ලබන වසරේ (2023) දකුණු අප්‍රිකාවේ දී පැවැත්වෙන දැල්පන්දු ලෝක කුසලානයේ කණ්ඩායම් නිල වශයෙන් කාණ්ඩවලට බෙදා වෙන් කර තිබෙනවා.
කණ්ඩායම් 16ක් තරග වදින මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් හයක් ලෝක ශ්‍රේණිගත කිරීම් යටතේ සුදුසුකම් ලබා ගත් අතර කලාපීය සුදුසුකම් ලැබීමේ තරගයන්ගෙන් තවත් කණ්ඩායම් 10ක් සුදුසුකම් ලබා ගත්තා.
- ජාතික දැල්පන්දුවට නව පුහුණුකාරිණියන් සොයයි
- සුපිරි හඹා යෑමක් සමඟින් ආසියාවේ දැල්පන්දු ආධිපත්‍ය ශ්‍රී ලංකාවට
- ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය පාසල් දැල්පන්දු ශුරතාවයට
- ජාතික කනිෂ්ඨ දැල්පන්දු ශූරතාවයට Dialog සවිබලය
- ආසියාව දින්න අපේ ශූරියන්ගේ වීර චාරිකාව
ආසියානු කලාපයේ සුදුසුකම් ලැබීමේ තරගාවලිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම සහ එහි අනුශූරයින් වූ සිංගප්පූරුව එම කලාපය නියෝජනය කරමින් තරගාවලියට සුදුසුකම් ලබා තිබෙනවා.
තරගාවලියට සුදුසුකම් ලැබූ කණ්ඩායම් 16 කාණ්ඩයකට 4 බැගින් කාණ්ඩ හතරකට බෙදා වෙන් කර ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වූ ප්‍රතිවාදීන් වී ඇත්තේ ජැමෙයිකාව, දකුණු අප්‍රිකාව සහ වේල්සයයි.
තරගාවලියේ කණ්ඩායම් කාණ්ඩ ගත වූ ආකාරය,

2023 දැල්පන්දු ලෝක කුසලානය ජූලි 28 වැනිදා සිට අගෝස්තු 06 වැනිදා දක්වා දකුණු අප්‍රිකාවේ Cape Town හිදී පැවැත්වීමට නියමිතයි.
>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<






















