මිනෝද්, සචිත්‍ර සහ මිලින්ද අර්ධ ශතක ලබති

824

වෙළඳසේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන සිංගර් කුසලාන වෙළඳසේවා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අපරාජිත බව තව දුරටත් රැක ගැනීමට L. B. ෆිනෑන්ස් කණ්ඩායම සමත් විය. ඔවුන් අද (22) කටුනායක නිදහස් වෙළඳ කලාප ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී TeeJay ලංකා කණ්ඩායම සමඟ පැවති තරගයෙන් කඩුලු 6ක පහසු ජයක් වාර්තා කරමින් තරගාවලියේ සිව්වැනි තරග ජයග්‍රහණය ද වාර්තා කළහ.

23න් පහළ පළාත් තරගාවලියේ කොළඹට සහ මහනුවරට ජයග්‍රහණ

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් පළාත් වයස අවුරුදු 23න් පහළ තුන්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවති තරග අතරින් කොළඹ සහ මහනුවර කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කිරීමට…

කාසියේ වාසිය දිනූ L. B. ෆිනෑන්ස් ක්‍රීඩකයන්ගේ ආරාධනාවෙන් පිටියට පිවිසි TeeJay ලංකා ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 229ක් ලබා ගත් අතර L. B. ෆිනෑන්ස් කණ්ඩායම තරගය නිමා වීමට තවත් පන්දු 79ක් ඉතිරිව තිබිය දී කඩුලු 4ක් දැවී ලකුණු 231ක් ලබා ගත්තේ ය.

TeeJay ලංකා ඉනිමේ දී මිනෝද් භානුක (61), සචිත්‍ර සේරසිංහ (56) සහ මිලින්ද සිරිවර්ධන (51) අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වූහ. පන්දු යැවීමේ දී ශිරාන් ප්‍රනාන්දු ලකුණු 38කට කඩුලු 4ක් දවා ගත්තේය.

පිළිතුර ඉනිමට පිටියට පිවිස L. B. ෆිනෑන්ස් ක්‍රීඩකයෝ කඩුලු 4ක් පමණක් දැවී ප්‍රතිවාදී ඉලක්කය පසු කළහ. එම ඉනිමේ දී දිගින් දිගටම ලකුණු අතර සිටින සධීර සමරවික්‍රම පන්දු 76ක දී හතරේ පහර 7ක් සමඟින් ලකුණු72ක් ලබා ගත්තේ ය. ඊට අමතරව කුසල් මෙන්ඩිස් ද අර්ධ ශතකයක් වාර්තා කළේය.

පන්දු යැවීමේ දී ලසිත් කෘෘස්පුල්ලේ කඩුලු 2ක් දවා ගත්තේ ය.

TeeJay ලංකා කණ්ඩායම; සියලුම දෙනා දැවී 229 (48.1) මිනෝද් භානුක 61, සචිත්‍ර සේරසිංහ 56, මිලින්ද සිරිවර්ධන 51, ශිරාන් ප්‍රනාන්දු 4/38, ඉසුරු උදාන 2/41, රජීව වීරසිංහ 2/46

LB. ෆිනෑන්ස් කණඩායම; කඩුලු 4ක් දැවී 231 (36.5) සධීර සමරවික්‍රම 72, ෂෙහාන් ජයසූරිය 21, කුසල් මෙන්ඩිස් 52, ධනංජය ද සිල්වා 37, ඇන්ජලෝ පෙරේරා නොදැවී 28, ලසිත් කෘෘස්පුල්ලේ 2/41


කොමර්ෂල් ක්‍රෙඩිට් සහ MAS හෝල්ඩිංග්ස් අතර තරගය

කොළඹ පී. සරා ඕවල් පිටියේ දී පැවති මෙම තරගයේ දී MAS යුනිචෙලා කණ්ඩයම කඩුලු 4ක ජයග්‍රහණයක් වාර්තා කළේය.

