පැවති තරග දහයෙන් වැඩිම ලකුණු කොල්ට්ස් පිලට

440
SLC u23 division 1 tournament

ශ්‍රී ලංකා ක්‍රිකට් අායතනය විසින් සංවිධානය කරන ලද වයස අවුරුදු 23 පහල අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ 5වැනි දවස වු ඊයේ තරග 10ක් පැවැත්විය.

එයින් කොළඹ ක්‍රිකට් සමාජය, නාවික හමුදා ක්‍රීඩා සමාජය, කෝල්ට්ස් ක්‍රීඩා සමාජය, දෙමළ සංගම් ක්‍රීඩා සමාජය, හලාවත මේරියන්ස්, ශ්‍රී ලංකා වරාය අධිකාරි ක්‍රීඩා සමාජය, සැරසන්ස් ක්‍රීඩා සමාජය, නොන්ඩිස්ක්‍රිප්ට් ක්‍රීඩා සමාජය සහ සිංහල ක්‍රීඩා සමාජය ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.

පසුගිය ලිපි: හෙට්ටිවත්ත සහ රන්දික දිනුම කරා සිය කණ්ඩායම රැගෙන යයි

කොළඹ ක්‍රිකට් සමාජයට එදිරිව ගුවන් හමුදා ක්‍රීඩා සමජය‍

කොළඹ ක්‍රිකට් සමාජ ක්‍රීඩා පිටියේ පැවති මෙම තරගයෙන් ගුවන් හමුදාව පරදවා ලකුණු 116කින් ජය වාර්තා කිරීමට කොළඹ ක්‍රීඩා සමාජය සමත් විය. රොන් චන්ද්‍රගුප්ත විසින් අගනා ශතකයක් කොළඹ සමාජය වෙනුවෙන් රැස් කරගන්නා ලදි.

කොළඹ ක්‍රිකට් සමාජය – 262/11 (20): රොන් චන්ද්‍රගුප්ත 108, ලහිරු ජයකොඩි 42, නිමේෂ් මෙන්ඩිස් 3/47.

ගුවන් හමුදා ක්‍රීඩා සමජය‍ – 146/11 (38.5): උදයවංශ පරාක්‍රම 54, නිමේෂ් මෙන්ඩිස් 20*, වසන්ත සිල්වා 3/13, ප්‍රමෝද්‍ය අබේකොන් 2/20.


බඳුරලිය ක්‍රිකට් සමාජයට එරෙහිව ලාංකික ක්‍රිකට් සමාජය

පනාගොඩ යුධ හමුදා ක්‍රීඩාංගණයේදි පැවති තරගයෙන් තියුණු ජයක් වාර්තා කිරීමට බඳුරලිය ක්‍රීඩා සමාජය සමත් විය. එහිදි අාකාෂ් සෙනෙවිරත්න විසින් අගනා ලකුණු 95ක් බඳුරලිය කණ්ඩායම වෙනුවෙන් රැස් කරගන්නා ලදි.

බඳුරලිය ක්‍රිකට් සමාජය – 241/9 (50): අාකාෂ් සෙනෙවිරත්න 95, මිලාන් අබේකුමාර 80, මාධව ෆර්නැන්ඩෝ 2/66, සෙනාල් කෝරලේ 2/29, අනුෂ පෙරේරා 2/47.

ලාංකික ක්‍රිකට් සමාජය – 222/9 (50): සංජුල අබේවික්‍රම 54, ජනිත් ඩයස් 26, චන්දුල වීරරත්න 4/57.


නාවික හමුදා ක්‍රීඩා සමාජයට එරෙහිව මීගමුව ක්‍රීඩා සමාජය

නියමිත පන්දුවාර 50 අවසානයේ ලකුණු 270ක් ලබා ගත් නාවික හමුදාවට සාර්ථකව පිලිතුරු දීමට මීගමුව ක්‍රීඩකයින්ටනොහැකි විනි. ඔවුන්ට නියමිත පන්දුවාර 50 අවසානයේ ලබා ගැනීමට හැකි වුයේ ලකුණු 189ක් පමණී. නාවිකයින් වෙනුවෙන් සමීර සඳමාල් සහ මධුර මධුසංක අර්ධ ශතක වාර්තා කිරීමට සමත් විය. තරගය වැලිසර නාවික හමුදා ක්‍රීඩා පිටියේදි පැවැත්විය.

