යොවුන් ක්‍රීඩකයින්ට බහරේනය හමුවේත් දැවැන්ත පරාජයක්

178

2020 වයස අවුරුදු 23න් පහළ AFC ශූරතාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සිය දෙවන තරගයෙන් ද ගෝල 9-0ක දැවැන්ත පරාජයකට මුහුණ දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ (24) සිදු විය. ඒ සත්කාරක බහරේන් කණ්ඩායමට එරෙහිවයි. ශ්‍රී ලංකාව පසුගිය 22 වැනිදා පලස්තීනය හමුවේ සිය පළමු තරගයට ක්‍රීඩා කළ අතර එම තරගයෙන් ද ගෝල 9-0ක් ලෙස දැවැන්ත පරාජයක් අත්විඳින්නට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු විය.  

පලස්තීනයෙන් ශ්‍රී ලංකාවට අනුකම්පා විරහිත ප්‍රහාරයක්

2020 වයස අවුරුදු 23න් පහළ AFC ශූරතාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සිය ආරම්භක තරගයෙන් ගෝල 9-0ක දැවැන්ත පරාජයක් ලබන්නට ශ්‍රී ලංකා…

බහරේන් කණ්ඩායමට ගෝල පිපාසාවකින් සිටි බවක් පෙනෙන්නට තිබූ අතර විනිසුරුගේ පළමු නලා නාදයේ සිටම ඔහු ශ්‍රී ලංකා අර්ධය ආක්‍රමණය ආරම්භ කරන ලදි.

14 වැනි මිනිත්තුවේ දී මොහොමඩ් ජසිම් මර්හූන් තරගයේ පළමු ගෝලය වාර්තා කළේ ඉතා පහසුවෙන් ශ්‍රී ලංකා ගෝල රකින්නා පසු කරමින් පන්දුව දැල වෙත යොමු කරමිනි.

ඊට මිනිත්තු නවයකට පසු මොහොමඩ් නසීම් අල්හම්සි බහරේන් ගෝල ගණන දෙගුණ කළ අතර 31 වැනි මිනිත්තුවේ දී ඔවුන් ගෝල හතරක් වාර්තා කරගෙන සිටියේ හසීම් සයාඩ් ඉසා (29) හා අබ්දුලාසිස් කලිඩ් (31) ගේ ගෝල ද්විත්වයත් සමඟයි. අවසන් ගෝල දෙකම වාර්තා වුනේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ අත්වැරදීම් හේතුවෙන් හිමි වූ දඬුවම් පහරවලින් වීම විශේෂත්වයක්.

පළමු අර්ධය අවසානයට පෙර මර්හූන් සිය දෙවන ගෝලයත් වාර්තා කළේ බහරේන් කණ්ඩායමට සාර්ථක පළමු අර්ධයක් සනිටුහන් කරමිනි.

පළමු අර්ධය: බහරේනය 05 – 00 ශ්‍රී ලංකාව

දෙවන අර්ධයේත් ඔවුන් සිය ආක්‍රමණශීලී ක්‍රීඩා විලාසය දිගින් දිගටම පවත්වා ගත්තේ ඔවුන්ට මීළඟට පැවැත්වෙන පලස්තීනය සමඟ තරගයේ දී ගෝල පරතරය ඉතා වැදගත් වන නිසාවෙනි.

ඒ අරමුණ සිතේ තබාගෙන සටන් කළ ඔවුන් දෙවන අර්ධය ආරම්භ වී මිනිත්තු තුනකට පසු තවත් ගෝලයක් වාර්තා කළේ Ahmed Abdulrahman Alsherooqiගේ උත්හාසයෙනි.

මතභේද රැසක් සමඟින් 23න් පහළ පාපන්දු සංචිතයක් නම් කරයි

ආසියානු පාපන්දු සම්මේලනය මඟින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 23න් පහළ ආසියානු කුසලාන පාපන්දු තරගාවලිය යටතේ පැවැත්වෙන සුදුසුකම් ලබා ගැනීමේ…

74 වැනි මිනිත්තුවේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තෙවැනි දඬුවම් පහරත් බහරේනයට පූජා කළ අතර Ahmed Mubarak Bughammar එම අවස්ථාවත් සාර්ථක කර ගත්තේ ගෝල ගණන ගෝල 7ක් දක්වා ඉහළ දමමිනි. 80 වැනි මිනිත්තුවේ දී ඔහු සිය දෙවන ගෝලය වාර්තා කළ අතර 85 වැනි මිනිත්තුවේ දී Hashim Sayed Isa තවත් සුපිරි ගෝලයක් වාර්තා කළේ ශ්‍රී ලංකා කණ්ඩායම අන්ත අසරණ කරමිනි.

අවසන් ලකුණු තත්වය: බහරේනය 09 – 00 ශ්‍රී ලංකාව

ගෝල වාර්තා කළ ක්‍රීඩකයෝ

  • බහරේනය – Mohamed Jasim Marhoon ’14, ‘45, Mohamed Naseem Alshamsi ’23, Hashim Sayed Isa ’29, ’86, Abdulaziz Khalid ’31, Ahmed Abdulrahman Alsherooqi ’48, Ahmed Mubarak Bughammar ’74, ’80

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<