රටවල් 26ක බැඩ්මින්ටන් තරු අද සුගතදාස පිටියට පායයි

127

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ සංවිධායකත්වයෙන් දෙවැනි වරටත් පැවැත්වෙන යොනෙක්ස් සන්රයිස් ශ්‍රී ලංකා ජාත්‍යන්තර බැඩ්මින්ටන් ශූරතාවලිය අද (2 වැනිදා) සිට 6 වැනිදා දක්වා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවැත්වේ.

රටවල් 26කින් ක්‍රීඩක-ක්‍රීඩිකාවන් 265 දෙනකු සහභාගි වන මෙම තරගාවලිය අද පෙරවරු 9.00ට පැවැත්වෙන සමාරම්භක උළෙලින් අනතුරුව ආරම්භ වන බව බැඩ්මින්ටන් සංගමය නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටී.

මේ අතර මෙම තරගාවලිය සඳහා ලෝක බැඩ්මින්ටන් ශේ්‍රණිගත කිරීම්හි 40 වැනි ස්ථානයේ රැඳී සිටින ඉන්දියාවේ සායි ප්‍රනීත් හා පිළිවෙළින් 43 හා 44 වැනි ස්ථානයේ රැඳී සිටින ඊශ්‍රායලයේ මිෂා ෂිබර්මන් හා ඉන්දියාවේ ආනන්ද් පවර් යන ක්‍රීඩකයන්ද, ක්‍රීඩිකාවන් අතුරින් ලොව ශේ්‍රණිගත කිරීම්හි 46 වැනි ස්ථානයේ රැඳී සිටින ස්විස්ටර්ලන්තයේ සබීනා ජකුවට් හා 52 වැනි ස්ථානයේ රැඳී සිටින රුසියාවේ නතාලියා පර්මිනෝවා සහභාගි වීමට නියමිතව ඇත.