පැරණි මතකයන් එක්ක අලුත් වුන සම්බන්ධතාවය

82

ඕස්ට්‍රේලියා පාකිස්තාන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය නිමා වූයේ ඕස්ට්‍රේලියා කණ්ඩායමට ලකුණු 72කින් පෙරමුණ ගෙන දෙමිනි. ලකුණු 240කට සීමා වූ පාකිස්තාන ඉනිමට පිළිතුරු ලෙස ඕස්ට්‍රේලියා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 312ක් රැස් කරගැනීමට සමත් විය.

ශ්‍රී ලංකාවට තවත් ජාතික තලයේ ක්‍රීඩාංගණයක්!

දේශීය පළමු පෙළ ක්‍රිකට් තරග සහ පාසල් ක්‍රිකට් තරග පැවැත්වීමේ දී දැඩි අඩුපාඩුවක්ව පවතින ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩාංගණ ගැටලුවට…

ඕස්ට්‍රේලියා ආරම්භක සම්බන්ධතාවය සඳහා ඩේව්ඩ් වෝනර් හා ජෝ බර්න්ස් ලකුණු 222ක් එක් කිරීමට සමත් වීම විශේෂත්වයකි.  ඒ මෙම ආරම්භක පිතිකරු යුගලය එක්ව ක්‍රීඩා කළේ වසර කීපයකට පසුව වීම නිසාවෙනි.

2016 වසරේ දී ශ්‍රී ලංකාව සමඟින් පැවති ටෙස්ට් තරගාවලියේ දී ඩේවිඩ් වෝනර්ට හා ජෝ බර්න්ස්ට සාර්ථක වීමට ශ්‍රී ලංකා දඟපන්දු ‍යවන්නන් අවස්ථාව ලබා දුන්නේ නැත. ඩේවිඩ් වෝනර් හා ජෝ බර්න්ස් පවසන්නේ මෙම සම්බන්ධතාවය තම මිත්‍රත්වය නැවත ආරම්භ වීමේ ලක්ෂණයක් විය හැකි බවයි.

ඩේවිඩ් වෝනර් හා ජෝ බර්න්ස් සෑම විටම ප්‍රබල ආරම්භක පිතිකරුවන් යුගලයක් වූ අතර ඔවුන්ගේ ශක්තිමත්ම අවධිය ලෙස 2015-16 තරග වාරය සැලකිය හැක. ඔවුන් නවසීලන්තයට එරෙහිව ගැබා ක්‍රීඩාංගණයේ දී ප්‍රබල ඉනිමක් ගොඩනැගීමට සමත් විය. කෙසේ වෙතත් ඉන් අනතුරුව සිදු වූ යම් යම් හේතු නිසා ඩේවිඩ් හා බර්න්ස්ට එකට ක්‍රීඩා කිරීමට අවස්ථාව උදා වූයේ නැත. එයට ප්‍රධාන හේතුවක් ලෙස 2018 වසරේ දී ඩේවිඩ් වෝනර් හට පැනවූ තරග තහනම දැක්විය හැක.

මෙම වසරේ අළුබඳුන ටෙස්ට් තරගාවලිය සඳහා ජෝ බර්න්ස් හා ඩේවිඩ් වෝනර් නම් කර තිබුණ ද, එහි දී ඔවුන්ට එක්ව ක්‍රීඩා කිරීමට අවස්ථාව ‍උදා වූයේ නැත. මෙම තරගයේ දී නැවත එක්වූ ඩේවිඩ් බර්න්ස් සුසංයෝගය නැවතත් ගිනිකෙළි පෙන්විමට සමත්ව ඇත. පෙර දී මෙන්ම ඕස්ට්‍රේලියාවට අත්‍යවශ්‍ය වූ ආරම්භක සම්බන්ධතාවය ගොඩනැගීමට ඔවුන් සමත්ව ඇත.

ඔව් කියන එක තමයි උත්තරය. ඒ තරගාවලිය අපි හැමෝටම අමාරු තරගාවලියක් වුනා. ඒත් අපි එක්ව ලබාගත් ජයග්‍රහණයන් බලන්න. අපි දෙන්නා එක්ව සාර්ථක වුන අවස්ථා බලන්න. විශේෂයෙන් ඕස්ට්‍රේලියාවේ තියන තරගවල දී. ජෝ කිව්වා වගේ අපිට අමුතුම ජවයක් එනවා අපි දෙන්නා ක්‍රීඩා කරන අවස්ථාවල දී. අපි ගොඩක් දේවල් කතා කරනවා. අපි හැමවෙලේම ක්‍රිකට් ගැන කතා කරනවා. අපිට ක්‍රිකට් ගැන කතා කරන්න අවශ්‍ය නැති වුනත් අපි ඒක ගැන කතා කරනවා.”

