කාලගුණය හරස් වෙද්දීත් මේරියන්ස් සහ එන්. සී. සී. ජයග්‍රහණ වාර්තා කරයි

188

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ පළමු කොටසේ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය නිල වශයෙන් අද (10) ආරම්භ වූ අතර එහි දී පැවති තරග අතුරින් විසඳුමකින් අවසන් තරග දෙකක් පමණි.

ඒ හලාවත මේරියන්ස් සහ ගාල්ල අතර තරගයත් එන්. සී. සී. සහ බදුරලිය අතර තරගයත් ය. මෙම තරග දෙකේම විසඳුම් ඩක්වර්ත් ලුවිස් න්‍යායෙන් විසඳුණ අතර එහි දී හලාවත මේරියන්ස් සහ එන්. සී. සී. ජයග්‍රහණය ලබා ගත්තේය.

ඇන්ඩි සොලමන්ස් එස්. එස්. සී. ක්‍රීඩකයෝ මවිත කරයි

30 හැවිරිදි දකුණත් පිතිකරු ඇන්ඩි සොලමන්ස් ප්‍රබල එස්. එස්. සී. කණ්ඩායමට එරෙහිව

අද පැවති තරගවල දී ශතක 4ක් වාර්තා වූ අතර ඒ අතුරින් කැපී පෙණෙනම පිතිකරු වූයේ 26 හැවිරිදි වමත් ආරම්භක පිතිකරු ෂෙහාන් ජයසූරිය ය. හලාවත මේරියන්ස් කණ්ඩායමේ නායකයා ලෙසින් ද කටයුතු කරන ඔහු ගාල්ල ක්‍රිකට් සමාජය සමඟ පැවති තරගයේ දී පන්දු 139ක දී හතරේ පහර 15ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 161ක් ලබා ගත්තේය.

මීට අමතරව මුවර්ස් ක්‍රීඩා සමාජය නියෝජනය කරන 27 හැවිරිදි දකුණත් පිතිකරු ඉරෝෂ් සමරසූරිය වරාය අධිකාරියට එරෙහිව පන්දු 128කට මුහුණ දෙමින් හතරේ පහර 16ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 139ක් ලබා ගත්තේය.

එන්. සී. සී. ඉනිමේ ශතක දෙකක් වාර්තා වූ අතර මහේල උඩවත්ත පන්දු 117ක දී හතරේ පහර 11ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 117ක් ද, ඇන්ජලෝ පෙරේරා පන්දු 111ක දී හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 106ක් ද ලබා ගත්හ.

පන්දු යැවීමේ දී දකුණතින් වේගපන්දු යවන කළුතර නාගරික ක්‍රීඩා සමාජයේ නිපුන කාරියවසම් ටැමිල් යූනියන්ට එරෙහිව ලකුණු 33කට කඩුලු 6ක් දවා ගනිමින් දිනයේ කැපී පෙණෙනම පන්දු යවන්නා විය.

හලාවත මේරියන්ස් සහ ගාල්ල අතර තරගය

හලාවත මේරියන්ස් කණ්ඩායම සහ ගාල්ල ක්‍රිකට් සමාජය අතර කටුනායක නිදහස් වෙළෙඳ කලාප ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ දී ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 97ක ජයග්‍රහණයක් ලබා ගැනීමට මේරියන්ස් ක්‍රීඩකයෝ සමත් වූහ.

මෙම තරගයේ දී ෂෙහාන් ජයසූරිය ශතකයක් ලබා ගැනීමට සමත් වූ අතර ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ගාලු ක්‍රීඩකයෝ තමන් මුහුණ දුන් පන්දු වාර 34 අවසන් වන විට ලකුණු 233ක් ලබා සිටිය යුතු වූහ.

