ලිපි මාලාවේ අරමුණ මඟහැරුනු පුවත් ඔබට සමීප කිරීමයි. එහිදි අප සෑම සඳුදා දිනකම ඔබට පසු දින ඉරිදා සිදු වු පුවත් වලට අමතරව එම සතියේ පල වු විශේෂ පුවත් ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු.

 මලල ක්‍රීඩා 

ලේකම්ට දෙවැනි වු ජාතික ක්‍රීඩිකාව නිමාලි

දස ප්‍රයාම පිරිමි ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාවක් සමඟින් 94වැනි ජාතික මලල ක්‍රීඩා තරගාවලියේ දෙවැනි දිනය වන අද (09) දිනය නිමාවන්නේ තවත් දස්කම් දැක්වු ක්‍රීඩික ක්‍රීඩිකාවන් රැසකගේ දස්කම්ද සමගිනි. යුධ හමුදා ක්‍රීඩක අජිත් කරුණාතිලක විසින් අදාල වාර්තාව පිහිට වු අතර ඔහු විසින් අලුත් කලේ 2014 වර්ෂයේදි ඔහු විසින්ම තබා තිබු වාර්තාවයි. එහිදි ලකුණු 6742ක් වාර්තා කරමින් ඔහු ප්‍රථම ස්ථානය ලබා ගන්නා විට, ලකුණු 6670ක් ලබා ගනිමින් ගුවන් හමුදා ක්‍රීඩක ඩී.එස්.පෙරේරා දෙවැනි ස්ථානයට පත් විය. තරගයේ තෙවැනි ස්ථානය ලකුණු 5198 ලබා ගත් ලාල් ජනක විසින් ලබා ගන්නා ලදි.

පිරිමි මීටර් 100 ඉසව්ව නියෝජනය කල දකුණු අාසියාවේ කඟවේනා යන විරුදාවලිය ලත් හිමාෂ ඒෂාන් විසින් ප්‍රථම ස්ථානය වාර්තා කිරීමට සමත් වන අතර එල්. එම්. අෂ්රෆ් සහ එස්.එල්.වික්‍රමසිංහ පිලිවෙලින් දෙවැනි සහ තෙවැනි ස්ථානයට පාත්‍රවන ලදි.

එම ඉසව්වේ කාන්තා තරග නියෝජනය කර ගුවන් හමුදා ක්‍රීඩිකා එස්. ඒ.වි. දානදුරගේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් විය. එම ඉසව්වේ දෙවන සහ තෙවැනි ස්ථාන යුධ හමුදා ක්‍රීඩිකාවන් දෙදෙනෙකු වන එස්.එස්.ජයතිලක සහ වී.එල්. සුගන්දි විසින් දිනා ගන්නා ලදි.

තවද පැවති කාන්තා හෙල්ල විසි කිරීමේ ඉසව්ව නියෝජනය කල යුධ හමුදා ක්‍රීඩිකා එන්.ඩී.ලේකම්ගේ මීටර 56.06 දුරක් වාර්තා කරමින් ප්‍රථම ස්ථානය වාර්තා කිරීමට සමත් විය. එම ඉසව්ව නියෝජනය කල ඔලිම්පික් බලාපොරොත්තුවක් සහ හෙල්ල විසිකිරීමේ ජාතික වාර්තාවට හිමිකම් කියන ක්‍රීඩිකා නදීකා ලක්මාලි මීටර 54.96 දුරක් වාර්තා කරමින් දෙවැනි ස්ථානය ලබා ගන්නා ලදි. තෙවැනි ස්ථානය නාවික හමුදා ක්‍රීඩිකා එම්.පී.සිල්වා විසින් දිනා ගන්නා ලදි.

තරගාවලියේ තෙවැනි සහ අවසන් දිනය හෙටයි


 ක්‍රිකට් 

මිචෙල් බූරෙන් කණ්ඩායම ජය මාවතට රැගෙන යයි

සංචාරක දකුණු අප්‍රිකානු වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම අතර අද (09) පී .සරවනමුත්තු පිටියේදී පැවති පළමු නිල නොවන තරුණ  එක්දින තරගය මි‍ෙචල් බූරෙන් ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ  ලකුණු 16ක තියුණු ජයග්‍රහණයක් ලබාගැනීමට දකුණු අප්‍රිකානු තරුණ කණ්ඩායම සමත් විය.

දකුණු අප්‍රිකානු 19 න් පහළ කණ්ඩායම – 185-10 (49.3) වෑන් ටොන්ඩර් 37, රිකාඩෝ වැස්කොනලස් 33, මිචෙල් බූරෙන් 29 , ප්‍රවීන් ජයවික්‍රම 4/24, දමිත සිල්වා 4/46

ශ්‍රී ලංකා 19 පහළ කණ්ඩායම – 169 -10 (43.1) විශාද් රන්දික 34, විශ්ව චතුරංග 28, අශේන් බණ්ඩාර 22, මිචෙල් බූසර් 4/38, විලියම් ඩන්කන් 2/22

සම්පූර්ණ ලිපිය: සිංහ පිත්තට පන්දුව හරස් කල ජයගත් මිචෙල්

23න් පහල තරග 10ක් ඊයේ

ශ්‍රී ලංකා ක්‍රිකට් අායතනය විසින් සංවිධානය කරන ලද වයස අවුරුදු 23 පහල අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ තරග 10ක් ඊයේ දිනයේදි පැවැත් විය.

එයින් කොළඹ ක්‍රිකට් සමාජය, නාවික හමුදා ක්‍රීඩා සමාජය, කෝල්ට්ස් ක්‍රීඩා සමාජය, දෙමල සංගම් ක්‍රීඩා සමාජය, හලාවත මේරියන්ස්, ශ්‍රී ලංකා වරාය අධිකාරි ක්‍රීඩා සමාජය, සැරසන්ස් ක්‍රීඩා සමාජය සහ සිංහල ක්‍රීඩා සමාජය ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.

සම්පූර්ණ ලිපිය: පැවති තරග දහයෙන් වැඩිම ලකුණු කොල්ට්ස් පිලට

‍දවසේ නිමාව: තවත් පුවත් කියවන්න පිවිසෙන්න – මුල්පිටුවට