පළමු අර්ධයේ අඩුපාඩු නිසාවෙන් ජයග්‍රහණය යේමනයට

82

කටාර් රාජ්‍යයේ දෝහා හි පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ආසියානු පාපන්දු කුසලානය සඳහා සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ දෙවන තරගය අද (08) යේමනය සමඟින් පැවැත්විය. එම තරගයේ ජයග්‍රහණය ලබා ගැනීමට යේමන කණ්ඩායම සමත් වූයේ ගෝල 3-0ක් ලෙසිනි. 

ශබීර් ශ්‍රී ලංකාවේ නම්බුව බේරා ගනී

2020 වසරේ පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19න් පහළ ආසියානු පාපන්දු ශූරතාව සඳහා සුදුසුකම්…

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියේ B කාණ්ඩය යටතේ තරග වදින අතර එම කාණ්ඩයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ පළමු තරගයේ දී කටාර් කණ්ඩායම හමුවේ ගෝල 5-1ක් ලෙස පරාජය වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු විය. යේමනය මෙම තරගයට පෙර ටර්ක්මෙනිස්තානය හමුවේ තරග වැදුණු අතර එහි දී ගෝල 2-1ක් ලෙස ජයග්‍රහණය ලබා ගැනීමට යේමනය සමත් විය. 

යේමනය සමඟින් පැවති තරගයේ මුල් මිනිත්තු කීපය තුල දී ශ්‍රී ලංකා ඉදිරිපෙළ සම්පූර්ණයෙන් ආක්‍රමණය කිරීමට යේමන කණ්ඩායම සමත් වූ අතර ප්‍රබල පන්දු හුවමාරු කිරීම් මඟින් තරගයේ ග්‍රහණය තමන් සතුකර ගැනීමට ඔවුන් උත්සාහ කළේය. තරගයේ 19 වැනි මිනිත්තුවේ දී ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීම ආරම්භ කළ යේමනය තම පළමු ගෝලය වාර්තා කිරීමට සමත් විය. ඒ එමාඩ් අල්ගොඩයිමහ් විසිනි.

ඉක්මන් ගෝලයක් මඟින් ප්‍රබල පීඩනයක් එල්ල කළ යේමනය තරගයේ වැඩි වේලාවක් පන්දුව තමන් සතුකරගැනීමට සමත්විය. තරගයේ 16 වැනි මිනිත්තුවේ දී නැවතත් ක්‍රියාත්මක වූ යේමනය තරගයේ දෙවන ගෝලය ද වාර්තා කළේ ශ්‍රී ලංකා ගෝල රකින්නා සම්පූර්ණයෙන් අසරණ කරමිනි. සර්ක් අල්හාර්බි එම ගෝලය වාර්තා කිරීමට සමත් විය. 

කෙසේ වෙතත් තරගයේ මීළඟ මිනිත්තු 20ක පමණ කාලය කණ්ඩායම් දෙකම ප්‍රබල සටනක නිරත වූ අතර යේමනය ගෝල ලබා ගැනීමට ගත් උත්සාහයන් කීපයක්ම සාර්ථකව වැළැක්වීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. 

Lionel Messiගේ සුපිරි දස්කම් නිසා Barcelonaට ජය

Lionel Messiගේ සුපිරි ගෝල ද්විත්වයේ සවියෙන් Real Valladolid ගෝල 5-1ක් ලෙස පරාජය…

තරගයේ 36 වැනි මිනිත්තුවේ දී ප්‍රබල ආක්‍රමණයක් දියත් කළ යේමන කණ්ඩායම තම තුන්වැනි ගෝලය ද වාර්තා කිරීමට සමත් විය. තුන්වැනි ගෝලය වාර්තා කිරීමේ ගෞරවය හිමි වූයේ මොහොමඩ් සඩේක් හටය. ඒ අනුව තරගයේ පළමු අර්ධය නිමාවී මටත් පෙරම තරගයේ පෙරමුණ ගෝල 3-0ක් ලෙස ලබාගැනීමට යේමනය සමත් විය. 

පළමු අර්ධය අවසන් වීමට පෙර තවත් ගෝලයක් ලබා ගැනීමට යේමනය උත්සාහ කළ ද එය සාර්ථක වූයේ නැත.. 

පළමු අර්ධය: යේමනය 3 – 0 ශ්‍රී ලංකාව 

ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන අර්ධයේ දී ප්‍රබල ක්‍රීඩා රටාවක නිරත වූ අතර පළමු අර්ධයේ දී සිදු වූ අඩුපාඩු මඟහරවා ගනිමින් ප්‍රබල යේමන ආක්‍රමණයන් සාර්ථකව වැළැක්වීමට සමත් විය. 

Lewandowski වාර්තා පිට වාර්තා පිහිටුවද්දී Ronaldo නොමැතිව Juventus පසුබසියි

මේ සති අන්තයේ දී ඉතාලි Serie A පාපන්දු පිටිය මෙන්ම, ජර්මානු Bundesliga,…

තරගයේ දෙවන අර්ධයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම පෙර ක්‍රීඩා රටාවන්ට වඩා වෙනස් ක්‍රීඩා රටාවක් අනුගමනය කළ අතර යේමන ආක්‍රමණයන් මනාව අවබෝධ කර ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පෙර අර්ධයට වඩා වැඩි වේලාවක් පන්දුව තමන් සතුකර ගැනීමට සමත් විය. 

තරගයේ නියමිත මිනිත්තු 90 අවසන් වන විට ගෝල තත්ත්වය දැක්වූයේ ගෝල 3-0ක් ලෙසිනි. තරගයේ නියමිත කාලය අවසන් වන තුරු කිසිඳු ගෝලයක් ලබාගැනීමට කණ්ඩායම් දෙකම සමත් වූයේ නැත. 

ඒ අනුව තරගය නිමා වූයේ ගෝල 3-0ක් ලෙස යේමනයට ජයග්‍රහණය හිමිකර දෙමිනි. 

අවසන් ලකුණු තත්ත්වය: යේමනය 3 – 0 ශ්‍රී ලංකාව

මෙම ජයග්‍රහණය යේමන කණ්ඩායම ලබා ගත් දෙවන ජයග්‍රහණය වන අතර එම ජයග්‍රහණය ඔවුන් B කාණ්ඩයේ ප්‍රථම ස්ථානයට ගෙන රැගෙන සමත් විය. ඔවුන් ලබාගෙන ඇති මුළු ලකුණු සංඛ්‍යාව 6කි. එම ජයග්‍රහණය ඔවුන්ට තරගාවලියේ දෙවන වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට අවස්ථාව සලසා දුන්නේය. 

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන තුන්වැනි හා අවසන් තරගය එළඹෙන 10 වැනිදා ටර්ක්මෙනිස්තානය සමඟින් පැවැත්වීමට නියමිතය.

ගෝල වාර්තා කිරීම

  • යේමනය: එමාඩ් අල්ගොඩයිමහ් 12′, සර්ක් අල්හාර්බි 16′, මොහොමඩ් සඩේක් 36′

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<