මේරියන්ස් ක්‍රීඩා සමාජය; කඩුලු 8ක් දැවී ලකුණු 318 (50.0) ෂෙහාන් ජයසූරිය 161, ඔසඳ ප්‍රනාන්දු 47, රයිපි ගොමෙස් 54, රජිත ප්‍රියාන් 2/61, හසන්ත ප්‍රනාන්දු 2/48, මහේෂ් සංජීව 4/58

ගාල්ල ක්‍රිකට් සමාජය; කඩුලු 5ක් දැවී 135 (34.0) හර්ෂ රාජපක්ෂ 56, රවින් සේයර් නොදැවී 17, සචිත්‍ර සේරසිංහ 2/21

රාජකීයයේ පසිඳු රාජකීය පිතිකරණයක

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය හා කොළඹ රාජකීය විද්‍යාලය අතර 139 වැනි වරටත් පැවැත්වෙන


එන්. සී. සී. සහ බදුරලිය අතර තරගය

එන්. සී. සී. පිටියේ දී නිමා වූ මෙම තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 83ක ජයග්‍රහණයක් ලබා ගැනීමට එන්. සී. සී. ක්‍රීඩකයෝ සමත් විය.

කාසියේ වාසිය දිනාගත් බදුරලිය නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි එන්. සී. සී. කණ්ඩායම වෙනුවෙන් මහේල උඩවත්ත සහ ඇන්ජලෝ පෙරේරා ශතක වාර්තා කිරීම කැපී පෙණුනි. එම ශතක දෙක හේතුවෙන්ම අද දිනයේ කණ්ඩායමක් ලබා ගත් වැඩිම ලකුණු ප්‍රමාණය රැස් කිරීමට ද එන්. සී. සී. ක්‍රීඩකයෝ සමත් වූ හ.

එන්. සී. සී; කඩුලු 5ක් දැවී ලකුණු 326 (50.0) භානුක රාජපක්ෂ 35, මහේල උඩවත්ත 117, ඇන්ජලෝ පෙරේරා නොදැවී 106, චතුරංග ද සිල්වා 32, සචින් ප්‍රනාන්දු 2/66, නිමන්ද මධුශංක 2/77

බදුරලිය ක්‍රීඩා සමාජය; කඩුලු 7ක් දැවී 139 (29.0) ඩිල්හාන් කුරේ 22, රමිඳු සිල්වා නොදැවී 51, චතුරංග ද සිල්වා 3/20, ඇන්ජලෝ පෙරේරා 2/26

පළමු ඉනිමේ ජය වේල්ස් කුමරුවන්ට; තරගය ජය-පැරදුමෙන් තොරයි

මොරටුව වේල්ස් කුමාර විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය


බ්ලූම්ෆීල්ඩ් සහ මීගමුව අතර තරගය

කොළඹ 7, බ්ලූම්ෆීල්ඩ් පිටියේ දී පැවති මෙම තරගය විසඳුමකින් තොරව නිමා විය.

කාසියේ වාසිය දිනූ මීගමු ක්‍රීඩකයන්ගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩකයෝ කඩුලු 9ක් ලබා ගත් අතර අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තරගය නතර කරන විට මීගමු ක්‍රීඩකයෝ පන්දුවාර 15ක් අවසානයේ ලබා සිටියේ කඩුලු 6ක් දැවී ලකුණු 108ක් පමණි.

ඔවුන්ගේ ඉලක්කය වී තිබුණේ පන්දු වාර 20ක දී ලකුණු 133කි.

බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය; කඩුලු 9ක් දැවී 240 (50.0) නිසල් ෆ්‍රැන්සිස්කෝ 69, සචින් ජයවර්ධන 29, ලහිරු ජයකොඩි 26, රමේෂ් මෙන්ඩිස් 37, අනුක් ප්‍රනාන්දු 35, රනෝදිත් ද සිල්වා නොදැවී 20, සේව්වින්ද සිල්වා 5/51

මීගමුව ක්‍රීඩා සමාජය; කඩුලු 6ක් දැවී 108 (15.0) ප්‍රවීන් ප්‍රනාන්දු 29, සඳුන් ඩයස් 23, ලසිත් කෘස්පුල්ලේ 31, මලිත් ද සිල්වා 2/26


සී. සී. සී. සහ බී. ආර්. සී. අතර තරගය

කොළඹ සී. සී. සී. පිටියේ දී පැවති මෙම තරගය විසඳුමකින් තොරව නිමා වූයේ සී. සී. සී. ක්‍රීඩකයෝ ලබා ගත් ලකුණු 222ට පිළිතුරු ලෙසින් බී. ආර්. සී. ක්‍රීඩකයෝ කඩුලු 5ක් දැවී ලකුණු 51ක් ලබා සිටිය දී පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තරගය නතර කිරීම නිසා ය.