නාවික හමුදා ක්‍රීඩා සමාජය –  270/9 (50): සමීර සඳමාල් 93, මධුර මධුසංක 62, යොහාන් මධුශංක 30, පසිඳු සිල්වා 3/50, දිනාන් ෆර්නැන්ඩෝ 2/49.

මීගමුව ක්‍රිකට් සමාජය – 189/9 (50): අකීල් ඉන්හාම් 102*, දිනුක මාර්ලෝන් 2/31, මධුර මධුශංක 2/40.

පසුගිය ලිපි: අකිල්ගෙන් නොදැවී ශතකයක් මීගමුවට


කොල්ට්ස් ක්‍රිකට් සමාජයට එරෙහිව කුරුණෑගල යූත්

රංගිරි දඹුළු ක්‍රීඩාංගණයේදි පසිදු ඉසිර විසින් නොදැවී ලබා ගත් ශතකයක් සමඟ ලකුණු 288ක් වාර්තා කල කොල්ට්ස් ක්‍රීඩා සමාජය අභිවා යෑමට නොහැකි වු කුරුණෑගල යූත් සමාජයට සියළු දෙනා දැවී ලබා ගත හැකි වියේ ලකුණු 161ක් පමණි.

කොල්ට්ස් ක්‍රිකට් සමාජය – 288/3 (50): පසිදු ඉසිර 121*, හෂාන් දුමින්ද 62, සදීර සමරවික්‍රම 48*.

කුරුණෑගල යූත් – 161 (36.1): පන්ඩුල උඩුපිහිල්ල 45, ශෙහාන් කුරේ 37, රන්දීර රණසිංහ 34, ප්‍රමෝද් මධුවන්ත 4/13, අකීල් කාන් 2/30


දෙමළ ක්‍රිකට් සහ මලල ක්‍රීඩා සමාජයට එරෙහිව බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සහ මලල ක්‍රීඩා සමාජය

දෙමළ සංගමය පෙරමුණ ගනිමින් නිමා වු තරගයේ ලකුණු 68කින් පරාජය වීමට බ්ලූමිෆීල්ඩ් ක්‍රීඩා සමාජයට සිදුවිය. තරගය රීඩ් මාවතේ පිහිටි බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා පිටියේදි පැවැත්විනි.

දෙමළ ක්‍රිකට් සහ මලල ක්‍රීඩා සමාජය – 269 (47): සිතිර ගිම්හාන් 158, ඉසුරු බුද්ධික 38, සචින් ජයවර්ධන 4/24, මලිත් මහේල ද සිල්වා 3/46.

බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සහ මලල ක්‍රීඩා සමාජය – 201 (49.3): මොහොමඩ් අක්‍රම් 86, තරින්දු කරුණාරත්න 37, හරිත මධුවන්ත 4/33, ඉෂ්ර ප්‍රශාන් 4/44


හලාවත මේරියන්ස්ට එදිරිව ගාල්ල ක්‍රිකට් සමාජය

කටුනායක FTZ ක්‍රීඩා පිටියේදි පැවති තරගයෙන් හලාවත කණ්ඩායම ලකුණු 75කින් ජයග්‍රහණය කිරීමට සමත් විය.

හලාවත මේරියන්ස් – 277/6 (48): කසුන් විදුර 78, ලක්කන ජයසේකර 88, තික්ෂිල ද සිල්වා 37, බිනුක වඩුගේ 3/45

ගාල්ල ක්‍රිකට් සමාජය – 202 (46): දුලෂ් උදයංග 56, පවන් ඩයස් 40, රදික ඩිල්ශාන් 3/44, චලන ද සිල්වා 2/34.

