ඩයලොග් චැම්පියන් ලිග් ශූරතාව කොළඹ පාපන්දු ක්‍රීඩා සමාජයට

443
DCL - Final Colombo FC v Army SC

•අනුශුරයන් රිනවුන්
•යුධ හමුදාව තෙවැනි තැන දක්වා පසුබසී.

ඩයලොග් ආසියාටා සමාගම සහ ශ්‍රී ලංකා පාපන්දු  සංගමය එක්ව සංවිධානය කරන ලද ඩයලොග් චැම්පියන් ලිග් පාපන්දු තරගාවලියට අයත්සුපිරි කණ්ඩායම්  අට සහභාගි වු අවසාන මහා තරග පසුගියදා කොළඹ තුරඟ තරග පිටියේදී නිමාවට පත් විය.

අවසන් තරගයක් ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම සිටි කොළඹ පාපන්දු ක්‍රීඩා සමාජය සහ ශ්‍රී ලංකා යුධ හමුදා පාපන්දු කණ්ඩායම් තරගවැදුණු අතර ගෝල 2-0 ලෙස යුධ හමුදාව පරදවා  ඩයලොග් පාපන්දු ශුරතාව තමන් සතු කරගන්නට  කොළඹ පාපන්දු සමාජයේ ක්‍රීඩකයින්ටහැකි විය.

කොළඹ පාපන්දු සමාජය වෙනුවෙන් ටි.එෆ්.බි. දිමිත්‍රි සහ එම්.ජොහාර් ගෝල එක බැගින් රැස් කිරිමට සමත් විය. මෙම තරගය දක්වාම ප්‍රසාද ලකුණු පුවරුවේ පෙරමුණේම සිටි යුධ හමුදා කණ්ඩායමට මෙම අනපේක්ෂිත පරාජයත් සමග තෙවැනි ස්ථානය දක්වා පසුබැසිමට සිදු විය.

මේ අතර එදිනම නාවික හමුදා පාපන්දු සමාජය සහ රිනවුන් පාපන්දු ක්‍රීඩා සමාජය තරග වැදුණු අතර  ගෝල 5-4ක  තියුණු තරගයකින්අනතුරුව ජය ලැබු රිනවුන් ක්‍රීඩකයින්ට තරගාවලියේ අනුශුරතාවය හිමි විය. රිනවුන් පිළ වෙනුවෙන් එම්.සි.එම් රිෆ්නාස් ගෝල ත්‍රිත්වයක්වාර්තා කිරිමට සමත් විම කැපි පෙනුණි.

මෙම ශුරතාවයත් සමග කොළඹ පාපන්දු ක්‍රීඩා සමාජය 2015 වසර වෙනුවෙන් පැවැත් වූ ප්‍රධාන පාපන්දු ශුරතා ද්විත්වයක අයිතිය තමන් සතුකරගන්නට හැකිවිම විශේෂත්වයකි.

තරගාවලිය නැරඹීමට සහ ජය සංකේත ප්‍රධානොත්සවය සදහා ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා, ඩයලොග් ආසියාටා සමුහයේ ප්‍රධානවිධායක නිළධාරි හාන්ස් විජේසූරිය මහතා, ශ්‍රී ලංකා පාපන්දු සංගමයේ සභාපති අනුර ද සිල්වා මහතා එක්ව සිටියහ.