පොලිස් බලය හමුවේ යුධ සේනාංකය පසු බසියි

127

2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ තවත් එක් තීරණාත්මක තරගයක් අද(22) කොළඹ පොලිස් පාක් ක්‍රීඩාංගණයේ දී නිමාවට පත්වූයේ සත්කාරක පොලිස් ක්‍රීඩා සමාජ කණ්ඩායමට ලකුණු 47-31ක තියුණු ජයක් අත්පත් කරදෙමිනි. ඔවුන් අතින් පරාජයට පත්වූයේ ප්‍රතිවාදී යුධ හමුදා ක්‍රීඩා සමාජ පිලයි.

නාවිකයන්ගේ තියුණු ජයග්‍රහණයට නැවතත් වාසනාව හරස් වෙයි

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ 12 වැනි සතියේ තරග අද (21) ආරම්භ විය.

මෙවර තරග වාරයේ දී පෙරළිකාර වෙනසක් සිදු කරමින් ප්‍රබල කණ්ඩායම් රැසකටම අභියෝගයක් වූ පොලිස් ක්‍රීඩා සමාජ කණ්ඩායම පසුගිය සති අන්තය ද ජයග්‍රාහී සටහනකින් නිමාවට පත්කළේ ගුවන් හමුදා කණ්ඩායමට එරෙහිව පැවති තරගය ද ඉතා පහසුවෙන් ජය ගනිමිනි.

පොලිස් ෆ්ලයි හාෆ් ක්‍රීඩක යොහාන් පිරීස්ගේ පා පහරින් පන්දුව උඩු ගුවනට මුසුවීමත් සමඟින් ආරම්භ වූ තරගයේ පළමු මිනිත්තු කිහිපය තම පාලනය යටතට ගත් යුධ හමුදා ක්‍රීඩකයින් තර්ජනාත්මක ක්ෂණික ප්‍රහාරයන් කිහිපයක් දියත් කරමින් පොලිස් ආරක්ෂක වැට අස්ථාවර කිරීමට දැඩි වෑයමක නිරත වනු දැක ගන්නට හැකි විය.

ධවල රේඛාවට මීටර් 5ක් ආසන්නයෙන් ලැබුණු Line-out අවස්ථාවෙන් කල්‍ යල් බලා උපරිම ඵල නොලා ගත් යුධ භටයින් තම පළමු වෙඩිමුරය පොලිස් බලඝනයට එරෙහිව දියත් කළේ තරගයට ජවසම්පන්න ආරම්භයක් ලබා ගනිමිනි. දනුක විජේතිලක හට උත්සාහක දිනුමකින් තම දායකත්වය කණ්ඩායම වෙත ලබා දීමට හැකි වූ නමුත් ප්‍රවර්තනයේ වාසිය හිමිකර දීමට සචින් ගමගේ අපොහොසත් විය. (පොලිස් 00 – 05 යුධ)

ඉන්පසු උත්සාහක දිනුම් පෙළකින් යුධ හමුදාවට සංග්‍රහ කළ පොලිස් ක්‍රීඩකයින් තම ලකුණු තත්වය 19ක් දක්වා වේගයෙන් වර්ධනය කරගත්තේ ප්‍රතිවාදීන් වෙත දැඩි පීඩනයක් එල්ල කරමිනි. ෆිීජි ජාතික ඉමෝසි වුනිවෝසා සුපුරුදු පරිදි පොලිස් කණ්ඩායමේ ප්‍රධාන බලකණුව ලෙස ක්‍රියා කරමින් ලකුණු රැස් කිරීමේ අවස්ථාවන් තම සඟයින් හට නිර්මාණය කර දුන්නේ පැමිණ සිටි ප්‍රේක්ෂකයින් සියල්ලන්ගේම ඔල්වරසන් නද මධ්‍යයේය.

කසුන් රාජකරුණා, රසිත් සිල්වා සහ කසුන් සාරංග ධවල රේඛාව අභිබවා ගමන් කරද්දී ඔවුන්ගේ එම වෑයමට නිසි වටිනාකමක් ලබා දීමට යොහාන් පිරිස් සමත්වූයේ උදා වූ ප්‍රවර්තන අවස්ථා තුනෙන් දෙකක්ම සාර්ථකව ගෝල කණු අතරින් ඉලක්කය වෙත යොමු කරමිනි. (පොලිස් 19 – 05 යුධ)

දෙපිලේම ක්‍රීඩකයින්ගේ නොසැලකිලිමත්කම නිසාවෙන් ලකුණු බවට පරිවර්තනය කිරීමට තිබූ පහසු අවස්ථාවන් කිහිපයක්ම මඟ හැරී ගිය නමුත් එම අඩුපාඩු විගසින් නිවැරදි කරගනිමින් නැවත වතාවක් තරගයට අනුගත වීමට ක්‍රීඩකයින් දැක්වූ උනන්දුව මෙහි දී වඩාත් කැපී පෙනුණි.

ක්‍රීඩකයින් තිදෙනෙක්ට තරග තහනමක්!

2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ 11 වැනි සතියෙන් පසු CR&FC ක්‍රීඩක ෂාරෝ ප්‍රනාන්දු, මහනුවර

27 වැනි මිනිත්තුවේ දී නැවත වතාවක් පණ ගැන්වුනු යුධ හමුදා රෙජීමය හට නව ජීවයක් ලබා දීමට ටොමාසි කකුසුවා සමත් වූයේ පොලිස් ආරක්ෂක පවුර සුනුවිසුනු කර දමමින් ඔහු වාර්තා කළ අනගි ප්‍රවර්තිත උත්සාහක දිනුමත් සමඟිනි. (පොලිස් 19 – 12 යුධ)

ඊට ප්‍රතිචාර වශයෙන් එවැනිම ලකුණු සංඛ්‍යාවකින් තම ගිණුම තර කරගත් පොලිස් ක්‍රීඩකයින් තම පසුපෙළ ක්‍රීඩකයින් සතු වේගය සහ හැකියා දක්ෂතාවන් පිළිබඳ පැහැදිලි පණිවුඩයක් යුධ හමුදා කඳවුර වෙත ලබා දීමට සමත්කම් දැක්විය. සිල්වා සහෝදර හවුල සමඟ එක්වුනු වුනිවෝසා සුසංයෝගය ප්‍රිමේෂ් ධනුෂ්කගේ සුරතට පන්දුව භාර කළේ නියත ප්‍රවර්තිත උත්සාහක දිනුමක සතුට සැමරීමට පොලිස් ආධාරකරුවන් හට ඉඩ සලස්වා දෙමිනි. (පොලිස් 26 – 12 යුධ)

ළඟා කර ගත හැකි ලකුණු මායිමක තම කණ්ඩායම රඳවා ගැනීමට දැඩි සටනක නියැළුණු තරිඳු බණ්ඩාර තම කණ්ඩායමේ ලකුණු පරතරය 7ක් දක්වා අවම කළේ චමත් ප්‍රනාන්දුගේ සාර්ථක අමතර ලකුණු එකතු කිරීමේ වෑයමෙන් ලද පන්නරයත් සමඟිනි. (පොලිස් 26 -19 යුධ)

රසිත් සිල්වා ඊට ප්‍රතිප්‍රහාරයක් දියත් කරමින් පළමු අර්ධය අවසන් වීමට මත්තෙන් නැවතත් පොලිස් කණ්ඩායම පෙරමුණෙහි තැබුවේ ගොඩනැඟීමේ වාරයන් කිහිපයක්ම යොදා ගනිමින් වාර්තා කළ දැකුම්කළු කණ්ඩායම් උත්සාහක දිනුමේ ප්‍රතිඵලයක් වශයෙනි. (පොලිස් 33 – 19 යුධ)

පළමු අර්ධය: පොලිස් ක්‍රීඩා සමාජය 33 (5T,4C) – 19 (3T,2C) යුධ හමුදා ක්‍රීඩා සමාජය

තරගයේ ප්‍රථම භාගයේ දී මෙන් ලකුණු රැස් කිරීම අරඹමින් ලකුණු පුවරුව සක්‍රිය කිරීමේ කාර්‍යභාර්‍යට මුලපිරූ කකුසුවා ප්‍රමුඛ යුධ සෙබළුන් අපූර්ව උත්සාහක දිනුමකින් පොලිස් කණ්ඩායම තැති ගැන්වූයේ තරගයේ ජයග්‍රහණය පිළිබඳ යම් බලාපොරොත්තුවක් තම ප්‍රේක්ෂකයින්ගේ සිත් තුල දල්වාලමිනි. (පොලිස් 33 – 24 යුධ)

පාසල් රග්බි මුල් පුටුව අලුත් වෙයි

කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පති හා ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමයේ හිටපු සභාපති බී.

53 වැනි මිනිත්තුවේ දී රසිත් සිල්වා දිනයේ තම තෙවැනි උත්සාහක දිනුම වාර්තා කරමින් පොලිස් කණ්ඩායම හට සුපුරුදු රිද්මයට අවතීර්ණ වීමට අවශ්‍ය සවිබල ගැන්වීම ලබා දුන් අතර ප්‍රතිවාදී යුධ හමුදා ක්‍රීඩක අශාන් බණ්ඩාරද තම කණ්ඩායමේ මානසික මට්ටම යම්තාක් දුරකට ඉහළ නංවාලීමට කටයුතු කළේ යුධ හමුදාව වෙනුවෙන් දිනයේ වාර්තා කළ පස්වැනි උත්සාහක දිනුම තම දෑතින් වාර්තා කරමිනි. (පොලිස් 40 – 31 යුධ)

කෙසේ නමුත් පොලිස් ෆ්ලෑන්කර් ක්‍රීඩක වගීෂ වීරසිංහ දෙපසට දෝලනය වෙමින් තිබූ තරගයට අවසන් තීන්දුවක් ලබා දුන්නේ පොලිස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානය දක්වා ඉහළට ඔසවා තබමිනි. (පොලිස් 47 – 31 යුධ)

අවසන් ලකුණු තත්වය: පොලිස් ක්‍රීඩා සමාජය 47 (7T,6C) –  31(5T,3C) යුධ හමුදා ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා – ඉමෝසි වුනිවෝසා (පොලිස්)

ලකුණු රැස්කළ ක්‍රීඩකයෝ

  • පොලිස් – රසිත් සිල්වා (3T), කසුන් රාජකරුණා (1T), කසුන් සුරංග (1T), ප්‍රිමේෂ් ධනුෂ්ක (1T), වගීෂ වීරසිංහ (1T), යොහාන් පීරිස් (6C)
  • යුධ හමුදා – දනුක විජේතිලක (1T), ටොමාසි කකුසුවා (2T), තරිඳු බණ්ඩාර (1T), අශාන් බණ්ඩාර (1T), චමත් ප්‍රනාන්දු (3C)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<