2025 Dialog පාසල් රග්බි ලීගයේ සිව්වැනි සතියේ තරග නිමා වූ සති අන්තයේ දී ක්‍රියාත්මක වුනා.
එම තරග විස්තර සියල්ල පහතින්;
ධර්මරාජ විද්‍යාලය සහ සාන්ත තෝමස් විද්‍යාලය
මෙම තරගයේ පළමු අර්ධය තුළ දීම තෝමසුවන් විසින් තරගයේ වැඩි වාසි ලබා ගැනීමට සමත් වුනා.
පළමු අර්ධය නිමා වන විට තෝමසුවන් විසින් ලකුණු 34ක් ලබා ගැනීමට සමත් වී සිටියේ, ධර්මරාජ ක්‍රීඩකයින්ට එකඳු ලකුණක් හෝ ලබා ගැනීමට ඉඩ නොතබමිනුයි.
තරගයේ දෙවැනි අර්ධය තුළ ධර්මරාජ ක්‍රීඩකයින් ලකුණු 05ක් ලබා ගැනීමට සමත් වුනා. මෙම කාලය තුළ තෝමසුවන් තවත් ලකුණු 14ක් ලබා ගැනීමට සමත් වුනා.
- සාන්ත තෝමස් විද්‍යාලය 48 (8T, 4C) – ධර්මරාජ විද්‍යාලය 05 (1T)
තරගයේ වීරයා – උදාන් බුලත්සිංහලගේ (සාන්ත තෝමස් විද්‍යාලය)
ඩී.එස්.සේනානායක විද්‍යාලය සහ විද්‍යා විද්‍යාලය
මෙම තරගය ආරම්භයේ පටන් ම දෙපිළෙන් ම කරට කර තරගයක් නිර්මාණය වුනා. පළමු අර්ධයේ දී ඩී.එස්. ක්‍රීඩකයින් ලකුණු 12ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඔවුන්ට ප්‍රබල තර්ජනයක් එල්ල කළ විද්‍යා විද්‍යාලය ලකුණු 15ක් ලබා ගැනීමට සමත් වුනා.
කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධයේ දී ඩී.එස්. ක්‍රීඩකයින් තරගයේ වාසි තමන් සතු කර ගැනීමට සමත් වුනේ තවත් ලකුණු 24ක් රැස් කරමිනුයි. මේ අතරවාරයේ විද්‍යා ක්‍රීඩකයින් විසින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 14ක් පමණයි.
- ඩී.එස්.සේනානායක විද්‍යාලය 36 (6T, 3C) – විද්‍යා විද්‍යාලය 29 (4T, 3C, 1P)
තරගයේ වීරයා – රසිඳු බණ්ඩාර (ඩී.එස්.සේනානායක විද්‍යාලය)
ශ්‍රී සුමංගල විද්‍යාලය සහ තර්ස්ටන් විද්‍යාලය
මෙම තරගයේ දී ද කණ්ඩායම් ද්විත්වයම ස්ථාවර ආරම්භයක් ලබා ගැනීම වෙනුවෙන් සටන් වැදුණා. මෙහි දී තර්ස්ටන් ක්‍රීඩකයින් විසින් ලකුණු 13ක් ලබා ගැනීමට සමත් වූ අතර, ශ්‍රී සුමංගල විද්‍යාලය ලකුණු 07ක් ලබා ගැනීමට සමත් වුනා.
පළමු අර්ධයේ දී තර්ස්ටන් ක්‍රීඩකයින් පෙරමුණ ලබා ගැනීමට සමත් වූ නමුත්, දෙවැනි අර්ධය සම්පූර්ණයෙන්ම ශ්‍රී සුමංගල විද්‍යාලය නතු වුනා. මෙහි දී සුමංගල ක්‍රීඩකයින් තවත් ලකුණු 26ක් ලබා ගන්නා අතරේ, තර්ස්ටන් ක්‍රීඩකයින් විසින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 07ක් පමණයි.
