9 හැවිරිදි පොඩ්ඩෙක් ක්‍රිකට් පිටිය දෙවනත් කරයි

1704

පසුගිය ජුනි 10 වැනිදා කෝට්ටේ සාන්ත තෝමස් විදුහල් ක්‍රීඩා පිටියේ දී කෝල්ට්ස් ක්‍රිකට් සමාජය හා සනත් ජයසූරිය ක්‍රිකට් ඇකඩමිය අතර පැවැත්වූ වයස අවුරුදු 12න් පහළ ක්‍රිකට් තරගයක දී 4 පහර 16ක් සමඟින් ශතකයක් වාර්තා කරන්නට සනත් ජයසූරිය ඇකඩමිය නියෝජනය කරන 9 හැවිරිදි ක්‍රීඩකයෙකු වන සන්තුල් විජේරත්න සමත්ව තිබෙනවා.

නාය ගිය ඉනිම චන්දිමාල් හුදකලා සටනකින් ගොඩ දමයි

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ…….

මෙම ඇකඩමියේ මෙතුවක් කලකට ළාබාල ක්‍රීඩකයින් විසින් වාර්තා කළ ශතකයේ අයිතිය දැන් හිමිවන්නේ ඔහුටයි.

වමතින් පිත්ත හසුරුවන එම යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයා කොළඹ නාලන්ද විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ ද සාමාජිකයෙකි. සන්තුල් විජේරත්න පිතිකරණ අංශයෙන් පමණක් නොව පන්දු රැකීම හා පන්දු යැවීමේ අංශයෙන් ද එනම් ක්‍රිකට් පිටියේ තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වන කුඩා ක්‍රිකට් හපනෙකි.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජයේ වයස අවුරුදු 12න් පහළ කණ්ඩායම සමඟ පැවති තරගයේ දී සන්තුල් කඩුලු 3ක් ද දවා ගන්නට සමත්ව තිබෙනවා. තවද ඔහු සමඟින් කඩුලු දවා ගත් අනෙක් ක්‍රීඩකයා වන රචින්ත ද සිල්වා ද කඩුලු දෙකක් ලබාගෙන තිබෙනවා.

පළමුව පන්දුවට පහර දුන් කෝල්ට්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 30 තුළ ලබා ගත් ලකුණු 133ට පිළිතුරු ලෙස ශතකලාභී සන්තුල් ප්‍රමුඛ සනත් ජයසූරිය ක්‍රිකට් ඇකඩමියේ ක්‍රීඩකයින් කඩුලු 4ක් දැවී සිය ජයග්‍රාහී ලකුණු ප්‍රමාණය රැස්කරගෙන තිබෙනවා.

එම ලකුණු ප්‍රමාණය හඹා යාමේ දී සන්තුල් හා එක්වූ රචින්ත ද සිල්වා ලකුණු 71ක ආරම්භක සබඳතාවයක් ගොඩනංවා තිබෙන අතර රචින්ත එහි දී ලකුණු 24ක් ලබාගෙන තිබෙනවා. කෝල්ට්ස් කණ්ඩායමේ හිමන්ත විසින් කඩුලු 2ක් දවාගෙන ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<