කාසියේ වාසිය දිනූ MAS යුනිචෙලා නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි කොමර්ෂල් ක්‍රෙඩිට් ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 164ක් ලබා ගත්හ. එම ඉනිමේ දී වනිඳු හසරංග ලකුණු 40ක් ලබා ගත්තේ ය.

පන්දු යැවීමේ දී කමිඳු මෙන්ඩිස් ලකුණු 42කට කඩුලු 4ක් දවා ගත්තේය. අනුක් ප්‍රනාන්දු ලබා ගත් කඩුලු සංඛ්‍යාව 3කි.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි MAS යුනිචෙලා ක්‍රීඩකයෝ  කඩුලු 6ක් දැවී ලකුණු 166ක් ලබා ගත්හ.

කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම; සියලුම දෙනා දැවී 164 (40.5): වනිඳු හසරංග 40, මාලින්ද පුෂ්පකුමාර 24, අශාන් ප්‍රියන්ජන් 23, කමිඳු මෙන්ඩිස් 4/42, අනුක් ප්‍රනාන්දු 3/30, ධම්මික ප්‍රසාද් 2/17

MAS හෝල්ඩිංග්ස් කණ්ඩායම; කඩුලු 6ක් දැවී 166 (37.4): ටී. එම්. ඩිල්ශාන් 32, නිරෝෂණ දික්වැල්ල 29, කමිඳු මෙන්ඩිස් නොදැවී 27, හසිත බෝයගොඩ නොදැවී 23, චතුරංග ද සිල්වා 3/32

ඉන්දීය ක්‍රීඩකයෝ පහසුවෙන්ම බංග්ලාදේශය පරාජය කරයි

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටය ආරම්භ කරමින් ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී (21) නිමා වූ ඉන්දියාව සහ බංග්ලාදේශය අතර තරගයෙන් කඩුලු 7ක පහසු ජයක් වාර්තා…

ඩිමෝ සහ ජෝන් කීල්ස් අතර තරගය

කොළඹ කෝල්ට්ස් පිටියේ දී පැවති මෙම තරගයෙන් ලකුණු 9ක තියුණු ජයක් වාර්තා කිරීමට ඩිමෝ කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනා ගත් ජෝන් කීල්ස් කණ්ඩායමේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඩිමෝ කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 222ක් ලබා ගත්තේ ය. එම ඉනිමේ දී රමේෂ් මෙන්ඩිස් නොදැවී ලකුණු 58ක් ලබා ගත්තේ ය.

ජෝන් කීල්ස් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ රොෂේන් සිල්වා ය. ඔහු ලකුණු 45ක් ලබා ගත්තේය. පන්දු යැවීමේ දී කවිශ්ක අංජුල ලකුණු 43කට කඩුලු 4ක් දවා ගත් අතර රමේෂ් මෙන්ඩිස් ලකුණු 23කට කඩුලු 2ක් දවා ගත්තේ ය.

ඩිමෝ කණ්ඩායම; කඩුලු 9ක් දැවී 222 (50.0): රමේෂ් මෙන්ඩිස් නොදැවී 58, නිපුන් කරුණානායක 21, නිසල තාරක 32, ජෙහාන් ඩැනියෙල් 3/57, ඉෂාන් ජයරත්න 2/51

ජෝන් කීල්ස් කණ්ඩායම; කඩුලු 9ක් දැවී 213 (50.0): මනෝජ් සරත්චන්ද්‍ර 36, දිමුත් කරුණාරත්න 21, ජෙහාන් ඩැනියෙල් 24, රොෂේන් සිල්වා 45, කවිශ්ක අංජුල 4/43, රමේෂ් මෙන්ඩිස් 2/24


කැන්රිච් ෆිනෑන්ස් සහ MAS Silueta අතර තරගය

මග්ගොන සරේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත කඩුලු 4ක ජයග්‍රහණයක් ලබා ගැනීමට MAS Silueta කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනූ MAS Silueta ක්‍රීඩකයන්ගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි කැන්රිච් ෆිනෑන්ස්  කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 153ක් ලබා ගත් අතර ඒ සමඟින් කඩාපාත්වූ වර්ෂාව හේතුවෙන් තරගය තාවකාලිකව නතර කිරීමට පිටියේ විනිසුරුවන් කටයුතු කළහ. අවසානයේ ඔවුන්ගේ ලකුණු සංඛ්‍යාව වූයේ ද එයයි.