සී. සී. සී; කඩුලු 8ක් දැවී 222 (50.0) රොන් චන්ද්‍රගුප්ත 35, මාධව වර්ණපුර 56, ලහිරු මධුශංක නොදැවී 49, ලක්ෂාන් සඳකැන් නොදැවී 23, හෂේන් රාමනායක 2/25, චාමිකර එදිරිසිංහ 3/38

බී. ආර්. සී; කඩුලු 5ක් දැවී 51 (14.0) ප්‍රවිනාත් විජේසූරිය නොදැවී 17, ලහිරු ගමගේ 2/14, අශාන් ප්‍රියන්ජන් 2/17


මුවර්ස් සහ වරාය අධිකාරිය කණ්ඩායම අතර තරගය

මුවර්ස් පිටියේ දී පැවති මෙම තරගයේ ද පළමුවෙන් පන්දුවට පහර දුන් මුවර්ස් ක්‍රීඩා සමාජ ඉනිමෙන් පසුව තරගය නතර කරනු ලැබුවේ ය. එම ඉ නිමේ දී ඉරෝෂ් සමරසූරිය ශතකයක් ලබා ගැනීම කැපී පෙණුනි.

මුවර්ස් ක්‍රීඩා සමාජය; කඩුලු 9ක් දැවී 285 (50.0) ඉරෝෂ් සමරසූරිය 139, තිලක්ෂ සුමනසිරි 48, චාමර සිල්වා 39, දෙනුවන් රාජකරුණා 22, මධුක ලියනපතිරණගේ 4/41, හෂාන් විමර්ශන 3/32

මැංගුස් හටනේ විසඳුමට කාලගුණය හරස් වේ; වීරයා යොහාන්

කළුතර විද්‍යාලය සහ කළුතර තිස්ස මධ්‍ය විද්‍යාලය අතර 60 වැනි වරට පැවති


පොලිස් සහ ගුවන් හමුදාව අතර තරගය

පොලිස් ක්‍රීඩා සමාජය සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය අතර පොලිස් පිටියේ දී පැවති තරගය ද අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විසඳුමකින් තොරව නිමා විය.

ගුවන් හමුදා කණ්ඩායම; සියලුම දෙනා දැවී 204 (49.3) උදයවංශ පරාක්‍රම 39, දුලාශ් උදයංග 38, චාමිකර හේවගේ 37, එස්. එල්. ප්‍රනාන්දු 50, බුද්ධික සංජීව 2/43, මංජුල ජයවර්ධන 2/24, මහේෂ් ප්‍රියදර්ශන 3/38

පොලිස් ක්‍රීඩා සමාජය; කඩුලු 5ක් දැවී 101 (12.2) ශ්‍රීමන්ත විජේරත්න 20, සමිත් දුශාන්ත 25, සොහාන් රංගික 2/19


ටැමිල් යූනියන් සහ කළුතර අතර තරගය

පී. සරා ඕවල් පිටියේ දී නිමා වූ මෙම තරගය ද විසඳුමකින් තොරව නිමා වූ තරගයකි.  කාසියේ වාසිය දිනූ කළුතර නාගරික ක්‍රීඩා සමාජයේ ආරාධනාවෙන් පළමු වෙන් පන්දුවට පහර දුන් ටැමිල් යූනියන් ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 200ක් රැස් කළහ. එම ඉනිමේ දී තරංග පරණවිතාන පන්දු 118කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 78ක් ලබා ගත්තේය.

පන්දු යැවීමේ දී නිපුණ කාරියවසම් ලකුණු 33කට කඩුලු 6ක් දවා ගත්තේය.

පිළිතුරු ඉනිමට කළුතර ක්‍රීඩකයන්ට පන්දුවට පහර දීමට හැකි වූයේ පන්දු වාර 11.5ක් පමණි.

ටැමිල් යූනියන්; සියලුම දෙනා දැවී 200 (48.5) තරංග පරණවිතාන 78, කිත්රුවන් විතානගේ 22, ශාලික කරුණානායක 45, නිපුන කාරියවසම් 6/33

කළුතර නාගරික ක්‍රීඩා සමාජය; කඩුලු 5ක් දැවී 64 (11.5) මතීෂ පෙරේරා 38, දිනුක වික්‍රමනායක 2/17, දුලාංජන මෙන්ඩිස් 3/19

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<