වෙළඳසේවා හොකි තරගාවලිය දෙසැම්බර් 4 වැනිදා

160

වෙළඳසේවා හොකි සම්මේලනය (MHA) විසින් 44 වැනි වරටත් සංවිධානය කරන සිය වාර්ෂික සත් සාමාජික හොකි තරගාවලිය දෙසැම්බර් 4 වැනි ඉරිදා පී.සරා ඕවල් ක්‍රීඩාංගණයේ හිදී පැවැත්වෙනු ඇත.

තරගාවලියේ තරග පෙරවරු  8.00ට ආරම්භ වන අතර අවසන් පූර්ව වටයේ තරග පස්වරු 3.30ට ද, අවසන් මහා තරගය පස්වරු 4.30ට ද පැවැත්වෙනු ඇත.

මේ වසරේ Nippon Paints ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස ද, සම අනුග්‍රාහකයන් වශයෙන්  Browns සමාගම, Baraka Joint Ease Spray, සහ කොළඹ හිල්ටන් හෝටලය  කටයුතු කරනු ඇත.

පහත දැක්වෙන ගෞරව කුසලානය සඳහා කණ්ඩායම් 22ක් A, B, C, D, E & F යන අංශ 06කින් තරග වදිනු ඇත.

A div – Dennis De Roayro ජනශක්ති කුසලානය

  • කණ්ඩායම්: කොමර්ෂල් බැංකුව A; හැටන් නැෂනල් බැංකුව A; MAS Holdings;  සම්පත් බැංකුව

B div – සිංගර් කුසලානය

  • කණ්ඩායම්: Allianz INC; කොමර්ෂල් බැංකුව B ; හේලීස් සමූහය; එච්.එස්.බී.සී

C div – Lifebouy කුසලානය

  • කණ්ඩායම්: Browns A; ජෝන් කීල්ස් සමූහය; සිංගර් SL ;

D div – එඩ්මන්ඩ් ජේ කුරේ කුසලානය

  • කණ්ඩායම්: නේෂන් ට්‍රස්ට් බැංකුව; සෙලාන් බැංකුව,

E Div – Ceylon Cols Stores කුසලානය

  • කණ්ඩායම් : ලංකා දුම්කොළ සමාගම; DPMC; ඔරියන්ට් ෆිනෑන්ස්;

F div – MHA ජනාධිපති කුසලානය

  • කණ්ඩායම්: බ්‍රවුන්ස් බී; හේලීස් කාණ්ඩය B; ජෝන් කීල්ස් කාණ්ඩය B; MAS කාණ්ඩය B; සම්පත් බැංකුව

සමහර ආයතන කණ්ඩායම් දෙකක් ඉදිරිපත් කිරීමත් සමඟ මෙම වසරේ ඉහළ තරගකාරිත්වයක් දක්නට ලැබේ.

අනුශූරයන්ට පදක්කම් සහ අනුරූ සමඟ කුසලාන 06ක් පිරිනැමේ. වාර්ෂික සත් සාමාජික  තරගාවලි මෙම වසර අවසන් වන බැවින් හොකි සුහදතාවයේ වර්ණවත් දිනයක් අපේක්ෂා කෙරේ.

2020 වසරේ කොවිඩ් ව්‍යාප්ත වූ විට හැර දශක හයකට වැඩි කාලයක් MHA සිය තරගාවලි අඛණ්ඩව පවත්වයි. MHA 2022 වසර තුළ තරගාවලි 04ක් පවත්වයි. ලීගය, නොක්-අවුට්; නම සාමාජික සහ සත් සාමාජික තරගාවලි පවත්වා ඇත.

වෙළඳසේවා හොකි ප්‍රථම වරට 1952 දී වෙළඳසේවා ආධුනික මලල ක්‍රීඩා සංගමයේ හොකි අංශයක් ලෙස ආරම්භ කරන ලද අතර 1957 මාර්තු 31 වැනි දින වෙළඳසේවා හොකි සංගමය ලෙස නිල වශයෙන් ආයතනයක් ලෙස ආරම්භ කරන ලදි.

එතැන් සිට, සංගමය විසින් වෙළඳසේවා අංශය අතර සුහදතාවය ඇති කරමින් හොකී ක්‍රීඩා කරන සිසුන්ට තම වෘත්තීය ජීවිතය ආරම්භ කිරීමට වේදිකාවක් සපයමින් රටේ ක්‍රීඩාවට විශාල දායකත්වයක් ලබා දෙයි.

MHA 1957 වසරේ මෙරට පළමු හොකි ජාතික තරගාවලියේ සම ශූරයන් බවට පත් වූ අතර එතැන් සිට අවස්ථා 16ක දී ශූරතාවය ද, අවස්ථා 13ක දී පළමු අනුශූරතාවය ද, 14 වතාවක් තුන්වැනි ස්ථානය ද දිනා ගෙන ඇත.

SLHF විසින් පවත්වන ලද 2022 හොකි ජාතික තරගාවලියේ දී, කණ්ඩායම අවසන් මහා තරගය දක්වා පැමිණියේය. එහි බොහෝ ක්‍රීඩකයින් ආරම්භයේ සිටම රට නියෝජනය කර ඇත.

මෙම වසරේ MHA විසින් වෙළඳසේවා අංශයේ හොකි ක්‍රීඩාවේ 70 වැනි සංවත්සරය සමරයි.

මාධ්‍ය නිවේදනයකි.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<