වර්ෂාවෙන් පසුව නැවත තරගය ආරම්භ වූයේ ජයග්‍රහණය සඳහා පන්දුවාර 20ක දී ලකුණු 127ක ඉලක්කයක් MAS Silueta කණ්ඩායමට ලැබෙමිනි. ඔවුන් එම ලකුණු සංඛ්‍යාව පන්දුවාර 19ක දී සපුරා ගත්හ.

කැන්රිච් ෆිනෑන්ස් ඉනිමේ දී ඔසඳ ප්‍රනාන්දු පන්දු 85කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 80ක් ලබා ගත්තේ ය.

කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායම; කඩුලු 6ක් දැවී 153 (34.1): ඔසඳ ප්‍රනාන්දු 80, බුද්ධික සංජීව 3/16

MAS Silueta කණ්ඩායම; කඩුලු 6ක් දැවී 128 (19.0) සංගීත් කුරේ 22, දෙනුවන් රාජකරුණා 22, සාලින්ද උෂාන් 24, ප්‍රමෝද් මධුශාන් 2/28

ශ්‍රී ලංකාවට එන එංගලන්ත ටෙස්ට් සංචිතය නම් කෙරේ

තරග තුනකින් සමන්විත සංචාරක එංගලන්තය හා ශ්‍රී ලංකාව අතර ටෙස්ට් තරගාවලියට එක්වන එංගලන්ත කණ්ඩායම ඊයේ (21) නම් කෙරුණි. කෙන්ට් ප්‍රාන්තය නියෝජනය කළ ජෝ ඩෙන්ලි…

සම්පත් බැංකුව සහ හේලීස් අතර තරගය

වෙළඳසේවා ක්‍රිකට් පිටියේ දී පැවති මෙම තරගයෙන් ලකුණු 31ක ජයග්‍රහණයක් තබා ගැනීමට සම්පත් බැංකු කණ්ඩායම සමත් විය.

පළමුවෙන් පන්දුවට පහර දුන් සම්පත් බැංකු ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණු 259ක් ලබා ගත් අතර හේලීස් කණ්ඩායමට සියලුම දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 228ක් පමණි.

සම්පත් බැංකු ඉනිමේ දී කෞෂාල් සිල්වා සහ ජීවන් මෙන්ඩිස් අර්ධ ශතක ලබා ගත්හ. පන්දු යැවීමේ දී ලහිරු සමරකෝන් ලකුණු 54කට කඩුලු 4ක් ලබා ගත්තේය.

හේලීස් ඉනිමේ කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කළ ඇන්ඩි සොලමන්ස් පන්දු 17ක දී හතරේ පහරක් සහ හයේ පහර 4ක් සමඟ ලකුණු 33ක් ලබා ගත්තේ ය.

සම්පත් බැංකු කණ්ඩායම; කඩුලු 9ක් දැවී 259 (50.0): කෞෂාල් සිල්වා 50, ජීවන් මෙන්ඩිස් 50, දසුන් ශානක නොදැවී 35, සමීන් කඳනාරච්චි නොදැවී 31, චරිත බුද්ධික 20, ලහිරු සමරකෝන් 4/54, චානක රුවන්සිරි 2/42, බිනුර ප්‍රනාන්දු 2/48

හේලීස් කණ්ඩායම; සියලු ම දෙනා දැවී 228 (43.5): අවිශ්ක ප්‍රනාන්දු 36, චානක රුවන්සිරි 37, ඇන්ඩි සොලමන්ස් 33, සඳරුවන් ප්‍රනාන්දු 37, බිනුර ප්‍රනාන්දු 22, දුෂ්මන්ත චමීර 2/29, දසුන් ශානක 3/66

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<