යුද හමුදා සහය දිවීමෙන් නව ශ්‍රී ලංකා වාර්තා දෙකක්

269

05 වැනි යුද හමුදා සහය දිවීමේ සැණකෙළිය සුගතදාස ක්‍රීඩාංගණයේ දී නිමාව දකින්නේ ශ්‍රී ලංකා වාර්තා දෙකක් සහ නව තරග වාර්තා 3ක් සමඟිනි. ඒ අතරට පිරිමි මීටර 1500, කාන්තා මීටර 200 සහ කාන්තා මිශ්‍ර සහය දිවීම යන ඉසව් ඇතුළත් විය.

​වාර්තා තියාගෙන ගෙදර ඉන්න වුන ජයග්‍රාහකයන්

97 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවය පසුගිය දා අවසන් වූ අතර ජාතික වාර්තා….

ශ්‍රී ලංකා ජාතික තලයේ ධාවකයන්ගේ දක්ෂතාවන්ගෙන් සහ නව තරගකරුවන්ගේ දක්ෂතාවයන් ද මෙවර යුද හමුදා සහය දිවීමේ සැණකෙළියේ දී එක සේ දැක ගත හැකි වීම විශේෂත්වයක්.  

ශ්‍රී ලංකා වාර්තා  

  • මීටර් 1500 සහය දිවීම (පිරිමි) – මිනිත්තු 15.44.37 – ගැමුණු හේවා බලකාය
  • මීටර 200 සහය දිවීම (කාන්තා) – මිනිත්තු 01.37.87 – ශ්‍රී ලංකා යුද හමුදා 05 වැනි කාන්තා බලකාය 

නව තරග වාර්තා  

  • මීටර 1500 සහය දිවීම (පිරිමි) – මිනිත්තු 15.44.37 – ගැමුණු හේවා බලකාය
  • මීටර 200 සහය දිවීම (කාන්තා) – මිනිත්තු 01.37.87 – ශ්‍රී ලංකා යුද හමුදා 05 වැනි කාන්තා බලකාය 
  • මිශ්‍ර සහය දිවීම (මිශ්‍ර) – මිනිත්තු 02.10.75 – ශ්‍රී ලංකා යුද හමුදා 05 වැනි කාන්තා බලකාය

සහය දිවීමේ සැණකෙළියේ පිරිමි ඉසව්  

පිරිමි මීටර 800 සහය දිවීමේ තරගයෙන් මෙවර සැණකෙළිය ආරම්භ වූ අතර එහි ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා විදුලි සහ යාන්ත්‍රික බලකාය සමත් විය. ඔවුන් වාර්තා කළ කාලය මිනිත්තු 7.27.40කි.  

දෙවන ස්ථානය දිනා ගැනීමට ගැමුණු හේවා බලකාය සමත් වූයේ මිනිත්තු 7.30.56ක කාලයක් වාර්තා කරමිනි. මිනිත්තු 07.33.17ක කාලයක් වාර්තා කළ ශ්‍රී ලංකා කාලතුවක්කු බලකාය එහි තෙවැනි ස්ථානය දිනා ගන්නා ලදි.

ගැමුණු හේවා බලකාය විසින් මීටර 1500 පිරිමි සහය දිවීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් වූයේ නව ශ්‍රී ලංකා වාර්තාවක් ද සමඟින් (මිනිත්තු 15.44.37). ඒ වාර්තාව පසුපස ශ්‍රී ලංකා ජාතික තලයේ මලල ක්‍රීඩකයන් වන රුසිරු චතුරංග, සරත් කුමාර, අශාන් කල්ප, දර්ශන ලංකා ක්‍රීඩකයන්ගේ දක්ෂතාවයන් සනිටුහන් විය.

දෙවන ස්ථානය මිලිතත්පර 4ක් පසුපසින් සිටි ශ්‍රී ලංකා විදුලි සහ යාන්ත්‍රික බලකායට හිමි වූ අතර ඔවුන් වාර්තා කළ කාලය වන්නේ මිනිත්තු 15.44.41ක්, තෙවැනි ස්ථානය ශ්‍රී ලංකා පාබල හමුදාවට (මිනිත්තු 16.02.69) හිමි විය. 

විදූෂා ජාතික වාර්තාව බිඳී; ප්‍රථම වරට ශර්මිලා 200යෙන් රන් දිනයි

එළඹෙන දෙසැම්බරයේ නේපාලයේ දී පැවැත්වීමට නියමිත දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට මලල…

සහය දිවීමේ සැණකෙළියේ මිශ්‍ර ඉසව්ව

මිනිත්තු 01.52.72ක කාලයක් වාර්තා කරමින් කාලතුවක්කු බලගණය මිශ්‍ර සහය දිවීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගන්නා විට ශ්‍රී ලංකා විදුලි සහ යාන්ත්‍රික බලකායට දෙවැනි ස්ථානය දිනා ගත්තේ මිනිත්තු 01.52.77ක කාලයක් වාර්තා කරමිනි. මිනිත්තු 01.53.94ක කාලයක් වාර්තා කළ ශ්‍රී ලංකා යුද හමුදා සේවා බලකාය තෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත් විය.  

සහය දිවීමේ සැණකෙළියේ කාන්තා ඉසව්වන්  

කාන්තා මීටර 800 සහය දිවීමේ තරගය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා යුද හමුදා 05 වැනි කාන්තා බලකාය සමත් වූ අතර ඔවුන් වාර්තා කළ කාලය වන්නේ මිනිත්තු 10.16.00 කි. දෙවන ස්ථානය ශ්‍රී ලංකා යුද හමුදා සේවා බලකායට හිමිකර ගැනීමට සමත් වූයේ මිනිත්තු 10.46.98ක කාලයක් වාර්තා කරමිනි. මිනිත්තු 13.08.24ක කාලයක් වාර්තා කළ ශ්‍රී ලංකා යුද හමුදා සාමාන්‍ය සේවා බලකාය විසින් තෙවැනි ස්ථානය හිමිකර ගන්නා ලදි.

කාන්තා මීටර 200 සහය දිවීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදා 05 වැනි කාන්තා බලකාය සමත් වූයේ  නව ශ්‍රී ලංකා වාර්තාවක් ද සමඟින් (මිනිත්තු 01.52.72). එම ශ්‍රී ලංකා වාර්තාව පිහිටුවීමේ බර කරට ගැනීමට උපමාලිකා රත්නකුමාරි, කෞශල්‍යා මදුෂානි, නදීෂා රාමනායක, සාරංගි සිල්වා යන ක්‍රීඩිකාවන්ට හැකි විය.

දෙවන ස්ථානය ශ්‍රී ලංකා යුද හමුදා සංඥා බලකාය විසින් දිනා ගත් අතර ඔවුන් වාර්තා කළ කාලය වන්නේ 01.43.73ක්. තෙවැනි ස්ථානය ශ්‍රී ලංකා යුද හමුදා දෙවැනි කාන්තා බලකාය සතු කරගන්නේ මිනිත්තු 01.44.01ක කාලයක් වාර්තා කරමිනි.

100, 200 රජ කළ අඹේපිටිය ධාවන පථයට සමුදෙයි!

ශ්‍රී ලංකාව වෙනුවෙන් කෙටිදුර ධාවන පථයේ සුපිරි දස්කම් දැක්වූ ශෙහාන්….

මීටර 1500 කාන්තා සහය දිවීමේ ඉසව්ව නිමාව දකින්නේ ශ්‍රී ලංකා යුද හමුදා 04 වැනි කාන්තා බලකායට ප්‍රථම ස්ථානය දිනා දෙමිනි. ඔවුන් වාර්තා කළ කාලය වන්නේ මිනිත්තු 20.10.75ක් වූ අතර දෙවැනි ස්ථානය ශ්‍රී ලංකා යුද හමුදා සංඥා බලකාය හිමිකර ගැනීමට සමත් වූයේ මිනිත්තු 22.59.99ක කාලයක් වාර්තා කරමිනි. මිනිත්තු 28.11.21ක කාලයක් වාර්තා කළ ශ්‍රී ලංකා යුද හමුදා සාමාන්‍ය සේවා බලකායට තෙවැනි ස්ථානය හිමි විය.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<