ThePapare Most Popular Schoolboy Cricketer මනාප සටන ඇරඹෙයි

2022 ThePapare Most Popular Schoolboy Cricketer

332

ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com විසින් නොකඩවා දෙවැනි වරටත් සංවිධානය කරනු ලබන “2022 ThePapare Most Popular Schoolboy Cricketer” නොහොත් “ThePapare වසරේ ජනප්‍රියතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා” තේරීම සඳහා වන මනාප ප්‍රකාශ කිරීම අද (22) සවස 4 සිට (ශ්‍රී ලංකා වේලාවෙන්) ආරම්භ වනවා.

2022 ThePapare Most Popular Schoolboy Cricketer හි පළමු තරග වටය අගෝස්තු 22 වැනිදා සවස 4.00 සිට අගෝස්තු 31 වැනිදා රාත්‍රි 11.59 දක්වා පැවැත්වීමට නියමිතයි. ඒ සඳහා 2021/22 ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් පිටියේ 19න් පහළ පළමු පෙළ (Division 1) පාසල් ක්‍රිකට් කණ්ඩායම් 36ම ආවරණය වන පරිදි 600කට වඩා වැඩි පාසල් ක්‍රීඩකයින් අතරින්, එක් පාසලකින් ක්‍රීඩකයින් තිදෙනෙකු බැගින් ක්‍රීඩකයින් 108 දෙනෙකු තෝරාගෙන තිබෙනවා.

පළමු වටය සඳහා තේරී තිබෙන ක්‍රීඩකයින් සඳහා www.thepapare.com වෙබ් අඩවිය හරහා ඔබගේ මනාපය ඔවුන් වෙත  ප්‍රකාශ කළ හැකි. අගෝස්තු 31 වැනිදා රාත්‍රි 11.59 වන විට, පළමු අදියරේ දී වැඩිම මනාප ප්‍රමාණයක් ලබා ගන්නා ක්‍රීඩකයින් 36 දෙනා SMS මනාප අදියර හෙවත් දෙවැනි අදියර සඳහා යොමු කරනු ලබන අතර පළමු තරග වටය අවසන් වී දින කිහිපයක විරාමයකින් පසුව තීරණාත්මක දෙවැනි වටය (SMS වටය) ආරම්භ වීමට නියමිතයි.

>> 2022 ThePapare Most Popular Schoolboy Cricketer මනාප පළ කිරීම සඳහා <<

ThePapare Most Popular Schoolboy Cricketer පළමු අදියර පසුගිය වසරේ දී ඉතාමත් සාර්ථකව පැවැත්වුණු අතර එහි දෙවැනි වටය සඳහා සහභාගී වූ ක්‍රීඩකයින් 36 දෙනා සඳහා SMS මනාප 2,174,779ක දැවැන්ත ප්‍රමාණයක් ලැබී තිබුණා.

එහි දී රාජකීය විද්‍යාලයේ සහ වත්මන් ශ්‍රී ලංකා 19න් පහළ  තුන් ඉරියව් ක්‍රීඩක හැවිරිදි සදීෂ රාජපක්ෂ 1,034,559ක දැවැන්ත SMS මනාප ප්‍රමාණයක් ලබා ගනිමින් 2021 ThePapare Most Popular Schoolboy Cricketer ලෙස අභිෂේක ලබා ගත්තා.

එසේම කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලයේ තුන් ඉරියව් දස්කම් දක්වන ත්‍රිමල්ෂ සිල්වා එහි දෙවැනි ස්ථානය දිනා ගත්තේ SMS මනාප 631,804ක ප්‍රමාණයක් ලබා ගෙනයි. තවද එවර තරග වාරයේ දී කොළඹ ඉසිපතන විද්‍යාලයේ නායකයා ලෙස කටයුතු කළ තෙවිඳු දික්වැල්ල SMS මනාප 275,343ක් ලබා ගනිමින් තුන්වැනි ස්ථානය දිනා ගන්නට සමත් වුනා.

2022 ThePapare Most Popular Schoolboy Cricketer කොන්දේසි,

  • පාසල් 36කින් ක්‍රීඩකයින් 108 දෙනෙක් පළමු අදියර සඳහා තෝරාගෙන තිබෙන අතර thepapare.com වෙබ් අඩවිය හරහා ඔවුන් වෙනුවෙන් මනාප ප්‍රකාශ කර හැක.
  • පළමු අදියර අගෝස්තු 22 වැනිදා සිට 31 වැනිදා දක්වා ක්‍රියාත්මක වනු ඇත.
  • පළමු අදියරේ දී වැඩිම මනාප ප්‍රමාණයක් ලබා ගන්නා ක්‍රීඩකයින් 36 දෙනා SMS මනාප අදියර හෙවත් දෙවැනි අදියර සඳහා යොමු කරනු ලැබේ.
  • SMS මනාප අදියර සැප්තැම්බර් 2 වැනිදා සිට 16 වැනිදා (5:59 pm) ක්‍රියාත්මක වනු ඇත.
  • සැප්තැම්බර් 16 වැනිදා සවස 6ට, වැඩිම SMS ප්‍රමාණයක් දිනා ගෙන ඇති ක්‍රීඩකයා, ThePapare ජනප්‍රියතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා 2022 or ThePapare Most Popular Schoolboy Cricketer 2022 ලෙස අභිෂේක ගන්වනු ලැබේ.
  • අවසන් තීරණය com සතුයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<