ලෝක කුසලාන පුහුණු තරග කාලසටහන නිකුත් කෙරේ

ICC Cricket World Cup 2023

871

2023 ICC ක්‍රිකට් ලෝක කුසලානයට පෙර පැවැත්වීමට නියමිත පුහුණු තරග සඳහා නිල කාලසටහන නිවේදනය කර තිබෙනවා.

ලෝක කුසලානය ආරම්භ වීමට පෙර සතිය තුළ තරගාවලියට සහභාගී වන කණ්ඩායම් දහයට ම පුහුණු තරග දෙකක බැගින් සහභාගී වීමට අවස්ථාව හිමි වන අතර, මෙම තරග ඉන්දියාවේ ක්‍රීඩාංගණ තුනක් තුළ පැවැත්වීමටයි සැලසුම් කර තිබෙන්නේ.

Guwahati, Hyderabad සහ Thiruvananthapuram යන ක්‍රීඩාංගණවල දී සැප්තැම්බර් 29 වැනිදා සිට ඔක්තෝබර් 03 වැනිදා දක්වා මෙම තරග පැවැත්වෙනු ඇති.

ශ්‍රී ලංකාව සහභාගී වීමට නියමිත පුහුණු තරග සැප්තැම්බර් 29 සහ ඔක්තෝබර් 03 යන දිනවල දී බංග්ලාදේශ සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම් සමඟ පැවැත්වීමට නියමිතයි.

පුහුණු තරග කාලසටහන:

සැප්තැම්බර් 29 (සිකුරාදා)

  • ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය, Barsapara Cricket Stadium, Guwahati
  • දකුණු අප්‍රිකාව සහ ඇෆ්ගනිස්තානය, Greenfield International Stadium, Thiruvananthapuram
  • නවසීලන්තය සහ පාකිස්තානය, Rajiv Gandhi International Stadium, Hyderabad

සැප්තැම්බර් 30 (සෙනසුරාදා)

  • ඉන්දියාව සහ එංගලන්තය, Barsapara Cricket Stadium, Guwahati
  •  ඕස්ට්‍රේලියාව සහ නෙදර්ලන්තය, Greenfield International Stadium, Thiruvananthapuram

ඔක්තෝබර් 02 (සඳුදා)

  •  එංගලන්තය සහ බංග්ලාදේශය , Barsapara Cricket Stadium, Guwahati
  • නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව, Greenfield International Stadium, Thiruvananthapuram

ඔක්තෝබර් 03 (අඟහරුවාදා)

  •  ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය, Barsapara Cricket Stadium, Guwahati
  •  ඉන්දියාව සහ නෙදර්ලන්තය, Greenfield International Stadium, Thiruvananthapuram
  •  පාකිස්තානය සහ ඕස්ට්‍රේලියාව, Rajiv Gandhi International Stadium, Hyderabad

මෙවර එක්දින ලෝක කුසලානයේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<