වේගපන්දුවේ දඩබ්බරයා – ඩේල් ස්ටේන්

පන්දුවාර 5යි. ලකුණු 58යි. කඩුලු 1යි. දල ලකුණු ලබා දීමේ වේගය පන්දුවාරයකට ලකුණු 11.6යි. නිපන්දු 7යි. වයිඩ් පන්දු 2යි…

“වැදගත්ම දෙය අපි පැති මාරු කරගන්න එක. අපි ඒක හොඳින් කරන අවස්ථාවල දී ඒක පන්දු ‍යවන්නන්ට ලොකු පීඩනයක්. ඔවුන්ට හරියට පන්දුව යොමු කරගන්න අමාරුයි. පන්දු ‍යවන්නා හොඳින් පන්දුව යවන විට හෝ මට ලකුණු ලබා ගැනීමට අමාරු වූනාම මම leg side එකට ගහලා ලකුණක් ඇරන් ජෝ ට දෙනවා. මම පන්දුවට පහර දෙන විට ගොඩක් පන්දු ‍රකින්නන් ඉන්නේ ඈතින්. මම ඒ වෙලාවට ලේසියෙන්ම ලකුණක් ගන්නවා. මම දන්නවා ජෝත් එහෙම කරනවා කියලා. සෙල්ලම් කරද්දී අපි දෙන්නම අපි දෙන්නාගේ වගකීම් ගැන දන්නවා. අපි ඒක හොඳටම කරනවා. අපි කලින් දවසේ පුහුණුවීම් වලදී ඒක කළා. අපි පැය 4 ක පුහුණු සැසියක් තිබ්බා. එතන දී අපි කතා වුනා ලකුණක් ගන්න පුළුවන් හැම තැනක දී ම අපි ලකුණක් ගන්නවා කියලා. පන්දු 6ටම වුනත් ලකුණක් ගන්න කතා වුනා.”

වෝනර් සමඟින් ගොඩනැගූ සම්බන්ධතාවය පිළිබඳව අදහස් දක්වමින් බර්න්ස් පවසා සිටියේ වමත් හා දකුණත් සුසංයෝගය සෑම විටම ප්‍රයෝජනවත් වන බවයි.

“මම හිතන්නේ වමත් දකුණත් සුසංයෝගය තමයි ගොඩක් ප්‍රයෝජනයවත් වුනේ. මම හැමවෙලේම කියනවා වගේ ඩේවිඩ් එක්ක ක්‍රීඩා කරන එක ලේසියි. ඔබ පන්දුවට පහර දෙන්නේ නැති පැත්තට ආවම ඔබට පේනවා ලකුණු පුවරුව වැඩි වෙනවා කියලා. එතකොට ලකුණු ලබාගන්න කිසිම පීඩනයක් නෑ. මම හිතන්නේ මේ සම්බන්ධතාවයේ වැදගත්ම දේ වුනේ අපි හැමවෙලේම කතා වුනා පන්දු ‍යවන්නන් කොහොමද පන්දු යවන්නේ, අපි කොහොමද ලකුණු රැස්කරන්න ඕන හා අපේ අභියෝගයන් මොනවා ද කියන එක. ඒ වගේ සම්බන්ධතාවයක් තියනකොට අමාරු වෙලාවක වුනත් අපිට ලොකු අවස්ථාවක් එනවා ලකුණු ලබාගන්න.”

විශ්‍රාම යන දවස ගැන මාලිංගගෙන් ඉඟියක්!

එළඹෙන වසරේ පැවැත්වීමට නියමිත ICC ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය…

ඩේවිඩ් වෝනර් මෙන් ජෝ බර්න්ස් ද කලක් ඕස්ට්‍රේලියා කණ්ඩායමෙන් ඉවත්ව සිටි අතර ඔහු මෙම තරගාවලිය සඳහා එක්වූයේ දීර්ඝ විරාමයකින් අනතුරුවය. තම ආගමනය මෙසේ සටහන් කිරීම පිළිබඳව අදහස් දක්වමින් ජෝ පවසා සිටියේ තමන් ටෙලිවිෂනයේ දකින ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ සාර්ථකත්වය සඳහා දායකත්වය දැක්වීමට ලැබීම සතුටක් බවයි.

“මම හැමවෙලේම හිතුවා මම ක්‍රීඩා කරා නම් මට ලොකු අවස්ථාවක් තියේවි කියලා. මම බලාගෙන හිටියා කණ්ඩායම අළු බඳුන් තරගාවලිය සෙල්ලම් කරන විදිහ. මම කණ්ඩායමේ හිටියේ නැතත් මට කණ්ඩායමට ගිහින් ඔවුන්ට උදව් කරන්න තිබ්බා නම් කියලා හිතුණා. මට ඕනේ වුනේ ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන තරගාවලියට කොහොම හරි ඇතුලත් වෙන එක. මම ඒකට ගොඩක් මහන්සි වුනා.”

දඟපන්දු ‍යවන්නෙකුගේ පන්දුවකට ගැබා වලදී ලකුණු 97කට දැවී යන එක ගැන දුකක් තියනවා. ඒත් මම ක්‍රීඩා කරපු විදිහ ගැන මට සතුටුයි. මට දැනෙනවා මම ලොකු දෙයක් කළා කියලා. මම දන්නවා මට මීට වඩා පුළුවන් කියලා. මට මීට වඩා අවස්ථා හමුවුනොත් මම තවත් සාර්ථක වේවි. මම ආයේ ලකුණු 90ක් ගහලා ඉන්න කොට වැඩිපුර සැලකිලිමත් වෙන්න ඕනේ. ඩේවිඩ් තවමත් නොදැවී ඉන්නේ. මේ වගේ ඉනිම් තමයි ටෙස්ට් තරග දිනවන්නේ.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<