තරංගගේ සුපිරි ශතකයෙන් NCC අවසන් මහා තරගයට

ශ්‍රී ලංකා පළමු පෙළ එක්දින තරගාවලිය 2020/21

313

ශ්‍රී ලංකා පළමු පෙළ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (07) පැවති අවසන් පූර්ව වටයේ තරගවලින් බදුරලිය සහ යුද හමුදා ක්‍රීඩකයන් පරාජය කරමින් අවසන් මහා තරගයට පිවිසෙන්නට NCC සහ රාගම ක්‍රීඩකයන් සමත් වුනා.

Nondescripts CC – Badureliya CC

NCC හිටපු නායක උපුල් තරංගගේ අගනා ශතකය (136) නිසාවෙන් නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 7ක් දැවී ලකුණු 292ක් රැස් කිරීමට NCC ක්‍රීඩකයන් සමත් වුනා. කමිල් මිෂාර ලකුණු 46යි.

පන්දු යැවීමේ දී බදුරලිය ක්‍රීඩක අලංකාර අසංක සිල්වා ලකුණු 60කට කඩුලු 3ක් සහ චාමිකර එදිරිසිංහ ලකුණු 56කට කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුනා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බදුරලිය ක්‍රීඩකයන්ට පන්දුවාර 49.3ක් තුළ දී සියල්ලන් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 274ක් පමණයි.

සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ තිලකරත්න සම්පත් ලකුණු 98ක් සහ ගමිඳු කනිෂ්ක ලකුණු 50ක් රැස්කළා. පන්දු යැවීමේ දී ළහිරු කුමාර ලකුණු 42කට කඩුලු 4ක් සහ චතුරංග ද සිල්වා ලකුණු 44කට කඩුලු 2ක් දවා ගත්තා.

ඒ අනුව අපරාජිත බදුරලිය ක්‍රීඩකයන් තරගාවලියෙන් ඉවතට දමමින් අවසන් මහා තරගයට පිවිසීමට NCC ක්‍රීඩකයන්ට හැකි වුනා.

  • Venue – CCC Ground, Colombo
  • Toss – Badureliya

Nondescripts Cricket Club – 292/7 (49.1): උපුල් තරංග 136, කමිල් මිෂාර 46, චතුරංග ද සිල්වා 30, ඇන්ජලෝ පෙරේරා 28, අලංකාර අසංක 3/60, චාමිකර එදිරිසිංහ 2/56

Badureliya Cricket Club- 274 (49.3): තිලකරත්න සම්පත් 98, ගමිඳු කනිෂ්ක 50, ඩිල්ෂාන් ද සොයිසා 37, දුනිත් ජයතුංග 21, ළහිරු කුමාර 4/42, චතුරංග ද සිල්වා 2/44, චාමික කරුණාරත්න 2/65 

NCC කණ්ඩායමට ලකුණු 18ක ජයක්  

තවත් ක්‍රිකට් පුවත් කියවන්න:  

Army Cricket Club – Ragama Cricket Club

රාගම නායක ඉෂාන් ජයරත්න (5/31) සහ බිනුර ප්‍රනාන්දුගේ (3/30) ආක්‍රමණශීලී පන්දු යැවීම හමුවේ යුද හමුදා ක්‍රීඩකයන් හට පන්දුවාර 46.3 අවසානයේ සියල්ලන් දැවී රැස්කිරීමට හැකි වූයේ ලකුණු 178ක් පමණයි. හිමාෂ ලියනගේ සහ තිසර පෙරේරා ලකුණු 45 බැගින් රැස්කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රාගම කණ්ඩායමේ ආරම්භ පිතිකරු සමින්ද ප්‍රනාන්දුගේ අගනා ඉනිම (99) නිසාවෙන් එම ජයග්‍රාහී ඉලක්කය කඩුලු 2ක් පමණක් දැවී පසුකිරීමට රාගම ක්‍රීඩකයන්ට හැකි වුනා.

රාගම කණ්ඩායම වෙනුවෙන් නිශාන් මධුශංක ලකුණු 34ක් සහ දිනෙත් තිමෝද්‍ය නොදැවී ලකුණු 33ක් රැස්කළා.

  • Venue – NCC Ground, Colombo
  • Toss – Army CC

Army Cricket Club – 178 (46.3): හිමාෂ ලියනගේ 45, තිසර පෙරේරා 45, මහේෂ් කුමාර 26, දුෂාන් විමුක්ති 23, ඉෂාන් ජයරත්න 5/31, බිනුර ප්‍රනාන්දු 3/30

Ragama Cricket Club – 179/2 (39.2): සමින්ද ප්‍රනාන්දු 99, නිශාන් මධුශංක 34, දිනෙත් තිමෝද්‍ය 33*

රාගම කණ්ඩායමට කඩුලු 8ක ජයක්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<