- ශ්‍රී සුමංගල විද්‍යාලය 33 (5T, 4C) – තර්ස්ටන් විද්‍යාලය 20 (2T, 2C, 1C, 1DG)
තරගයේ වීරයා – ශෂික බණ්ඩාර (ශ්‍රී සුමංගල විද්‍යාලය)
රාජකීය විද්‍යාලය සහ විද්‍යාර්ථ විද්‍යාලය
ගෙවුණු සති අන්තයේ ක්‍රියාත්මක වුන තවත් උණුසුම් තරගයක් වූ මෙහි පළමු අර්ධය තුළ රාජකීය විද්‍යාලය ලකුණු 12ක් ලබා ගැනීමට සමත් වූ අතර, විද්‍යාර්ථ ක්‍රීඩකයින් විසින් ලකුණු 07ක් ලබා ගැනීමට සමත් වුනා.
කෙසේ වෙතත් පළමු අර්ධය තුළ දෙපිළට ම දෝලනය වූ තරගය දෙවැනි අර්ධය තුළ සම්පූර්ණයෙන්ම රාජකීයයන් නතු වූ එකක් බවට පත් වුනා. මෙහි දී රාජකීය ක්‍රීඩකයින් විසින් තවත් ලකුණු 17ක් ලබා ගැනීමට සමත් වුනේ විද්‍යාර්ථ ක්‍රීඩකයින් ලකුණු ලබා ගැනීමෙන් වලකන අතරේ දීමයි.
- රාජකීය විද්‍යාලය 29 (5T, 2C) – විද්‍යාර්ථ විද්‍යාලය 07 (1T, 1C)
තරගයේ වීරයා – සෙනුජ රණසිංහ (රාජකීය විද්‍යාලය)
- CR & FC තවමත් අපරාජිතයි; පොලිසියෙන් විශිෂ්ට නැගී සිටීමක්
- CR & FC නොනැවතී ඉදිරියට; මහනුවර නැවතත් සුපුරුදු රිද්මයට
- CR & FC ඉතිහාසගත ජයක් ලබමින් අපරාජිත ව ඉදිරියට
- CR & FC සහ මහනුවර අපරාජිත ගමනක; නාවික හමුදාව තවමත් ජයක් සොයයි
- මහනුවර, පොලිස්, CR&FC සහ Havelock ජයග්‍රාහීව තරගාවලිය අරඹයි
සහිරා විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය
මෙම තරගයේ පළමු අර්ධය තුළ ම ඉසිපතන ක්‍රීඩකයින් විසින් තරගයේ පෙරමුණ ලබා ගැනීමට සමත් වුනා. මෙහි දී ඉසිපතන ක්‍රීඩකයින් ලකුණු 26ක් ලබා ගන්නා අතරේ, සහිරා ක්‍රීඩකයින් විසින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 08ක් පමණයි.
කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධයේ දී ඉසිපතන ක්‍රීඩකයින් නැවත තරගයට අවතීර්ණ වීමට ඉතා හොඳ උත්සාහයක යෙදුණා. මෙහි දී ඔවුන් තවත් ලකුණු 19ක් ලබා ගත්තා. නමුත් එය ඉසිපතන සමස්ත ලකුණු ප්‍රමාණය ඉක්මවා යාමට ප්‍රමාණවත් වුනේ නැහැ.
- ඉසිපතන විද්‍යාලය 38 (6T, 4C) – සහිරා විද්‍යාලය 28 (4T, 2C, 1P)
තරගයේ වීරයා – නෙවිත මෙව්නක
සාන්ත අන්තොනි විද්‍යාලය සහ ආනන්ද විද්‍යාලය
මෙම තරගයේ පළමු අර්ධයේ පෙරමුණ ගැනීමට සාන්ත අන්තොනි විද්‍යාලය සමත් වුනේ ලකුණු 20-13ක් ලෙසයි.
කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධය තුළ සියල්ල උඩු යටිකුරු කිරීමට ආනන්ද විද්‍යාලය සමත් වුනේ, මෙවර තරග වාරයේ වඩාත් උණුසුම් තරගයක නිමාව සනිටුහන් කරමිනුයි.
දෙවැනි අර්ධය තුළ ආනන්ද විද්‍යාලය විසින් තවත් ලකුණු 17ක් ලබා ගැනීමට සමත් වුනේ සාන්ත අන්තොනි ක්‍රීඩකයින් ලකුණු 07ක් පමණක් ලබාගන්නා අතරේදියි.
- ආනන්ද විද්‍යාලය 30 (3T, 3C, 3P) – සාන්ත අන්තොනි විද්‍යාලය 27 (4T, 2C, 1P)
තරගයේ වීරයා – දෙනෙත් චමුදිත (ආනන්ද විද්‍යාලය)
වෙස්ලි විද්‍යාලය සහ සාන්ත පීතර විද්‍යාලය
මෙම තරගයේ පළමු අර්ධයේ දී දෙපිළෙන් ම කරට කර සටනක් නිර්මාණය වුනා. ඒ අනුව පළමු අර්ධය නිමා වන විට වෙස්ලි ක්‍රීඩකයින් 8-0ක් ලෙස තරගයේ පෙරමුණ ගැනීමට සමත් වුනා.
කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධය තුළ සාන්ත පීතර ක්‍රීඩකයින් සම්පූර්ණයෙන්ම පාහේ තරගයෙන් ඉවතට ඇද දැමූ වෙස්ලි ක්‍රීඩකයින් තවත් ලකුණු 15ක් ලබා ගනිමින් තරගයේ ජය තහවුරු කර ගැනීමට සමත් වුනා.
- වෙස්ලි විද්‍යාලය 23 (3T, 1C, 2P) – සාන්ත පීතර විද්‍යාලය 05 (1T)
තරගයේ වීරයා – පවන් තිරාණගම (වෙස්ලි විද්‍යාලය)
සාන්ත ජෝසප් විද්‍යාලය සහ ත්‍රිත්ව විද්‍යාලය
මෙම තරගය නම් සම්පූර්ණයෙන්ම පාහේ ත්‍රිත්ව විද්‍යාලය නතු වූ එකක් වුනා. තරගයේ පළමු අර්ධය නිමා වන විට ත්‍රිත්ව ක්‍රීඩකයින් විසින් ලකුණු 22ක් ලබා ගැනීමට සමත් වුනේ සාන්ත ජෝසප් ක්‍රීඩකයින්ට එකඳු ලකුණක් හෝ ලබා ගැනීමේ ඉඩ නොතබමිනුයි.
තරගයේ දෙවැනි අර්ධය තුළ සාන්ත ජෝසප් ක්‍රීඩකයින් ලකුණු 07ක් ලබමින් මෙන්ම, ත්‍රිත්ව ක්‍රීඩකයින් ලකුණු ලබා ගැනීමෙන් පාලනය කරමින් ද නැවත තරගයට අවතීර්ණ වීමට උත්සාහ ගත් නමුත් එය ජයග්‍රහණයක් කරා යාමට තරම් ප්‍රමාණවත් වුනේ නැහැ.
- ත්‍රිත්ව විද්‍යාලය 29 (5T, 2C) – සාන්ත ජෝසප් විද්‍යාලය 07 (1T, 1C)
තරගයේ වීරයා – උස්මාන් සෆ්‍රාස් (ත්‍රිත්ව විද්‍යාලය)
කිංස්වුඩ් විද්‍යාලය සහ මහානාම විද්‍යාලය
මෙම තරගයේ පළමු අර්ධය නිමා වන විට මහානාම ක්‍රීඩකයින් ලකුණු 07ක් ලබා ගන්නා අතරේ, කිංස්වුඩ් ක්‍රීඩකයින් විසින් ලකුණු 18ක් ලබමින් තරගයේ පෙරමුණ ලබා ගැනීමට සමත් වුනා.
තරගයේ දෙවැනි අර්ධය තුළ කිංස්වුඩ් ක්‍රීඩකයින් තවත් ලකුණු 09ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඔවුන්ට සැලකිය යුතු සටනක් ලබා දුන් මහානාම ක්‍රීඩකයින් ද දෙවැනි අර්ධයේ දී ලකුණු 10ක් ලබා ගැනීමට සමත් වුනා. කෙසේ වෙතත් පළමු අර්ධයේ ලද වාසිය ද සමඟ කිංස්වුඩ් විද්‍යාලයට තරගයේ ජය හිමි වුනා.
- කිංස්වුඩ් විද්‍යාලය 27 (4T, 2C, 1P) – මහානාම විද්‍යාලය 17 (2T, 2C, 1P)
තරගයේ වීරයා – තවීශ ඒකනායක (කිංස්වුඩ් විද්‍යාලය)
දේශීය පාසල් රග්බි ලීගයේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<