පළමු වටයේ දී ශ්‍රී ලංකාවෙන් ඕස්ට්‍රේලියාවට හොඳ අභියෝගයක්

580

තෙවැනි ආසියානු පිරිමි වයස අවුරුදු 23 න් පහළ වොලිබෝල් ශූරතාව අද (3) මියන්මාරයේ දී ආරම්භ වුනා. සිය පළමු තරගයට ප්‍රබල ඔස්ට්‍රේලියාව සමඟ ක්‍රීඩා කළ ශ්‍රී ලංකා වයස අවුරුදු 23න් පහළ කණ්ඩායමට සිදු වූයේ අවාසනාවන්ත ලෙස වට 3-0ක් ලෙස පරාජය වීමටයි.

Video – 23න් පහළ පිරිමි වොලිබෝල් කණ්ඩායම – 3rd Asian Men’s U23 Volleyball Championship 2019

මියන්මාරයේ දී ආරම්භ වීමට නියමිත ‘තුන්වැනි ආසියානු පිරිමි 23න් පහළ….volley

තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ තෙවැනි වරටයි. ශ්‍රී ලංකාව A කාණ්ඩයේ ක්‍රීඩා කරන්නේ සත්කාරක මියන්මාරය, ප්‍රබල ඕස්ට්‍රේලියාව හා හොංකොං කණ්ඩායම සමඟයි.

පළමු වටයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රබල ඕස්ට්‍රේලියාවට සුපිරි තරගයක් ලබා දෙන්නට සමත් වුනා. ඕස්ට්‍රේලියානු කණ්ඩායම හා කරට කර සටන් කළ ඔවුන් ලකුණු 25 සීමාවටත් එපිටට පළමු වටය රැගෙන යාම විශේෂත්වයක්. කෙසේ වෙතත් සෑහෙන මහන්සියක් අපතේ යවමින් පළමු වටය ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පරාජය වූයේ 29-27ක් ලෙසයි.

පළමු වටයේ උද්‍යෝගය දෙවැනි සහ තෙවැනි වටවල දී ශ්‍රී ලංකා කණ්ඩායමට නොතිබූ අතර එම වට දෙකෙහිම ප්‍රතිවාදීන්ට දැනෙන තරමේ සටනක් ලබා දෙන්නට ඔවුන් අසමත් වුනා. තෙවැනි තරග වටය ලකුණු 25-17ක් ලෙස අවසන් වුනා. 

තෙවැනි වටය වන විට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඉතා වෙහෙස වූ බවක් දක්නට ලැබුණු අතර එම වටයත්  ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් පහසුවෙන් දිනා ගත්තේ ලකුණු 25-14ක් ලෙසයි.

ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (04) සත්කාරක මියන්මාර කණ්ඩායම සමඟින් තරග වැදීමට නියමිතයි. ThePapare.com තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට සුදානම්. රැඳී සිටින්න ක්‍රීඩාවේ ප්‍රමුඛයා සමඟින්.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<