ශ්‍රී ලංකා ජාතික මලල ක්‍රීඩාවේ “ජාතිකාභිෂේකය” ලෙස සැලකෙන “ජාතික මලල ක්‍රීඩා ශූරතාව” මෙවර 97 වැනි වරටත් පැවැත්වීමට කටයුතු සූදානම් කරමින් පවති. තරගාවලිය අගෝස්තු මස 16, 17 සහ 18 යන දිනවල දී කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනු ඇත.

මෙවර වෙළඳසේවා මලල ක්‍රීඩාවට අලුත් ඉසව්වක්; තරග රාත්‍රියටත්

36 වැනි වරටත් පවත්වනු ලබන 2019 වෙළඳසේවා මලල ක්‍රීඩා තරගාවලිය අගෝස්තු මස 10 වැනිදා සිට 11 වැනිදා දක්වා…

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ (South Asian Games – SAG) මලල ක්‍රීඩා සඳහා වන අවසන් තෝරා ගැනීමේ තරගාවලිය ලෙස මෙම තරගාවලිය පැවැත්වෙන අතර මෙවර තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 486 දෙනෙකුත්, ක්‍රීඩිකාවන් 148 දෙනෙකුත් සහභාගී වීමට නියමිතයි.

පෙර වසරවලට සාපේක්ෂව මෙවර තරගාවලිය සඳහා ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයේ අඩු වීම දක්නට ලැබෙන්නේ, SAG සංවිධායකයින් විසින් ගෙන ආ නව නීතියක් වන “එක් ඉසව්වක් සඳහා එක් රටකින් සහභාගී විය හැක්කේ එක් ක්‍රීඩකයෙකුට හෝ ක්‍රීඩිකාවකට පමණක් වීම” නිසා යැයි උපකල්පනය කළ හැකි යැයි සංවිධායකයින් පවසයි. තවද මෙම නීතිය නිසාවෙන් මෙවර ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ කේවල ඉසව්වන්ගේ තරගකාරිත්වය ඉහල යනු ඇති බව කාගේත් මතයයි.

මහනුවර සහ පාසල් මට්ටමෙන් මෙවර තරගාවලිය සඳහා වැඩි ක්‍රීඩක ක්‍රීඩිකාවන් ප්‍රමාණයක් සහභාගී වීමට නියමිත අතර මෙවර තරගාවලිය සඳහා විදෙස් රටවල් වල වෙසෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද සහභාගී වේ.

ඒ අතරින් ශ්‍රී ලංකා මාර්ග ධාවන ශූරි, දැනට ඇමරිකා එක්සත් ජනපදයේ වෙසෙන හිරුණි විජයරත්න, මීටර් 2000 කඩුලු මතින් දිවීමේ ඉසව්වේ ආසියානු ශූරිය වන පාරමි වසන්ති මාරිස්ටෙලා සහ දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා වන හිමාෂ එශාන්, අරුණ දර්ශන, සුමේධ රණසිංහ, විදුෂා ලක්ෂානි, දිල්ෂි කුමාරසිංහ යන ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 74 දෙනෙකුත් මෙවර තරගාවලිය සඳහා සහභාගී වේ.

ඕස්ට්‍රේලියාවේ වෙසෙන උස පැනීමේ ශූර මංජුල කුමාර මෙවර තරගාවලිය සඳහා සහභාගී නොවන අතර අ.පො.ස. උසස් පෙළ විභාගය හේතුවෙන් ආසියානු කනිෂ්ඨ සහය දිවීමේ කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙක්, මීටර 400 ශූර කාලිංග යන ක්‍රීඩකයින් තරගාවලියට සහභාගී නොවනු ඇත.

මෙවර තරගාවලිය සඳහා මලල ක්‍රීඩා සංගමයට විශාල මුදලක් වැය වන අතර ඒ සඳහා උපකාර කරන්නට ආසියානු මලල ක්‍රීඩා සංගමයෙන් ඩොලර් 5000ක මුදලක් පිරිනමා ඇත. තවද සුගතදාස ක්‍රීඩාංගණය නොමිලේ ලබා දීමට පියවර ගෙන ඇත.

වසර 4කට පසුව පසුගිය වසරේ දී නැවතත් සුගතදාස පිටියට තරගාවලිය රැගෙන ඒමට හැකි වී තිබෙන අතර සුගතාදාස ක්‍රීඩාංගණයේ ප්‍රතිසංස්කරණ කටයුතු නිසාවෙන් තරගාවලිය පැවැත්වූයේ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දීයි. 

ගියවර තරගාවලියේ දී ශ්‍රී ලංකා වාර්තා 4ක් සහ තරග වාර්තා 11ක් අලුත් වූ අතර ප්‍රසාද් විමලසිරි, සම්පත් රණසිංහ, අරුණ දර්ශන, ලක්ෂිකා සුගන්දි, නිලානි රත්නායක, ප්‍රසාද් විමලසිරි එලෙස වාර්තා පොත් අතරට එක්වූ තරගකරුවන්ගෙන් කිහිප දෙනෙකි.

තරගාවලිය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් කොළඹ Auto Mobile ආයතනයේ දී අද (09) පැවති අතර ඊට සහභාගී වූ ශ්‍රී ලංකා SAG මලල ක්‍රීඩා කණ්ඩායමේ කළමනාකරු මේජර් ජෙනරාල් මුදලිගේ මහතා සඳහන් කර සිටියේ,

“කවුද යන්නේ, ඇයි යන්නේ කියන එක නෙමෙයි අවශ්‍යතාවය, ශ්‍රී ලංකාවට ජාතික “වශයෙන් ඉහලම පදක්කම් දිනා ගැනීමයි වැදගත් වෙන්නේ. මගේ අවශ්‍යතාවය ඒකයි. කණ්ඩායම් හැඟීම, ජාතික හැඟීම කියන එක එකතු කරලා පදක්කම් දිනන්න ඔවුන්ගේ දක්ෂතා ඔප් නැංවීමයි අපේ අරමුණ. ඒ වගේමයි වට විශ්වාසයි අපි ගියපාරට වඩා එක පදක්කමක් හරි වැඩියෙන් දිනනවා”

මේ වසරේ දෙසැම්බර් මාසයේ නේපාලයේ දී පැවැත්වෙන SAG තරගාවලිය සඳහා සහභාගී වන අවසන් ශ්‍රී ලංකා සංචිතය, තරගාවලියට මාසයකට පමණ ප්‍රථම එරටට ගෙන ගොස් එහි පවතින දේශගුණික තත්වයන්ට හුරු කිරීමේ වැඩසටහන් පිළිබඳව සාකච්ඡා කරමින් පවතින බව මාධ්‍ය හමුවේ දී අනාවරණය විය. යම් හෙයකින් එය ප්‍රතික්ෂේප වුවහොත් නේපාලයට සමාන දේශගුණික තත්වයත් සහිත භූතානයට SAG සංචිතය ගෙන ගොස් පුහුණු කිරීමේ අරමුණක් ඇති බවත් එහි දී අනාවරණය විය.

New national coach from Kenya to train Parami Wasanthi

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර සහ ජාතික තරගාවලි කිහිපයක් සහ ක්‍රීඩා අමත්‍යංශය මගින් ක්‍රීඩාවේ යටිතල….

16 සිට 18 වැනිදා දක්වා පැවැත්වෙන ජාතික මලල ක්‍රීඩා තරගාවලියේ කාලසටහන පහත පරිදි වේ.

97 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ පළමු දිනයේ සිට තරග වාර්තා, තරගාවලියේ විශේෂ සිදුවීම්, ඡායාරූප, තරග විස්තර ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<