Fairfirst, CDB, CL Synergy සහ Hayleys අවසන් පූර්ව වටයට

වෙළඳසේවා ක්‍රිකට් තරගාවලිය 2023

112

වෙළඳසේවා ක්‍රීඩා පිටිය උණුසුම් කරමින් මේ දිනවල පැවැත්වෙන 2023 වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග අද (11) පැවැත්වුණා.

එම තරගවලින් ජයග්‍රහණය හිමි කරගනිමින් තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට CDB A, Fairfirst Insurance, CL Synergy Limited සහ Group – A කණ්ඩායම් සමත් වුනා.

අඩු ලකුණක් සඳහා පැවති තියුණු තරගයකින් පසුව BBK Partnership පරදවා ලකුණු 2ක තියුණු ජයග්‍රහණයක් හිමි කරගැනීමට CDB A ක්‍රීඩකයින් සමත් වුනා. CDB වෙනුවෙන් සිතාර ගිම්හාන ලකුණු 51ක් ලබා ගනිද්දී, ඕෂධ ප්‍රනාන්දු ලකුණු 29ක් සහ ධනංජය සිල්වා ලකුණු 28ක් රැස් කළා.

BBK වෙනුවෙන් ජෙහාන් ඩැනියල් ලකුණු 59ක් සහ විජයකාන්ත් වියස්කාන්ත් ලකුණු 35ක් රැස් කළ අතර ධනංජය ද සිල්වා සහ ලක්ෂාන් සඳකැන් කඩුලු තුන බැගින් දවා ගත්තා.

වර්ෂාව නිසා පන්දුවාර 28කට සීමා වූ තරගය අවසන් පන්දුවාරයේ දී කඩුලු 5කින් ජයග්‍රහණය කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට Fairfirst Insurance ක්‍රීඩකයින් සමත් වුනා.

Fairfirst වෙනුවෙන් අනුක් ප්‍රනාන්දු ලකුණු 47ක් සහ අසෙල් සිගේරා ලකුණු 29ක් ලබා ගැනීමට සමත් වූ අතර පන්දු යැවීමේ දී Fairfirst වෙනුවෙන් තනුක දාබරේ සහ අසෙල් සිගේරා කඩුලු 3ක් දවා ගත්තා.

Mode Engineering වෙනුවෙන් නිරෝෂන් දික්වැල්ල ලකුණු 86ක් ලබා ගැනීමට සමත් වුනේ දිනයේ වැඩිම ලකුණු ලාභියා වෙමිනුයි.

වර්ෂාව නිසා තරගයේ ප්‍රතිඵලයක් රහිත වූවත් ප්‍රසාද ලකුණු සටහනට අනුව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට Hayleys Group ක්‍රීඩකයින් සමත් වුනා. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් John Keels වෙනුවෙන් අහන් වික්‍රමසිංහ ලකුණු 54ක් රැස් කළා.

ප්‍රතිඵලයක් රහිතව අවසන් වූ අනෙක් තරගයෙන් පසු ප්‍රසාද ලකුණු සටහන මත අවසන් පූර්ව වටයට පිවිසියේ CL Synergy කණ්ඩායමයි.

ඒ අනුව තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග තීන්දු වූ අතර එම වටයේ දී කණ්ඩායම් පහත පරිදි තරග වැදීමට නියමිතයි.

  • පළමු අවසන් පූර්ව තරගය – Fairfirst Insurance vs CL Synergy Limited’
  • දෙවැනි අවසන් පූර්ව තරගය – CDB – A vs Hayleys Group – A

CDB A සහ BBK Partnership

  • CDB A – 190/10 (32.2): සිතාර ගිම්හාන 51, ඕෂධ ප්‍රනාන්දු 39, ධනංජය ද සිල්වා 38, K. Iyalarasan 7/32.
  • BBK Partnership – ජෙහාන් ඩැනියල් 59, සංගීත් කුරේ 42, ධනංජය ද සිල්වා 3/19, ලක්ෂාන් සඳකැන් 3/38.

CDB – A ක්‍රීඩකයින්ට ලකුණු 2ක ජයක්.

Fairfirst Insurance සහ Mode Engineering

  • Mode Engineering – 165/10 (28): නිරෝෂන් දික්වැල්ල 86, දුලාජ් අශේන් 45, අසෙල් සිගේරා 3/24, තනුක දාබරේ 3/34.
  • Fairfirst Insurance – 166/5 (27.1): අනුක් ප්‍රනාන්දු 47, මෝදිත රණතුංග 21, චාරුක ජයතිලක 2/20.

Fairfirst Insurance ක්‍රීඩකයින්ට කඩුලු 5ක ජයක්.

CL Synergy Limited සහ HNB A

  • CL Synergy – 190/10 (36.5): චමිඳු වික්‍රමසිංහ 53, සොනාල් දිනූෂ 33*, ගයාන් සිරිසෝම 3/22.
  • HNB A – 64/1 (8): සඳුන් වීරක්කොඩි 41.

තරගය ප්‍රතිඵලයක් රහිතයි.

Hayleys Group – A සහ John Keels A

  • John Keels A- 191/9 (35.1): අහන් වික්‍රමසිංහ 54, සදීර සමරවික්‍රම 29, සහන් නානායක්කාර 2/23.
  • Hayleys Group A – 49/1 (7.1): ටී.එම්. සම්පත් 27, රොන් චන්ද්‍රගුප්ත 17*

තරගය ප්‍රතිඵලයක් රහිතයි.

අවසන් පූර්ව වටයේ තරග කාලසටහන

  • පළමු අවසන් පූර්ව තරගය – Fairfirst Insurance සහ CL Synergy – කටුනායක වෙළඳසේවා ක්‍රීඩාංගණය (මැයි 13)
  • දෙවැනි අවසන් පූර්ව තරගය – CDB – A සහ හේලීස් සමූහය – A – වෙළඳසේවා ක්‍රීඩාංගණය (මැයි 13)

2023 වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ සියලු තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<