සත්කාරකයින් හඹා ගිය ශ්‍රී ලංකාවට වටිනා ජයක්

3379

තෙවැනි ආසියානු පිරිමි වයස අවුරුදු 23න් පහළ වොලිබෝල් ශූරතාවයේ දෙවන දිනයේ දී (4) ශ්‍රී ලංකාව වට 3-1ක් ලෙස සත්කාරක මියන්මාර කණ්ඩායම පරාජය කරන්නට සමත් වුනා. තරගාවලිය පැවැත්වෙන්නේ මියන්මාරයේ දීයි.

පළමු වටයේ දී ශ්‍රී ලංකාවෙන් ඕස්ට්‍රේලියාවට හොඳ අභියෝගයක්

තෙවැනි ආසියානු පිරිමි වයස අවුරුදු 23 න් පහළ වොලිබෝල් ශූරතාව අද (3) මියන්මාරයේ දී ආරම්භ වුනා.

A කාණ්ඩයෙන් තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (3) ඕස්ට්‍රේලියානු කණ්ඩායම හමුවේ තරග වට 3-0ක් ලෙස පරාජය වුනත්, අද දිනයේ දී ඔවුන් ඉතා හොඳින් තරග කළේ දක්ෂ ලෙස මියන්මාර කණ්ඩායම හඹා එමින්.

පළමු වටයේ මියන්මාර කණ්ඩායම ලකුණු 18–25ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කළේ තියුණු සටනකින් පසුවයි. 

පළමු වටයේ පසුබෑමට ලක්වුනත් දෙවන වටයේ සිය සුපුරුදු ක්‍රීඩා විලාශයට අවතීර්ණ වූ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ දෙවන වටය ජය ගත්තේ ලකුණු 28-26ක් ලෙසයි. ලකුණු 25 සීමාව ද ඉක්මවා ගිය පළමු තරග වටය ඉතා උණුසුම් වූ අතර පළමු වටය පුරාවටම මියන්මාර ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ පසුපසම රැඳෙන්නට සමත් වුනා.

තෙවැනි වටයේ මුල් භාගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට තියුණු අභියෝගයක් එල්ල කරන්නට මියන්මාර යොවුන් ක්‍රීඩකයින් සමත් වුනත්, අවසන් ලකුණු කිහිපය ඉතා ඉක්මනින් ලබා ගත් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ ලකුණු 25-19ක් ලෙස තරග වටය අවසන් කරන්නට සමත් වුනා.

ඉතා වැදගත් වූ සිව්වැනි වටය ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඉතා පහසුවෙන් ජය ගන්නට සමත් වුනා. පළමු ලකුණේ සිටම මියන්මාර කණ්ඩායමට පහර පිට පහර එල්ල කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ලකුණු 25-14ක් ලෙස සිව්වැනි වටය ජය ගෙන තරගය ද ජය ගැනීමට සමත් වුනා.

ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (5) හොංකොං කණ්ඩායම සමඟ තරග වැදීමට නියමිතයි. තරගාවලියේ සියලු ඔබ වෙත ගෙන ඒමට අප සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<