පාසල් බොක්සිං ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉන්දියාවට

493

ඉන්දියානු බොක්සිං සංගමයේ (BFI) ඇරයුමින් ශ්‍රී ලංකා පාසල් බොක්සිං කණ්ඩායම බහුජාතික පුහුණු වැඩසටහනක් සඳහා ඉන්දියාව බලා යාමට නියමිතයි. එළඹෙන මාර්තු 24 සහ අප්‍රේල් 4 දක්වා කාලය ඇතුළත එය ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ දී පැවැත්වෙනු ඇති.

මේ සඳහා පාසල් බොක්සිං ක්‍රීඩකයන් 13 දෙනෙකුට සහ ක්‍රීඩිකාවන් 12 දෙනෙකුට අවස්ථාව හිමි වී තිබුනත්, ශ්‍රී ලංකා බොක්සිං සභාපති ඩයන් ගෝමස් මැතිතුමාගේ මැදිහත් වීම මත ලැබුණු ඇරයුමට ශ්‍රී ලංකා කනිෂ්ඨ බොක්සිං සංචිතය නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 28 දෙනෙකුට ඉන්දියාව බලා යෑමේ අවස්ථාව හිමිවනවා.

ජාතික කනිෂ්ඨ බොක්සිං සංචිතය නිර්මාණය කිරීමේ ප්‍රමුඛත්වය ගත් ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ උප සභාපති වසන්ත කුමාර මහතා ද මේ සඳහා ඇල්මෙන් කටයුතු කරන අතර ශ්‍රී ලංකා පාසල් බොක්සිං සංගමය වෙනුවෙන් එහි ලේකම් T.B. ජමිත ගයාන් මහතා එහි වගකීම දරනවා.>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<