මහනුවරට පළමු ඉනිමේ ජයක්

192

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 23න් පහළ සුපිරි පළාත් කාන්තා ක්‍රිකට් තරගාවලියේ තවත් එක් තරගයක් අද (4) හොරණ ආරෝන් ක්‍රීඩා සමාජ පිටියේ දී අවසන් වූ අතර එම තරගයෙන් පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට මල්ෂා ෂෙහානි නායකත්වය දරණ මහනුවර කණ්ඩායම සමත් විය.

වැඩි වාසිය දඹුල්ල හා ගාල්ල කණ්ඩායම්වලට

ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 23න් පහළ කාන්තා සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලිය ඊයේ (2) කණ්ඩායම්…

කාසියේ වාසිය දිනාගත් දඹුලු කණ්ඩායම් නායිකාව වන හර්ශිතා මාධවී පළමුව පන්දුවට පහර දීමට සිය ප්‍රතිවාදී මහනුවර කණ්ඩායමට අවස්ථාව ලබා දුන්නාය. මහනුවර තෙල්දෙණිය මධ්‍ය විද්‍යාලයේ ක්‍රීඩිකාවක් වන වමතින් පිත්ත හසුරුවන සයනි ඔශාදී වර්ණවත් ලෙස පිතිකරණයේ නිරත වෙමින් ලකුණු 46ක් ලබාගත් අතර ඇයගේ ලකුණු ලබා ගැනීමේ රිද්මය නිසා මහනුවර කණ්ඩායම ප්‍රබල තැනක පසුවිය. කඩුලු 9ක් දැවී ලකුණු 126ක් ලබාගෙන සිටිය දී ඔවුන්ගේ පළමු ඉනිම අත්හිටුවීමට මහනුවර කණ්ඩායම් නායිකාව වන මල්ෂා ෂෙහානි තීරණය කළාය.

ලකුණු 126ක පළමු ඉනිමේ අවාසියක් සහිතව පිටියට පිවිසි දඹුල්ල කණ්ඩායමට නිසියකාරව පිතිකරණයේ නිරත වීම‍ට මහනුවර කණ්ඩායමේ සශිනි ප්‍රනාන්දු ඇතුළු ක්‍රීඩිකාවන් අවසර නොදුනි. එහි දී වමතින් මඳ වේගපන්දු යවන සයනි ඔශාදී ඇයගේ තුන් ඉරියව් දස්කම් දක්වමින් ලකුණු 18කට කඩුලු 5ක් දවා ගන්නා ලදි. අවසානයේ දඹුලු පළමු ඉනිම ලකුණු 49කට සීමා විය.

කොළඹ හා ගාල්ල අතර තරගයේ ඡායාරූප

ලකුණු 77ක පළමු ඉනිමේ වාසියක් ද සහිතව සිය දෙවන ඉනිම දියත් කරන ලද මහනුවර කණ්ඩායමට ඔවුන්ගේ පළමු ඉනිම වෙනුවෙන් සාර්ථක වීමට මෙහි දී අවස්ථාව නොලැබුණේ දකුණතින් පන්දු යවන සයනි දිනේශිකාගේ දස්කම් නිසාවෙනි. ඇය කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුවත් මහනුවර කණ්ඩායමේ පළමු ඉනිමේ ජය වැළැක්වීමට ඇයට නොහැකි විය.

මහනුවර පළමු ඉනිම – 126/9d (44): සයනි ඔශාදී 46, සශිනි ප්‍රනාන්දු 3/29.

දඹුල්ල පළමු ඉනිම – 49 (26.5): ලිහිණි අප්සරා 14, සයනි ඔශාදී 5/18, උමේෂා තිමේශනී 2/08.

 මහනුවර දෙවන ඉනිම –  30/5d (16.5): සයනි දිනේශිකා 3/09.

තරග ප්‍රතිඵලය – මහනුවර කණ්ඩායමට පළමු ඉනිමේ ජයක්

ලීග් ක්‍රමයට අනුව එක් කණ්ඩායමක්‌ තරග තුනකට සහභාගි වීමට නියමිත අතර අවසානයේ දී ලකුණු සටහනේ වැඩිම ලකුණු ලබා ගන්නා කණ්ඩායම තරගාවලියේ ජයග්‍රාහකයින් ලෙස නම් කරනු ඇත. එම තීරණය ලබා දෙන තීරණාත්මක අවසන් තරග දෙක හෙට (5) පහත පරිදි පැවැත්වීමට නියමිත අතර එහි තරග වාර්තා හා ඡායාරූප ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න.

  • මහනුවර හා කොළඹ අතර බණ්ඩාරගම දී
  • ගාල්ල හා දඹුල්ල අතර ආරොන් ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණය, හොරණ

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<