දිනේෂ්‌ ‌ප්‍රියන්ත‌ ‌ශ්‍රී‌ ‌ලංකා‌ ‌ධජය‌ ‌රැගෙන‌ ‌පැරාලිම්පික්‌ ‌හි‌ ‌පෙරමුණේ‌ ‌

2020‌ ‌ටෝකියෝ‌ ‌ගිම්හාන‌ ‌පැරාලිම්පික්‌ ‌උළෙල‌ ‌ ‌

362

ගිම්හාන ඔලිම්පික් උළෙලට පසු ලෝක ක්‍රීඩා පිටියේ තවත් ප්‍රධානතම සහ සුවිශේෂී තරගාවලියක් වන පැරාලිම්පික් උළෙල අද (24) ආරම්භ වුනා. මෙවර තරගාවලිය පැරාලිම්පික් තරගාවලි ඉතිහාසයේ 16 වැනි අදියර ලෙස  ජපානයේ ටෝකියෝ නුවර දී පැවැත්වෙනවා.

ගිම්හාන ඔලිම්පික් උළෙල මෙන් මම් තරගාවලියද පසුගිය වසරේ පැවැත්වීමට නියමිතව තිබූ අතර කොරෝනා වසංගතය නිසාවෙන් මෙම වසර දක්වා කල්දැමීමට සිදුවුනා. අද ආරම්භ වූ තරගාවලිය සැප්තැම්බර් 05 වැනිදා තෙක් පැවැත්වෙනවා.

පැරාලිම්පික් සමාරම්භක උළෙල ශ්‍රී ලංකා වේලාවෙන් සවස 4.30ට ආරම්භ වූ අතර කොරෝනා වසංගතය නිසාවෙන් එය ප්‍රේක්ෂක සහභාගීත්වයට අවසර හිමිවුනේ නැහැ.

Para Airport යන පසුබිම් තේමාව යටතේ පැවැත්වූ මෙම සමාරම්භක උළෙල ආරම්භ වුනේ ජපාන ජාතික ධජය ක්‍රීඩා පිටියට ගෙන ඒමෙන් අනතුරුවයි.

අලංකාර ඉසව් කිහිපයකින් සමන්විත වූ එම උළෙලේ පළමුවෙන්ම සරණාගත පැරා ක්‍රීඩක කණ්ඩායම ක්‍රීඩාංගණයට පිවිසීම විශේෂත්වයක්. මෙවර පැරාලිම්පික් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම පිටියට පිවිසියේ 90 වැනි කණ්ඩායම ලෙසයි. එහිදී පැරාලිම්පික් පදක්කම්ලාභී දිනේෂ් ප්‍රියන්ත හට ශ්‍රී ලංකා ධජය රැගෙන යාමේ ගෞරවය හිමිවුනා.

මෙවර පැරාලිම්පික් කණ්ඩායම සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉසව් කිහිපයක් යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 9 දෙනෙකු සුදුසුකම් ලබා සිටිනවා.

මෙම වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම 2016 පැරාලිම්පික් පදක්කම්ලාභී හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්ත හිමිවුනා. ශ්‍රී ලංකා කණ්ඩායම සඳහා ක්‍රීඩකයන් අට දෙනෙකු සහ එක් ක්‍රීඩිකාවක් ඇතුළත්ව සිටිනවා.

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සහභාගී වන ඉසව් ආරම්භ කරමින් දුනු විඳීමේ ක්‍රීඩක සම්පත් බණ්ඩාර, රෝද පුටු ටෙනිස් ක්‍රීඩක සුරේෂ් ධර්මසේන සහ ඔරු පැදීමේ ක්‍රීඩක මහේෂ් ජයකොඩි එළඹෙන සිකුරාදා (27) තරග බිමට පිවිසීමට නියමිතයි.

ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වන තරග ඉසව් මෙසේයි.

  • දිනේෂ් හේරත් – පිරිමි හෙල්ල විසි කිරීම (F46)
  • සමිත දුලාන්, චමින්ද සම්පත් – පිරිමි හෙල්ල විසි කිරීම (F64)
  • කුමුදු ප්‍රියංකා – කාන්තා මීටර් 100 (T47), කාන්තා දුර පැනීම (T47)
  • මධුරංග සුබසිංහ – පිරිමි මීටර් 400 (T47)
  • පාලිත බණ්ඩාර – පිරිමි යගුලිය දැමීම (F63)
  • සම්පත් බණ්ඩාර – දුනු විදීම 
  • මහේෂ් ජයකොඩි – ඔරු පැදීම (Rowing)
  • සුරේෂ් ධර්මසේන – ටෙනිස් 

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සහභාගී වන පළමු ඉසව්ව එළඹෙන 27 වැනිදා පැවැත්වීමට නියමිතයි. එම ඉසව්හි කාලසටහන පහත පරිදි වේ.

ක්‍රීඩකයා/ක්‍රීඩිකාව තරග ඉසව්ව පැවැත්වෙන දිනය
මහේෂ් ජයකොඩි ඔරු පැදම
මූලික වටය අගෝස්තු 27
Single Sculls අගෝස්තු 28
අවසන් තරග අගෝස්තු 29
සුරේෂ් ධර්මසේන ටෙනිස්
පළමු වටය අගෝස්තු 27
දෙවැනි වටය අගෝස්තු 29
තෙවැනි වටය අගෝස්තු 30
අර්ධ අවසන් පූර්ව වටය  අගෝස්තු 31
අවසන් පූර්ව වටය  සැප්තැම්බර් 1
අවසන් වටය සැප්තැම්බර් 2, සැප්තැම්බර් 3
දිනේෂ් හේරත් හෙල්ල විසිකිරීම F46 අගෝස්තු 30
සමිත දුලාන් හෙල්ල විසිකිරීම F64 අගෝස්තු 30
චමින්ද සම්පත් හෙල්ල විසිකිරීම F64 අගෝස්තු 30
කුමුදු ප්‍රියංකා කාන්තා මීටර් 100 මූලික වටය T47 අගෝස්තු 31
කාන්තා මීටර් 100 අවසන් වටය අගෝස්තු 31
දුර පැනීම T47 සැප්තැම්බර් 3
පාලිත බණ්ඩාර යගුලිය දැමීම F63 සැප්තැම්බර් 4
මධුරංග සුබසිංහ පිරිමි මීටර් 400 T47 සැප්තැම්බර් 4

2020 පැරාලිම්පික් උළෙලේ සියලූම තොරතුරු එසැණින් ඔබ වෙත ගෙන ඒමට Thepapare.com අප සූදානම්. රැඳී සිටින්න Thepapare.com අප සමඟම. 

>> 16 වැනි ගිම්හාන පැරාලිම්පික් උළෙලේ සියලුම තොරතුරු <<