හිමාෂගේ ශතකය රාගම ක්‍රීඩකයෝ අසරණ කරයි

606
Himasha Liyanage

23න් පහල අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලිය අාරම්භ කරමින් යුධ හමුදා ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රිකට් ක්‍රීඩා සමාජය අතර කොළඹ තර්ස්ටන් විද්‍යාලීය ක්‍රිඩා පිටියේදි පැවැත්වු පළමු කාණ්ඩයේ අාරම්භක තරගය, යුධ හමුදා ක්‍රීඩා සමාජය ලකුණු 156කින් ජයග්‍රහණය කිරීමට සමත් විය.

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලීය දක්ෂ වමත් පිතිකරු හිමාෂ ලියනගේ වාර්තා කල දැවැන්ත ශතකයක් සමඟින් කඩුළු 7ක් දැවී ලකුණු 299න් ලබා ගැනීමට යුධ හමුදා ක්‍රීඩා සමාජය සමත් වු අතර පිළිතුරු ඉණිම ක්‍රීඩා කල රාගම ක්‍රිකට් ක්‍රීඩා සමාජ ක්‍රීඩකයින්ට සියළු දෙනා දැවී ලබා ගැනීමට හැකි වුයේ ලකුණු 143ක් පමණි.

අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලිය අනිද්දායින් අැරඹේ

ඔ්වර 50ක තරගාවලියක් වන තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට රාගම ක්‍රිකට් ක්‍රීඩා සමාජ නායක ලහිරු මිලින්ත සමත් වු අතර ඔහු ප්‍රථමයෙන් පන්දු රැකීම තෝරා ගන්නා ලදි.

හිමාෂ ලියනගේ පන්දු 110 තුල නොදැවී ලකුණු 127ක් ලබා ගත්තේ 4 පහර 14ක් සහ 6 පහර දෙකක් ද සමඟිනි. දකුණත් ක්‍රීඩක නලීන් පෙරේරා සහ ලුම්භිණි විද්‍යාලීය දක්ෂ පිතිකරුවෙකු වන ශෂීන් දිල්රංග විසින් පිළිවෙලින් ලකුණු 37ක් සහ 30 ක් ලබා ගත් අතර නියමිත පන්දුවාර ගණන අවසානයේදි කඩුළු 7ක් දැවී ලකුණු 299 ලබා ගැනීමට යුධ හමුදා ක්‍රීඩකයෝ සමත් විය . පන්දු යැවීමේදි උදිත මධුෂාන් ලකුණු 51ට කඩුළු 3ක් දවා ගැනීමට සමත් විය.

ලකුණු 300 දැවැන්ත ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි රාගම කණ්ඩායම පන්දුවාර 35 යි පන්දු 5කදි සියළු දෙනා දැවී ලබා ගැනීමට සමත් වුයේ ලකුණු 143ක් පමණි. ඔ්ස්ට්‍රේලියානු අාරම්භක පිතිකරු සහ දිනයේ වැඩිම ලකුණු ලාභියා වු සිමුඑල් කෙබර් විසින් ලකුණු 31ක් ලබා ගැනීමට සමත් වන අතර ශමින්ද ෆර්නැන්ඩෝ ලකුණු 27ක් ලබා ගැනීමට සමත් විය.  පන්දු යැවීමේදි සංජීව කුමාරස්වාමි කඩුළු 3ක් දවා ගැනීමට සමත් වන අතර නලීන් පෙරේරා විසින් ලකුණු 26කට කඩුළු 2ක් දවා ගැනීමට සමත් විය.

යුධ හමුදා ක්‍රීඩා සමාජය : 299/7 (50) – හිමාෂ ලියනගේ 127*, නලීන් පෙරේරා 37, ශෂීන් දිල්රංග 30, ලීයෝ ෆැන්සිස්කෝ 26, යොහාන් ද සිල්වා 22, උදිත මධුෂාන් 3/51.

රාගම ක්‍රිකට් ක්‍රීඩා සමාජය : 143/11 (35.5) – ශමින්ද ෆර්නැන්ඩෝ 27, සිමුඑල් කෙබර් 31, සංජීව කුමාරස්වාමි 3/31, සංජික රිද්ම 2/17, නලීන් පෙරේරා 2/26

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට