පාසල් පිහිනුම් සහ කිමිඳුම් තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5000ක්

ශ්‍රී ලංකා පාසල් පිහිනුම් සහ කිමිඳුම් තරගාවලිය 2022

216

47 වැනි වරටත් සංවිධානය කරන ශ්‍රී ලංකා පාසල් පිහිනුම් සහ කිමිඳුම් තරගාවලිය දෙසැම්බර් 07 වැනිදා සිට 11 වැනිදා දක්වා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සැලසුම් කර තියෙනවා.

නෙස්ලේ, මයිලෝ ආයතනයේ අනුග්‍රහය යටතේ පැවැත්වෙන මෙවර තරගාවලිය සඳහා පාසල් 200ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5,000ක් සහභාගී වීමට නියමිතයි.

මෙම තරගාවලිය වයස අවුරුදු 10න් පහළ, 12න් පහළ, 14න් පහළ, 16න් පහළ, 18න් පහළ සහ 20න් පහළ යන වයස් කාණ්ඩ යටතේ පැවැත්වීමට නියමිතයි. තරග ඉසව් 164කින් සමන්විත මෙම තරගාවලිය සඳහා කේවල තරග 140ක් සහ සහය තරග 24ක් ඇතුළත්

වයස අවුරුදු 10න් පහළ සහ 12න් පහළ වයස් සීමාවල තරගවල හී පරිසාධන මට්ටමට ළඟා වන සහ ඊට අඩු කාලයකින් තරග අවසන් කරන ළමුන් සඳහා සහතික පත්‍ර පමණක් ප්‍රදානය කෙරේ.

12න් ඉහළ වයස් සීමාවල තරග සඳහා ප්‍රථම ස්ථානයේ සිට අටවැනි ස්ථානය දක්වා සහතික පත්‍ර පිරි නැමෙන අතර ප්‍රථම, දෙවැනි සහ තෙවැනි ස්ථාන ලබා ගන්නා ක්‍රීඩකයින්ට පදක්කම් ප්‍රදානය කිරීමට නියමිතයි.

වයස අවුරුදු 14න් පහළ, 16න් පහළ, 18න් පහළ සහ 20න් පහළ බාලක සහ බාලිකා තරග සඳහා දක්ෂතම ක්‍රීඩකයා, ක්‍රීඩිකාව සහ දක්ෂතම පාසලට කුසලාන ලබා දීමට නියමිතයි.

තරගාවලියේ සමස්ත ශූරතාවයන් ගණන 23ක් වන අතර පහත ශූරතාවයන් ද එයට ඇතුළත්,

  • කනිෂ්ඨ බාලක ශූරතාවය
  • කනිෂ්ඨ බාලිකා ශූරතාවය
  • ජ්‍යෙෂ්ඨ බාලක ශූරතාවය
  • ජ්‍යෙෂ්ඨ බාලිකා ශූරතාවය
  • මිශ්‍ර පාසල් ශූරතාවය
  • සමස්ත බාලක ශූරතාවය
  • සමස්ත බාලික ශූරතාවය

තරගාවලියේ සහය තරග සඳහා බාලක කණ්ඩායම් 275ක් සහ බාලිකා කණ්ඩායම් 180ක් මේ වන විට අයැදුම් කර තිබෙනවා.

එමෙන්ම දිය පිම් තරගාවලිය සඳහා බාලක ක්‍රීඩකයින් 274ක් සහ බාලිකා ක්‍රීඩිකාවන් 110ක් සහභාගී වීමට නියමිතයි.

මෙම තරගාවලිය අවසන් වරට 2019 වසරේ දී පැවැත්වූ අතර එහි මිශ්‍ර පාසල් ශූරතාව වත්තල ලයිසියම් විද්‍යාලයත්, බාලිකා ශූරතාව කොළඹ විශාකා විද්‍යාලයත් සහ බාලක ශූරතාව මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයත් විසින් දිනා ගත්තා.

තරගාවලියේ තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<