තවත් ක්‍රිකට් පුවත් සිංහලෙන්ම කියවන්න – පිවිසෙන්න ක්‍රිකට් පිටුවට


ශ්‍රී ලංකා වරාය අධිකාරි සමාජය සහ ශ්‍රී ලංකා පොලිස් ක්‍රීඩා සමාජය

තරගය කඩුළු 8කින් ජය ගැනීමට වරාය අධිකාරි සමාජය සමත් විය. ප්‍රථමයෙන් ලකුණු රැස් කිරීම අාරම්භ කල පොලිස් සමාජය සියළු දෙනා දැවි ලබා ගැනීමට හැකි වුයේ ලකුණු 147ක් පමණි. පහසු ඉලක්කයක් හඹා ගිය වරාය සමාජය කඩුළු 2ක් දැවී පන්දුවාර 28 පන්දු 1කදි ලකුණූ 148ක් වාර්තා කරමින් ජයග්‍රහණය කිරීමට සමත් විය.

පොලිස් ක්‍රීඩා සමාජය – 147 (38): ඉමේෂ් උදයංග 54, උමේශ් සූරියබණ්ඩාර 22, වනිදු හසරංග 2/30, චරිත් සුදාරක 3/31, හර්ෂ රාජපක්ෂ 4/23.

ශ්‍රී ලංකා වරාය අධිකාරි සමාජය – 148/2 (28.1): ඉෂාන් රංගන 58*, හර්ෂ රාජපක්ෂ 47


සැරසන්ස් ක්‍රීඩා සමාජයට එදිරිව මුවර්ස් ක්‍රීඩා සමාජය

මූවර්ස් ක්‍රීඩා පිටියේදි පැවති තරගයෙන් ලකුණු 136කින් මූවර්ස් ක්‍රීඩා සමාජය පරාජය කරමින් ජය වාර්තා කිරීමට ප්‍රතිවාදීන් සමත් විය.

සැරසන්ස් ක්‍රීඩා සමාජය – 220 (49.3): මනෙල්කාර් ද සිල්වා 46, ඉෂාන් නිලක්ෂ 36, සංගීත් කුරේ 33, විකුම් පීරිස් 4/48, ඉර්ෂාඩ් උමෙර් 3/38.

මූවර්ස් ක්‍රීඩා සමාජය – 84 (27): කේෂාන් වන්නිඅාරච්චි 19, විනු මොහොට්ටි 6/30, චානක දේවින්ද 2/15


පානදුර ක්‍රීඩා සමාජයට එරෙහිව නොන්ඩිස්ක්‍රිප්ට් ක්‍රීඩා සමාජය

කොළඹ NCC ක්‍රීඩාංගණයේදි පැවති තරගයෙන් ජයග්‍රහණය කිරීමට NCC පිල සමත් විය. ඒ ලකුණු 5කිනි.

පානදුර ක්‍රීඩා සමාජය – 122 (36.2): චාමික ෆර්නැන්ඩෝ 33, අනුක් ෆර්නැන්ඩෝ 3/31, රවින්දු තිලකරත්න 2/29, අරවින්ද අකුරුගොඩ 2/11.

නොන්ඩිස්ක්‍රිප්ට් ක්‍රීඩා සමාජය – 127/9 (31): පවන් වික්‍රමසිංහ 41, නිමේශ් විමුක්ති 4/36, චාමික සංසක 5/40.


කළුතර නගර ක්‍රිකට් සමාජයට එරෙහිව සිංහල ක්‍රීඩා සමාජය

SCC ක්‍රීඩා පිටියේදි පැවැත්වු මෙම තරගයේ ප්‍රථමයෙන්ම ලකුණු රැස් කල කළුතර සමාජය සියළු දෙනා දැවි වාර්තා කිරීමට හැකි වුයේ ලකුණු 100කි. පහසු ඉලක්කයක් කරා ගමන් කල සිංහල ක්‍රීඩ සමාජ ක්‍රීඩකයෝ පන්දුවාර 16 පන්දු 2කදි කිසිවෙකු නොදැවි ලකුණු 105ක් වාර්තා කරමින් තරගය ජයග්‍රහණය කරන ලදි.

කළුතර නගර ක්‍රිකට් සමාජයට – 100 (36.2): ගිහාන් සංජීව 28, බිනුර ෆර්නැන්ඩෝ 3/26, තරින්දු රත්නායක 3/29, ලක්ෂාන් ජයසිංහ 2/19.

සිංහල ක්‍රීඩා සමාජය – 105/0 (16.2): රශ්මික ඔප්ත 78*, යොහාන් මෙන්ඩිස් 22*

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට