92වැනි ජෝන් ටාබට් ක්‍රීඩා උළෙලේ දෙවැනි දිනය වාර්තා රැසකින් වර්ණවත් වෙයි

92nd Sir Ritzbury John Tarbat Athletics Championship 2024

67
92nd Sir Ritzbury John Tarbat Athletics Championship 2024

92 වැනි ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ දෙවැනි දිනය අද (01) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක වුනා.

අද දිනයේ ද නව තරග වාර්තා කිහිපයක් මෙන්ම, නව ජාතික වාර්තාවක් ද අලුත් වීම විශේෂත්වයක්.

මේ අතරින් වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලය නියෝජනය කරන S.M.V.S.රාජකරුණා විසින් වයස අවුරුදු 18න් පහළ මීටර් 200 ඉසව්වෙන් සිය වයස් කාණ්ඩයේ නව ජාතික වාර්තාවක් බිහි කිරීමට සමත් වුනා. මෙහි දී ඔහු විසින් තත්පර 21.52ක කාලයක් වාර්තා කළා.

මේ අතර මාතර රාහුල විද්‍යාලයේ H.W.N.විලද්දර විසින් පිරිමි 16න් පහළ මීටර් 800 ඉසව්ව මිනිත්තු 1.58.49කින් නිමා කරමින් නව තරග වාර්තාවක් බිහි කිරීමට සමත් වුනා. එමෙන්ම කාන්තා 18න් පහළ මීටර් 800 ඉසව්ව මිනිත්තු 2.10.15කින් නිමා කළ ගම්පොල වික්‍රමභාහු විද්‍යාලයේ M.G.T.අභිශේකා ද නව තරග වාර්තාවක් බිහි කිරීමට සමත් වීම විශේෂත්වයක්.

පිරිමි 18න් පහළ මීටර් 800 ඉසව්ව නියෝජනය කළ නාත්තන්ඩිය දම්මිස්සර විද්‍යාලයේ H.D.S.අවිශ්ක විසින් මිනිත්තු 1.53.66ක කාලයක් වාර්තා කරමින් තවත් තරග වාර්තාවක් බිහි කිරීමට සමත් වුනා.

කාන්තා 16න් පහළ හෙල්ල විසිකිරීම ඉසව්වෙන් මීගමුව ආවේ මරියා කන්‍යාරාමයේ W.K.B.B.සහේලි මීටර් 40.01ක දුරක් හෙල්ල විසිකරමින් නව තරග වාර්තාවක් බිහි කළා.

මේ අතර පිරිමි 20න් පහළ මීටර් 400 කඩුලු මතින් දිවීම ඉසව්ව නියෝජනය කළ හැටන් අඹගමුව විද්‍යාලය නියෝජනය කළ අයෝමාල් අකලංක විසින් තත්පර 52.14ක කාලයක් සමඟ නව තරග වාර්තාවක් බිහි කළා.

මීට අමතරව අද දිනයේ ක්‍රියාත්මක වූ අවසන් තරග ජයග්‍රහණය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙසේයි.

කාන්තා

  • 18න් පහළ මීටර් 2000බාධක දිවීම – K.M.S.මදුශිකා (සූරියවැව නැබඩාගස්වැව විද්‍යාලය)
  • 20න් පහළ මීටර් 3000 බාධක දිවීම – M.G.N.P.කුමාරි (වලල රත්නායක විද්‍යාලය)
  • 18න් පහළ කවපෙත්ත විසිකිරීම- B.A.K.K. බාලසූරිය (රත්නපුර සුමන බාලිකා විද්‍යාලය)
  • 20න් පහළ දුර පැනීම – H.A.ප්‍රනාන්දු (පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය)
  • 16න් පහළ මීටර් 200- H.M.T.නිර්මිණා (ගම්පහ සිරි කුරුස විද්‍යාලය)
  • 18න් පහළ කාන්තා මීටර් 200- D.ප්‍රනාන්දු (වත්තල ලයිසියම් විද්‍යාලය)
  • 20න් පහළ මීටර් 200- J.විජේතුංග (වත්තල ලයිසියම් විද්‍යාලය)
  • 16න් පහළ මීටර් 800- D.M.D.සෙත්මිණි (බණ්ඩාරවෙල ධර්මපාල විද්‍යාලය)
  • 20න් පහළ මීටර් 800- T.G.H.දුලාංජන ප්‍රදීපන් (වවත්තල ලයිසියම් විද්‍යාලය)
  • 16න් පහළ උස පැනීම – D.රාජපක්ෂ (වත්තල ලයිසියම් විද්‍යාලය)
  • 16න් පහළ කඩුලු පැන දිවීම – P.H.අමායා (රත්ගම දේවපතිරාජ විද්‍යාලය)
  • 18න් පහළ මීටර් 400කඩුලු පැන දිවීම – U.M.S.හිමාශනී (හැටන් අඹගමුව විද්‍යාලය)
  • 20න් පහළ මීටර් 400කඩුලු පැන දිවීම – R.කරුණාරත්න (වත්තල ලයිසියම් විද්‍යාලය)
  • 20න් පහළ කවපෙත්ත විසිකිරීම- J.H.G.S. ජයමහ

පිරිමි

  • 18න් පහළ මීටර් 2000බාධක දිවීම – E.K.G.Y.R.වික්‍රමසිංහ (වලල පාතදුම්බර විද්‍යාලය)
  • 20න් පහළ මීටර් 3000බාධක දිවීම – S.ෆොන්සේකා (මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය)
  • 18න් පහළ හෙල්ල විසි කිරීම – N.T.බිම්සර
  • 20න් පහළ රිටි පැනීම – K.O.තාදුල්‍ය (ගාල්ල මහින්ද විද්‍යාලය)
  • 16න් පහළ මීටර් 200- P.V.G.B.ආධිත්‍ය (මතුගම ආනන්ද ශාස්ත්‍රාලය)
  • 18න් පහළ මීටර් 200- S.M.V.S.රාජකරුණා (වෙන්නප්පුව ජෝසප් විද්‍යාලය)
  • 20න් පහළ මීටර් 200- T.S.හන්සජ (තර්ස්ටන් විද්‍යාලය)
  • 20න් පහළ මීටර් 800- E.M.C.P.K.ඒකනායක (වලල රත්නායක විද්‍යාලය)
  • 16න් පහළ කවපෙත්ත විසිකිරීම- R.A.T.සවිඳු (ගම්පහ සුමේධ විද්‍යාලය්)
  • 18න් පහළ තුන්පිම්ම – V.A.D.සන්ජන (වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලය)
  • 16න් පහළ මීටර් 400කඩුලු පැන දිවීම – S.E.ආරච්චි (මහනුවර ගේට්වේ විද්‍යාලය)
  • 20න් පහළ දුර පැනීම – K.ආනන්දප්‍රසාද් (කොළඹ සාන්ත පීතර විද්‍යාලය)
  • 18න් පහළ මීටර් 400කඩුලු පැන දිවීම – K.H.උයන්වත්ත (මහනුවර ත්‍රිත්ව විද්‍යාලය)

ශූරතාවලියේ තෙවැනි දිනය හෙට (02) ක්‍රියාත්මක වීමට නියමිතයි. එමෙන්ම මෙවර තරගාවලියේ සජීවී දසුන් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානමින් සිටිනවා. රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<