මාලිංග තවත් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියක් සඳහා එංගලන්තයට

80

ශ්‍රී ලංකාවෙන් බිහිවුණු දක්ෂ වේගපන්දු යවන ක්‍රීඩකයෙක් වන ලසිත් මාලිංග එංගලන්තයේ පැවැත්වෙන ‘The Hundred’ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට සිය කැමැත්ත පල කර තිබෙනවා. 

මහේලට එංගලන්තෙන් පුහුණුකාර තනතුරක්?

එංගලන්ත ක්‍රිකට් පාලන අධිකාරියේ අනුමැතිය ඇතිව ……

එංගලන්ත ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන මේ තරගාවලිය සඳහා කණ්ඩායම් 8ක් සහභාගී වන අතර තරගාවලිය 2020 මාසයේ ජූලි මස ආරම්භ වීමට නියමිතය. 

මාලිංගට අමතරව ඔයින් මෝර්ගන්, කේන් විලියම්සන්, ශකීබ් අල් හසන්, ක්‍රිස් ගේල් හා ස්ටීව් ස්මිත් වැනි ජාත්‍යන්තර මට්ටමේ සිටින ප්‍රබල ක්‍රීඩකයින් රැසක් මේ තරගාවලිය සඳහා සහභාගී වන බව තහවුරු කර ඇත.

ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ වර්තමාන නායකයා වන මාලිංග පසුගිය දා ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගත් අතර ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ දැනට කඩුලු 100ක් දවාගෙන තිබෙන ලොව එකම පන්දු යවන්නා ද වන්නේ ඔහුයි.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ලබාගෙන තිබෙන අත්දැකීම් වලට අමතරව, ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ඇතුළු තවත් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි රැසක් ක්‍රීඩා කිරීමට මාලිංග වරම් දිනාගෙන තිබෙනවා. 

Video – ‘අපිට හදාගන්න ගොඩක් තැන් තියෙනවා’ – ලහිරු තිරිමාන්න

ඊයේ (30) කරච්චි පිටියේ දී නිමාවුණු ශ්‍රී ලංකා – පාකිස්තාන ….

එසේම ශ්‍රී ලංකාවෙන් බිහිවුණු තවත් දක්ෂ නායකයෙක් වන මහේල ජයවර්ධන එංගලන්ත The Hundred ක්‍රිකට් තරගාවලිය සඳහා Southampton කණ්ඩායමේ පුහුණුකරු ලෙස නම් කර තිබෙනවා. Southampton කාන්තා කණ්ඩායමේ පුහුණුකරු ලෙස චාලට් එඩ්වර්ඩ්ස් කටයුතු කරන අතර කණ්ඩායමේ සභාපති ලෙස මාර්ක් නිකොලස් නම් කර තිබෙනවා. 

තරගාවලිය සඳහා ක්‍රීඩා කරනු ලබන කණ්ඩායම් 8 සංචිතයන් මේ මස 20 වැනිදා නිල වශයෙන් ප්‍රකාශ කිරීමට නියමිතය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<